මේ ආණ්ඩුව වට්ටන එක හීනයක් – ජනපති අනුර කියයි
ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැ ගෙන මෙම ආණ්ඩුව වට්ටන බවට කවුරුන් හෝ සැලසුම් කරන්නේ නම් එය සිහිනයක් පමණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
පාර්ලිමේන්තු සභාගර්භයට අද (28) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා සභාව ඇමතීම සිදු කළේය.
ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වී තිබෙනව බවත්, ජනතාව බයෙන් ජීවත්වන බවත් පවසමින් ආණ්ඩුව ඉල්ලා අස් වී වෙනත් පාර්ශවයකට රට භාර දිය යුතු බවට පසුගිය කාලය පුරාවට ඇතැම් දේශපාලඥයින් මත පළ කළ බවයි.
කෙසේ නමුත් ආණ්ඩුවට එරෙහිව නව තුරුම්පු සොයා ගන්නා ලෙසද ජනාධිපතිවරයා විපක්ෂයට දැනුම් දීමක් සිදු කළේය.
“මාර්තු මාසය වෙනකොට ආර්ථික විශාල අර්බුදයකට පත් වෙනවා. මාර්තු මාසයේ යළි ආණ්ඩු වලබා ගන්න පුළුවන් අර්බුදය නිසා කියලා බොහෝ අය පුවත් නිර්මාණය කරන්න පටන් ගත්තා, හැබැයි අද ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත තුන්වන සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරනවා. ඉතාම සුබදායී ප්‍රතිඵලයක් ඒවි, ආර්ථීකයේ ඉතාමත් ස්ථාවර තත්වයට අපි ගමන් කරමින් ඉන්නවා. ඉන් පසුව වාහන ආනයනය විවෘත කළාම විශාල ලෙස ඩොලරයට තෙරපුමක් එයි , ඒ හරහහා ඩොලරය රටට දරාගත නොහැකි මට්ටමින් ඉහළට යාවි කියලා බලාපොරොත්තුවක් තිබ්බා නමුත් මම හිතන්නෙ දැනට ඩොලර් මිලියන 117ක පමණ lc විවෘත වෙලා තියෙනවා. ඉතින් ඩොලරයේ අගය තිබුණාටත් වඩා අඩුවෙමින් තියෙනවා. ඒ නිසා ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැ ගන්න පුළුවන් කියලා ඒක අවසන් දැන්. ” යනුවෙන් ද ජනාධිපතිවරයා කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්