
නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ උත්සාහයක් ගැන හෙළිදරවවක
නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව තුළ අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ උත්සාහයන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා රජයට ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත මෙම වාර්තා පදනම් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ, ඇතැම් ආගමික ක්‍රියාකාරකම් සිදුකරන ස්ථාන නිරීක්ෂණය කිරීමේදී විශේෂයෙන්ම ළමුන් අන්තවාදී මතවාදවලට යොමුකර ඇති බව අනාවරණ වී ඇති බවයි.
මෙම අන්තවාදී මතවාදයන් ඉස්ලාමයේ ඉගැන්වීම්වලට පටහැනි බව ද ඔහු පවසයි.
“මෙවැනි ක්‍රියාකාරකම් බොහොමයක් කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශය ක්‍රියාකාරකම් අධීක්ෂණය තීව්‍ර කර තිබෙනවා. නැවත රට තුළ අන්තවාදය, ජාතිවාදය පැතිරවීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න අංකුරෙන්ම නැති කරන්න අපි කටයුතු කරනවා.” යනුවෙන් ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
මේ අතර, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරකයන්ට එල්ල විය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ලැබීමෙන් පසු හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට පැවසීය.
බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රජය වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, ඉදිරියේදීද එලෙස කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.
(Sunday Times)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
