
බටලන්දේ නිර්දේශ අනුව රනිල්ගේ ප්‍රජා අයිතිය හැකිනම් අහෝසි කරන්න - පෙරටුගාමීන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
බටලන්ද කොමිසමේ නිර්දේශවලට අනුකුලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ලෙස ජන අරගල සන්ධානය, ආණ්ඩුවට බලකර සිටියි.
ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව එම කාරණය අවධාරණය කර සිටියේ, "ජන අරගල සන්ධානය'' විසින් ඊයේ (07) කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.
එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව, දහස් ගණනක් වද බන්ධනයට ලක් කර මරා දැමූ බටලන්ද වධකාගාරය පිළිබඳව ඉදිරිපත් වුන බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම කොමිෂන් සභාවේ නිර්දේශ කර ඇති ආකාරයට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීම සිදුකිරීමට මේ ආණ්ඩුවට හැකිදැයි තමන් දැඩි අවධාරණයකින් යුතුව බලා සිටින බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,
සමස්ත රටේම ජනතාව ජාත්‍යන්තරය ඉදිරිපිට අවඥාවට ලක් කළා...
" හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මිහිත් හසන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඊයේ අල් ජසීරා නාලිකාව ඔස්සේ විකාශනය වුණා. මේ සාකාච්ඡාව කියන්නේ රටේ ජනතාව වෙත මේ රටේ දේශපාලනයේ ඉතාම දරුණු සහ ඛේදජනක පැතිකඩක නිරාවරණය වීමක්. අපි හිතනවා මේ සමස්ත සම්මුඛ සාකච්ඡාව මේ රටේ සියලු ජනතාව නැරඹිය යුතුයි කියලා. මේ රාජ්‍යයේ නිර්ලජ්ජිත හැසිරීම සහ බලයට මුවා වෙලා මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන විදිහ ජනතාවට යම් තරමකින් තේරුම් ගන්න පුලුවන් මේ සාකච්ඡාවෙන්.
බලයට මුවා වෙලා දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කරමින් රට පුරා භීතිය සහ වෛරය් වපුරපු දාම ඝාතකයෙක් ගේ විසුළු සහගත ප්‍රකාශනය තමයි ඊයේ අල් ජසීරා නාලිකාව විකාශනය කලේ. සමාජයක් ඉදිරිපිට කිසිඳු බියක් නැතුව සිනහමුසු මුහුණින් ඒ කරපු ප්‍රකාශයෙන් තේරුම් ගන්න පුලුවන් මේ දාම ඝාතකයාගේ මෙලෙච්ඡ මානසිකත්වයේ තරම.
ඒ වගේම තමයි ඔහු සමස්ත රටේම ජනතාව තමයි ඒ ජාත්‍යන්තරය ඉදිරිපිට අවඥාවට ලක් කලේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
