බටලන්දේ නිර්දේශ අනුව රනිල්ගේ ප්‍රජා අයිතිය හැකිනම් අහෝසි කරන්න - පෙරටුගාමීන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
බටලන්ද කොමිසමේ නිර්දේශවලට අනුකුලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ලෙස ජන අරගල සන්ධානය, ආණ්ඩුවට බලකර සිටියි.
ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව එම කාරණය අවධාරණය කර සිටියේ, "ජන අරගල සන්ධානය'' විසින් ඊයේ (07) කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.
එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව, දහස් ගණනක් වද බන්ධනයට ලක් කර මරා දැමූ බටලන්ද වධකාගාරය පිළිබඳව ඉදිරිපත් වුන බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම කොමිෂන් සභාවේ නිර්දේශ කර ඇති ආකාරයට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීම සිදුකිරීමට මේ ආණ්ඩුවට හැකිදැයි තමන් දැඩි අවධාරණයකින් යුතුව බලා සිටින බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,
සමස්ත රටේම ජනතාව ජාත්‍යන්තරය ඉදිරිපිට අවඥාවට ලක් කළා...
" හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මිහිත් හසන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඊයේ අල් ජසීරා නාලිකාව ඔස්සේ විකාශනය වුණා. මේ සාකාච්ඡාව කියන්නේ රටේ ජනතාව වෙත මේ රටේ දේශපාලනයේ ඉතාම දරුණු සහ ඛේදජනක පැතිකඩක නිරාවරණය වීමක්. අපි හිතනවා මේ සමස්ත සම්මුඛ සාකච්ඡාව මේ රටේ සියලු ජනතාව නැරඹිය යුතුයි කියලා. මේ රාජ්‍යයේ නිර්ලජ්ජිත හැසිරීම සහ බලයට මුවා වෙලා මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන විදිහ ජනතාවට යම් තරමකින් තේරුම් ගන්න පුලුවන් මේ සාකච්ඡාවෙන්.
බලයට මුවා වෙලා දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කරමින් රට පුරා භීතිය සහ වෛරය් වපුරපු දාම ඝාතකයෙක් ගේ විසුළු සහගත ප්‍රකාශනය තමයි ඊයේ අල් ජසීරා නාලිකාව විකාශනය කලේ. සමාජයක් ඉදිරිපිට කිසිඳු බියක් නැතුව සිනහමුසු මුහුණින් ඒ කරපු ප්‍රකාශයෙන් තේරුම් ගන්න පුලුවන් මේ දාම ඝාතකයාගේ මෙලෙච්ඡ මානසිකත්වයේ තරම.
ඒ වගේම තමයි ඔහු සමස්ත රටේම ජනතාව තමයි ඒ ජාත්‍යන්තරය ඉදිරිපිට අවඥාවට ලක් කලේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..