වගා හානි කරන වන සතුන්ගේ සංගණනයක් - නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ගම් වැදී වගා හානි කරන සියලු වන සතුන්ගේ සංගණනයක් ලබන 15 වැනිදා ලංකාව පුරා සියලු ග්‍රාමසේවා වසම් වල සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අදාල සංගණනය සඳහා රාජ්‍ය නිලධාරීන් පැමිණි පසු තමන්ගේ වත්තේ රිලව්,දඩුලේනුන් මොනරුන් ඇතුළු වන සතුන් කීයක් සිටියා දැයි විනාඩි පහක් ඇතුලත ඇතුළත ගණන් කොට නිලධාරීන්ට දැනුම් දිය යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අයිතිකරුවන් නැති ඉඩම් තිබේ නම් රජයේ නිලධාරීන් මගින් එම වතු වලද සංගණනය කරන බව සඳහන් කළේය.
විනාඩි පහක් වැනි නිශ්චිත කාලයක් අදාළ සංගණනය සඳහා යොදා ගන්නේ වන සතුන් වෙනත් වතු වලට පලා යෑමෙන් දෙවරක් ගණනය වීම වැලැක්වීම සඳහා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
අදාල සංගණනයෙන් පසුව වන සත්ව හානිය සඳහා යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන්නේ යැයිද කරුණාරත්න මහතා සඳහන් කළේය.
සතුන් වනය අතහැර මිනිස් වාසයට ආවේ ඇයිද යන ප්‍රශ්නයට විසැඳුමක් සෙවිය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට විසැඳුමක් නොසොයා වට වන්දනාවේ යෑමෙන් පලක් නොවන බව කීය.
වනාන්තර ඇතුලේ ප්‍රමාණවත් තරම් සතුන්ට ආහාර සහ ජලය තිබුණා නම් වන සතුන් ගම් වදින්නේ නැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම නිසා ඉදිරියේදී වනාන්තර පෝෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ උපවාසය අත්නොහරී..
ඩොලර් මිලියන 808ක් ලේඛණවල නෑ.. මහ බැංකුව කියනවා පොඩි දෙයක්ලු.. - දිනන දකුණ සාමූහිකය
ලෝකයේ ලොකුම ජාවාරම දත්ත ජාවරම බව කී ජනාධිපතිත් මේ ජාවාරමට හවුල් වෙලාද ඉන්නේ? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ - මුදල් නියෝජ්‍ය ඇමති
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..