පොහොට්ටුවෙන් මාතරට නිපුන වෙනුවට ලක්ෂ්මන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක ලෙස හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කිරීමට එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් විධායක සභාව අද (02දා) ඒකමතිකව තීරණය කළේය.
එම පක්ෂයේ හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිපුණ රණවක මහතා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කළේය.
මාතර දිස්ත්‍රික් නායකත්වයට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලයේ සභාපතිධුරයටද අබේවර්ධන මහතා පත් කෙරිණි. එම මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පත්විය.
පසුගිය මහමැතිවරණයෙන් පසු දේශපාලනයෙන් සමු ගැනීමට අදහස් කර සිටින තමන් නාමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි නව තනතුර භාර ගත් බවත් ඉදිරියේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බව අබේවර්ධන මහතා පැවැසීය.
පසුගිය ජනපතිවරණ කාලයේදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකළ අතර ඔහුගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතා ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..