ගෝඨා ආරක්ෂා කළ බවට චෝදනා එල්ලවෙද්දී රනිල්ගේ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වේ... කතෝලික පල්ලිය ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
අද (6) විකාශය වූ අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහන සඳහා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ හය වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ, බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමෙන් ඔහුව ආරක්ෂා කළ බවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කළේය.
2019 දී ශ්‍රී ලංකාව කැළඹූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරවලට රජයේ සම්බන්ධතා ඇති බවට එල්ල වන චෝදනා විශ්වාසදායක ලෙස විමර්ශනය කිරීමට ඔහුගේ පරිපාලනය අපොහොසත් වූ බවට එල්ල වූ චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.
මෙහ්ඩි හසන් සමඟ පැයක් පුරා පැවති මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර වරක් කෝපයට රනිල් වික්‍රමසිංහ අතරමග නැගිට යන බවට තර්ජනය කරනු දැකගත හැකිවිය.
කෙසේවෙතත් උණුසුම් සංවාදයක් පැවැති බව අල් ජසීරා වාර්තා කරයි.
රටේ සිවිල් යුද්ධයෙන් පසු රජය යුද අපරාධ විමර්ශන හැසිරවීම සහ 1980 ගණන්වල අගභාගයේදී රනිල්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලද වධහිංසා පැමිණවීම් පිළිබඳ චෝදනා ද ඔහු ප්‍රතිෂේප කළේය.
“මගේ රටේ, නඩු පැවරීම තීරණය කරන්නේ දේශපාලන චරිතයක් නොවන නීතිපතිවරයායි. අපට කළ හැක්කේ ඔහුට සාක්ෂි යැවීම පමණයි”
2022 දී මහජන විරෝධතාවලින් පසු රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහු පෙනීසිටියේ මන්දැයි විමසූ විට රනිල් වික්‍රමසිංහ එසේ පැවසීය.
ගෝඨාභය සහ හිටපු අගමැති සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ යන දෙදෙනාටම දූෂණ හා රට විශාල මූල්‍ය අර්බුදයකට ඇදදැමීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස චෝදනා එල්ල වී තිබේ.
2022 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමකින් තොරව නැවත රටට ඇතුළුවීමට ඉඩදීම සම්බන්ධයෙන්ද රනිල්ට මෙහිදී චෝදනා එල්ලවිය.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මෙහිදී තර්ක කළේ ගෝඨාභයට කිසිදු චෝදනාවක් නොමැති බව පවසමිනි.
ISIS සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් සිදුකරන ලද 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ ‘වෙනත් බලවේග’ ඔහුගේම පාලනය විසින් ආරක්ෂා කර ඇති බවට කතෝලික පල්ලිය විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ලවිය.
ඊට පිළිතුරු දෙමින් රනිල් පැවැසුවේ එම චෝදනා සියල්ල “විකාර” බවත් කතෝලික පල්ලිය “දේශපාලනය කරන” බවත්ය.
මූලාශ්‍ර - News Wire
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්