
වගා හානි කරන වන සතුන්ගේ සංගණනයක් - නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ගම් වැදී වගා හානි කරන සියලු වන සතුන්ගේ සංගණනයක් ලබන 15 වැනිදා ලංකාව පුරා සියලු ග්‍රාමසේවා වසම් වල සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අදාල සංගණනය සඳහා රාජ්‍ය නිලධාරීන් පැමිණි පසු තමන්ගේ වත්තේ රිලව්,දඩුලේනුන් මොනරුන් ඇතුළු වන සතුන් කීයක් සිටියා දැයි විනාඩි පහක් ඇතුලත ඇතුළත ගණන් කොට නිලධාරීන්ට දැනුම් දිය යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අයිතිකරුවන් නැති ඉඩම් තිබේ නම් රජයේ නිලධාරීන් මගින් එම වතු වලද සංගණනය කරන බව සඳහන් කළේය.
විනාඩි පහක් වැනි නිශ්චිත කාලයක් අදාළ සංගණනය සඳහා යොදා ගන්නේ වන සතුන් වෙනත් වතු වලට පලා යෑමෙන් දෙවරක් ගණනය වීම වැලැක්වීම සඳහා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
අදාල සංගණනයෙන් පසුව වන සත්ව හානිය සඳහා යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන්නේ යැයිද කරුණාරත්න මහතා සඳහන් කළේය.
සතුන් වනය අතහැර මිනිස් වාසයට ආවේ ඇයිද යන ප්‍රශ්නයට විසැඳුමක් සෙවිය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට විසැඳුමක් නොසොයා වට වන්දනාවේ යෑමෙන් පලක් නොවන බව කීය.
වනාන්තර ඇතුලේ ප්‍රමාණවත් තරම් සතුන්ට ආහාර සහ ජලය තිබුණා නම් වන සතුන් ගම් වදින්නේ නැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම නිසා ඉදිරියේදී වනාන්තර පෝෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
