News Category
From Date
To Date
Maximum Number of Result

යුක්‍රේනයේ රූකඩ පාලනය සහ යුරෝපීය අනුග්‍රාහකයින් පරාජය කරන බවට මම සහතික වෙනවා.... රුසියානු තානාපති

Feb 28, 2025 at 05:18 PM
|

යුක්‍රේනයේ රූකඩ පාලනය සහ යුරෝපීය අනුග්‍රාහකයින් පරාජය කරන බවට සහතික වන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති LEVAN S. DZHAGARYAN මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ පසුගිය 26 වැනිදා ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවති  "යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව"  (Ukraine Proxy War: The Truth and Lies) නමින් 'අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය' විසින් සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසුව එහි සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

 

රුසියානු තනාපතිවරයා විසින් සිදුකළ සම්පූර්ණ කතාවේ සිංහල පරිවර්ථනය පහතින් 


‘‘හිතවත් වීරවංශ මහතාණෙනි, හිතවත් මිත්‍රවරුනි,

කියුබානු සහ චීන මහජන රජයේ තානාපති කාර්යාලවල හිතවත් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයිනි,

මා මිත්‍ර  වීරවංශ මහතාණෙනි, පළමුවෙන්ම ඔබතුමාට ගොඩාක් ස්තූතියි මෙම රැස්වීම සංවිධානය කිරීම පිළිබඳව.

විශේෂයෙන්ම, මෙම සංවේදී කාල වකවානුවේදී මෙය ඉතාමත්ම බලවත් සහ වැදගත් රැස්වීමක් වනවා මගේ රටට.

ඒ වගේම, මෙහි ඔබ අතර සිටීමට අවස්ථාව ලැබීම මට විශාල ගෞරවයක්.

මට සිංහල භාෂාව තේරෙන්නේ නැති වුණත්, මගේ සඟයින් විසින් යුක්‍රේනයේ මෙම යුක්‍රේන ප්‍රොක්සි යුද්ධයට හේතු ඉතා සවිස්තරාත්මකව වාර්තා කර ඇති බවට මට කිසිදු සැකයක් නැහැ.

ඒ වගේම අපිට මෙම විශේෂ යුධ මෙහෙයුම ආරම්භ කිරීමට බල කෙරුණු හේතු පිළිබඳවත් මම වචන කිහිපයක් කෙටියෙන් කතා කිරීමට කැමති. මොකද මාගේ ගෞරවණීය මිත්‍රයා වීරවංශ මහතා දැනටමත් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

අපි බටහිර රටවලින් බොහෝ වාරයක් ඉල්ලා සිටියා, විශේෂයෙන්ම පසුගිය ඇමෙරිකානු ඩිමොක්රිටික් පරිපාලනයෙන්, අපගේ ආරක්ෂක ගැටළු වලට ගරු කරන ලෙසට.

අපගේ දේශසීමා වලට ආසන්නව නේටෝ යටිතල පහසුකම් දකින්නට අපට අවශ්යු නැහැ.

රුසියාවට එරෙහි ලීවරයක් වශයෙන් යුක්‍රේනයේ නේටෝ සාමාජිකයෙකු ලෙස දකින්නට අපිට අවශ්‍ය නැහැ.

රුසියාව වැට්ටවීමට ප්‍රධාන හේතුව තමයි ලෝක ආධිපත්‍යය සඳහා යන ගමනට ඇමෙරිකාවට ඇති ප්‍රධාන බාධක වලින් එකක් රුසියාව වීමයි.

ලෝකයේ කිසිම රටක ආධිපත්‍යය අපිට පිළිගන්න බැහැ.

අපිට විතරක් නෙමෙයි අනෙකුත් ස්වාධීන රටවලටත්.

නමුත්, ඔවුන් එයට ගරු කළේ නැහැ. අන්න ඒ නිසායි, මෙම හමුදා මෙහෙයුම දියත් කිරීම සඳහා අපිට බල කෙරුණේ.

ඒක රුසියානු - යුක්‍රේන යුද්ධයක් නෙමෙයි.

ඒක රුසියානු - යුක්‍රේන යුද්ධයක් වුණානම්, අපි ඉතා ඉක්මණින් යුක්‍රේනය පරාජය කරලා.

මොකද, ඔබට රුසියානු හමුදා බලය සහ යුක්රේන හමුදා බලය සංසන්දනය කරන්නට බැහැ.

අපි දැනටමත් බොහෝ වාරයක් සාකච්ඡා කරන්නට සූදානම්ව සිට තිබෙනවා. 2024 වසරේ මින්ස්ක් ගිවිසුම, 2022 වසරේ ඉස්තාම්බුල් ගිවිසුම....

නමුත්, බටහිර රටවල් සහ යුක්‍රේනයේ රූකඩ ආණ්ඩුව බොහෝ වාරයක් අපිව රැවටුවා.

යුක්රේමනය කියන්නේ, ඇමෙරිකාවේ සහ යුරෝපයේ අත් වලින් නැටවෙන රූකඩයක්.

