වාරියපොළ සුමංගල නාහිමි දිනය අදයි..
වාරියපොල ශ්‍රී සුමංගල හිමි 1815 මාර් තු 02 වන දින ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය ධජය ඔසවා අදට වසර 210කි.
1815 මාර්තු 02 වන දින මහමළුවේ දී ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය අහසට නංවාලූ වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි. අදින් වසර දෙසීයකටත් පෙර එනම් 1815 මාර්තු 02 ගුරු දින ලංකා ඉතිහාසයේ තවත් අමරණීය වූ සිද්ධියක් සනිටුහන් වියග එය ඉතිහාසඥයන් හඳුන්වන්නේ උඩරට ගිවිසුම යනුවෙනු යි.
1815 පෙබරවාරි මස 18 වනදා ඉංගීරිම සි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලදී. ඒ සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ ද සංවේගදායක වූ ද කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර ද අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු.
1815 මාර්තු 02 වන දින මහනුවර දී රට භාර ගැනීමේ උඩරට ගිවිසුම අත්සන් කරන බවට ප්‍රකාශ කෙරිණ. කපුවත්තේ, මිල්ලව, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ නිලමේවරු සිංහල පක්ෂවය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියහ. ඒ පසුබිමෙහි යෝධ සෙවණැල්ලක් මෙන් වැජඹුණේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන්ය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ සුවිශේෂ ගෞරවාදරයට පාත්‍රව සිටි වාරියපොළ සුමංගල හිමිපාණෝ එවකට සුදුහුම්පොළ විහාරාධිපති ධූරය හෙබවූහ. ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්ස්ගේ භාරකාරත්වය ද සුමංගල හිමිපාණන්ට පැවරී තිබුණි.
පෙබරවාරි 28 වනදා ඉහත සඳහන් කළ රදල නිලමේවරු මාර්තු 02 වනදා අත්සන් කිරීමට නියමිත දේශදෝහී ගිවිසුම ගැන සුමංගල මාහිමිපාණන් සමඟ කතිකාවතක යෙදෙන්නට තීරණය කර හිමිපාණන් හමුවී වැඳ පුදා අවසර ගත්හ.
සුමංගල හිමිපාණන්ගේ අභීත අදීන තියුණු ගැඹුරු කට හඬ අවදි කෙරිණි. නිලමේවරු එකත්පස්ව සිටිති.
‘‘දැන් මේ තිරණාත්මක අවස්ථාවේදී අප විසින් අපේ සිරිත් විරිත් ආගම ජාතිය ආරක්ෂා වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංග්‍රීසින් විසියෙන් ලබා ගත යුතුයි. එබඳු පොරොන්දුවකට අත්සන් කරන තෙක් ඉංගීසි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ.”
අභීත කේශර සිංහරාජයෙකු සේ සිය දැඩි ස්ථාවර පළ කළ සුමංගල හිමිපාණෝ සිංහල රාජධානියේ අවසාන ලිපිය සකස් කරන්නට සූදානම් වූහෙ. දේශනුරාගයෙන් ජාත්ශල්‍යෙයන් ඔද වැඩුණු සුමංගල හිමිපාණෝ අපට අපේ ජාතියට ආගමට දේශයට ස්වාධීනත්වයට වාසිවන ආකාරයේ වගන්ති කීපයකින් යුක්තව අදාළ කෙටුම්පත සකස් කළහ.
මාර්තු 02 වන දිනය වූ ඒ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්‍රී දළදා මාළිගාවෙහි වැඩ සිටියහ.
කල්තබා ඇතිකර ගත් නියමයන්ට අනුව ජෝන් ඩොයිලි විසින් සිංහල ඉංගීරමාළසි කොඩි ඔසවනු ලැබීමට සූදානම් වන ලෙස මහනුවර මඟුල් මඩුව ඉදිරිපස පෙළ සැදී සිටි සිංහල ඉංග්‍රීසි සෙන්පති දෙපලට නියම කරන ලදී. අනෙක් පසක සිංහල, ඉංග්‍රීසි සෙනවියෝ පෙළ ගැසී සිටියහ. තවත් සුළු මොහොතින් තමන්ගේ කතිර කොඩිය අහස් තලයෙහි ලෙළ දෙන වග දැන දැනත් බල කාමයෙන් නිල කාමයෙන් වියරු වැටුණු ඉංගීසි අසි සෙන්පතියා කතිර කොඩිය අහසට නංවාලීය.
ආත්ම විශ්වාසයෙන් ආත්මාභිමානයෙන් ල ජාත්යාිනුරාගයෙන් තෙදවත් වූ වාරියපොළ හිමිපාණෝ අභීත කේසර සිංහ රාජයෙකු සේ ඉංගීරනය සි සෙන්පති ඉදිරිට පැමිණියහග ‘‘තොපිට තොපගේ කොඩිය දැන්ම මෙහි ඔසවන්නට ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවරෙක්” දැයි දැඩි ස්වරයෙන් ප්රපශ්න කළහ. ඒ සමඟම ක්ෂණයකින් ම කතිර කොඩිය පහතට ඇද බිම දමා පයින් පෑගූහ.
ගිවිසුම අත්පත් කිරීමට තවත් කල්වේලා තිබෙන බව ප්‍රකාශ කර සිංහල කොඩිය අහසට නංවාලූහ. මෙම වීර වික්රතමාන්විත ක්රි්යාවෙන් කෝපයට පත් ඉංගීර කරසි සෙනෙවියකු කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොළ හිමිපාණන් වෙත හෙළන්නට සූදානම් වෙත්ම ජෝන් ඩොයිලි ඉදිරියට පැන කඩු පහර වැළැක්විය. ඒ පමණක් නොව කතිර කොඩිය සම්මතයට එරෙහිව එසෙවීම පිළිබඳව අපේ ශ්රේුෂ්ඨ බුද්ධ පුත්ර්යාගෙන් සමාව අයැද සිටියේය. 1818 අරගල සමයෙහි වීරකැප්පෙටිපොළ වෙතට දළදා වහන්සේ භාරවූයේත් වාරියපොළ හිමිපාණන්ගේ මෙහෙයවීමෙනි. සිංහලේ රජ කිරුළ සිංහල බෞද්ධයෙකුට උරුම කරදී අතීත උරුමයන් යළිත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම අප නාහිමිපාණන්ගේ උතුම් අභිලාෂය විය.
අපේ දේශයේ ජාතියේ හා බෞද්ධ ආගමේ අනාගත චිරස්ථිතිය උදෙසා දේශපේරත කමයෙන් ජාතිවාත්සල්යතයෙන් ආත්ම පරිත්යාිගයෙන් අමිල මෙහෙවරක් ඉටුකළ වීරෝදාර ජාතික නායකත්වයක් ගොඩ නැගු වාරියපොළ ශ්රීෙ සුමංගල නාහිමිපාණෝ වර්ෂ 1831 අමරණීය නාමයක් ජාතියට ඉතිරිකර අපවත් වී වදාළහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්