
අඛණ්ඩ ඉන්ධන සැපයුම... සංස්ථාවෙන් සහතිකයක්
අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.
එහි සභාපති ඩී.ඡේ රාජකරුණා සඳහන් කළේ, සති අන්ත නිවාඩු දිනයක් වන අද දිනයේ ද ඉන්ධන බෙදාහැරීම සිදු කෙරෙන බවයි.
කෙසේ වෙතත් සියයට තුනක වට්ටම් සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
දිවයින පුරා ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ පෙරේදා සිට පැවති ඉන්ධන පෝලිම් ඊයේ රාත්‍රීය වන විට සැළකිය යුතු මට්ටමකින් අඩු වූ බවයි අප වාර්තාකරුවන් පෙන්වා දුන්නේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්ධන බෙදුම්කරුවන් අතර මෙතෙක් පැවැති බෙදුම්කාරීත්ව ගිවිසුම අනුව පිරවුම්හලකින් අලෙවි කෙරෙන සෑම ඉන්ධන ලීටරයකටම සියයට 3 ක වට්ටමක් එම පිරවුම්හල් හිමිකරුවන්ට හිමිවුණා.
කෙසේ වෙතත් එම ගිවිසුම ඊයේ සිට අහෝසි කිරීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණේ. ඒ, අදාළ වට්ටමේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්.
ඒ අනුව පිරවුම්හල්වල වියදම, පිරවුම්හල් අතර දුර , මාසිකව අලෙවි කරනු ලබන තොග ප්‍රමාණය, ආරම්භයේ සිට වසර 05 ක කාලයක් පවත්වාගෙන ආ දත්ත යන සාධක මත පදනම්ව පිරවුම්හල් වර්ගීකරණය කර ඇති අතර ඒ මත ඔවුන්ට ලබාදෙන වට්ටමේ ප්‍රමාණය තීරණය කෙරෙනවා.
මෙම තත්ත්වයත් සමග පිරවුම්හල් වෙත ජනතාව විශාල වශයෙන් පැමිනීම හේතුවෙන් පෝලිම් දක්නට ලැබුණා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
