
ගෝඨා ආරක්ෂා කළ බවට චෝදනා එල්ලවෙද්දී රනිල්ගේ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වේ... කතෝලික පල්ලිය ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
අද (6) විකාශය වූ අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහන සඳහා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ හය වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ, බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමෙන් ඔහුව ආරක්ෂා කළ බවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කළේය.
2019 දී ශ්‍රී ලංකාව කැළඹූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරවලට රජයේ සම්බන්ධතා ඇති බවට එල්ල වන චෝදනා විශ්වාසදායක ලෙස විමර්ශනය කිරීමට ඔහුගේ පරිපාලනය අපොහොසත් වූ බවට එල්ල වූ චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.
මෙහ්ඩි හසන් සමඟ පැයක් පුරා පැවති මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර වරක් කෝපයට රනිල් වික්‍රමසිංහ අතරමග නැගිට යන බවට තර්ජනය කරනු දැකගත හැකිවිය.
කෙසේවෙතත් උණුසුම් සංවාදයක් පැවැති බව අල් ජසීරා වාර්තා කරයි.
රටේ සිවිල් යුද්ධයෙන් පසු රජය යුද අපරාධ විමර්ශන හැසිරවීම සහ 1980 ගණන්වල අගභාගයේදී රනිල්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලද වධහිංසා පැමිණවීම් පිළිබඳ චෝදනා ද ඔහු ප්‍රතිෂේප කළේය.
“මගේ රටේ, නඩු පැවරීම තීරණය කරන්නේ දේශපාලන චරිතයක් නොවන නීතිපතිවරයායි. අපට කළ හැක්කේ ඔහුට සාක්ෂි යැවීම පමණයි”
2022 දී මහජන විරෝධතාවලින් පසු රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහු පෙනීසිටියේ මන්දැයි විමසූ විට රනිල් වික්‍රමසිංහ එසේ පැවසීය.
ගෝඨාභය සහ හිටපු අගමැති සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ යන දෙදෙනාටම දූෂණ හා රට විශාල මූල්‍ය අර්බුදයකට ඇදදැමීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස චෝදනා එල්ල වී තිබේ.
2022 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමකින් තොරව නැවත රටට ඇතුළුවීමට ඉඩදීම සම්බන්ධයෙන්ද රනිල්ට මෙහිදී චෝදනා එල්ලවිය.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මෙහිදී තර්ක කළේ ගෝඨාභයට කිසිදු චෝදනාවක් නොමැති බව පවසමිනි.
ISIS සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් සිදුකරන ලද 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ ‘වෙනත් බලවේග’ ඔහුගේම පාලනය විසින් ආරක්ෂා කර ඇති බවට කතෝලික පල්ලිය විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ලවිය.
ඊට පිළිතුරු දෙමින් රනිල් පැවැසුවේ එම චෝදනා සියල්ල “විකාර” බවත් කතෝලික පල්ලිය “දේශපාලනය කරන” බවත්ය.
මූලාශ්‍ර - News Wire
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