දැන්, රිපබ්ලිකන් පක්ෂය නැවතත් ඇමෙරිකාවේ බලයට පැමිණීමත් එක්ක, ට්රේම්ප් ජනාධිපතිවරා ඉතා ප්රා,යෝගික නිසා, දේශපාලන විසඳුමකට අවස්ථාවක් ලබාගැනීමට කවුළුවක් විවෘත වෙලා තියෙනවා. 

ඔබ දන්න විදිහට, අපි මේ වන විටත් ඇමෙරිකානු පරිපාලනයත් එක්ක සාකච්ඡ ආරම්භ කරලා තියෙනවා.

ඒත්, මේ වෙලාවේ යුරෝපා රටවල් එක්කනම් නෙමෙයි....

මොකද, ලොකු මහත්තුරු දෙදෙනෙකු කතා කර අවසන් වන තුරු ඔවුන්  ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන තුරු බලාගෙන සිටිය යුතුයි.

නමුත්, අපි ඇමෙරිකාවත් එක්ක කතා කරන්නේ යුක්රේන ගැටළුව ගැන විතරක් නෙමෙයි. අපි අපේ ද්වීපාර්ශ්වික සබඳතා ගැනත් සාකච්ඡා කරනවා. ඇමෙරිකානු - රුසියානු සබඳතා සාමාන්‍ය මට්ටමට ගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. 

උදාහරණයකට මැද පෙරදිග, ගාසා තීරය,

අපි ලෝකයේ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරනවා.

ඒ වගේම, ඇමෙරිකානු පරිපාලනය සමඟ අපගේ සම්බන්ධතාවල ප්‍රතිඵල පිළිබඳව ඉරානය, චීන මහජන රජය වැනි අපගේ මිතුරන්ව දැනුම්වත් කරනවා.

අපි බලාපොරොත්තු වනවා ගැටුම සමථයකට පත් කර ගැනීමට හැකියාව ලැබේවි කියලා.

ඒ වගේම සියළුම රටවල්, මුලින්ම ගෝලීය දකුණේ සිට එයින් ප්රයතිලාභ ලබනවා.

මොකද, සම්බාධක, තර්ජන, පීඩනය අපගේ මාර්ගය නොවන නිසා.

මොකද, යුරෝපීය රටවල් සහ පසුගිය ඇමෙරිකානු පරිපාලනය රාජ්‍ය තාන්ත්‍රික භාෂාව අමතක කරලා දාලා තිබෙන්නේ.

නමුත්, ඔවුන් ඒකට කැමති වුණත් නැතත් අපි එය ඔවුන්ට මතක් කරලා දෙනවා !

අවසන් වශයෙන්,

අපට ගොඩාක් සංකීර්ණ ඉල්ලීම් තිබෙනවා.

ඒවා පුටින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළා.

මුලින්ම, යුක්රේනය නිරායුධ කිරීම.

හමුදාමය වශයෙන්, යුක්රේනනය මගේ රටට කිසිම තර්ජනයක් එල්ල නොකළ යුතුයි.

දෙවනුව, යුක්‍රේනය මධ්‍යස්ථව සිටිය යුතුයි.

ඔවුන් කිසිම දිනක නේටෝවට සම්බන්ධ නොවිය යුතුයි.

අපි කිසිම දිනක යුක්රේයට නේටෝවේ කොටස්කරුවෙක් වන්නට ඉඩ ලබා දෙන්නේ නැහැ.

ඔවුන් ඒකට කැමති වුණත්, නැතත්.

ඒ වගේම, අපි අපගේ විශේෂ හමුදා මෙහෙයුම ඉදිරියටත් සිදු කරගෙන යනවා.

අවශ්‍ය තාක් කල් අපි අපගේ පරිශ්‍රමය දිගටම කරගෙන යනවා.

යුක්රේඒනයේ රූකඩ පරිපාලනය සහ යුරෝපීය අනුග්‍රාහකයින් පරාජය කරන බවට මම ඔබට සහතික වනවා ඔවුන් එයට කැමති වුණත් නැතත්.

ඔබගේ අවධානයට ගොඩාක් ස්තූතියි !




 


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.
"22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ. මොකද ගරු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දික් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැහැ, ​දැන් අධිකරණයේ පවතින නඩු වල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඉතින් ඒ දෙක නොකර කාලය දික් කරා කියලා ඒකට විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ. ඉතින් මං හිතන්නේ ඒ සංශෝධනය ගේන්නේ ඇයි කියලා ආණ්ඩුව දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා දන්නවද කියන්න මං දන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය.
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මානවත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.
අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
මතභේදයට තුඩු දී තිබෙන දේශ සීමා ප්‍රදේශයක පිහිටි අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති ඊනියා “සම්මත නාමකරණය” නීතිවිරෝධී හා වලංගු නොවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියට සිදුවූයේ කුමක්දැයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කර සිටියි.

ප්‍රධාන පුවත්

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.