News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේන රුසියා යුද්දයෙන් රුසියාවට ජය අත්පත් වී අධිරාජ්‍යවාදී බලවේග පරාජය වුවහොත් පමණයි පීඩිත රටවලට සහනයක් ලැබෙන්නේ- ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

Feb 28, 2025 at 01:36 PM
|

පසුගිය 26 වනදා කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය විසින් සංවිධානය කළ "යුක් රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව" යන මැයෙන් පැවැත්වූ ඡායාරූප ප්‍රදර්ශනයේදී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා විසින් පැවැත් වූ දේශනයේ ලිඛිත සටහන...


"රුසියාව සහ යුක්රේනය දැනට වසර තුනක සිට යුද වැදී සිටිනවා.  පසුගිය විසිහතර වෙනිදට මේ මිලිටරි මෙහෙයුම ආරම්භ වී අවුරුදු තුනක් සම්පූර්ණ වූවා. මේ ගැටුම පිටුපස තිබෙන බොහෝ දේශපාලන කාරනා පැහැදිලි කිරීමට විනාඩි පහළොවක්, කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. නමුත් මම උත්සාහ කරනවා මගේ දැනීමේ හැටියට ඉතා සංක්ෂිප්ත අදහසක් ඔබ හමුවේ තබන්න.

රුසියානු-  යුක්රේන යුද්ධය පිළිබඳව අපේ රටේ සමාජගතවී තිබෙන ආඛ්‍යානයක් තිබෙනවා. එවැනි මත අප වෙත එන්නේ, එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන්, වගේම ඔවුන්ට හිතෛෂී රටවලින් සහ ඔවුන්ගේ අධිපති  මතවාදය පිළිගන්න අපේ රටේ උගතුන්ගෙන් වගේම දේශපාලඥයන්ගෙන්. ඒ ජනප්‍රිය ආඛ්‍යානය  අනුව, මේ යුද්ධය පටන් ගන්නේ, රුසියාවේ තිබෙන අරමුණු දෙකක් නිසා. ඔවුන් කියන විදියට පළවෙනි අරමුණ, ජනාධිපති පුටින්ට අවශ්‍යයි පැරණි රුසියානු අධිරාජ්‍ය නැවත ගොඩනගන්න. දෙවෙනි අරමුණ ජනාධිපති පුටින්ට අවශ්‍යයි 1991දී බිඳ වැටුණු සෝවියට් දේශය නැවත ගොඩනඟන්න.

නමුත් අප කර තිබෙන අධ්‍යනයන්ට  අනුව මේ පරමාර්ථ දෙකම රුසියානු ජනාධිපතිවරයාට තිබෙන බවට පිළිගැනීමට සාක්ෂි නැහැ.

අනික් පැත්තෙන් රුසියානු ජනාධිපති නැවත සෝවියට් දේශය ප්‍රතිස්ථාපනය කිරීමට ගත්ත උත්සාහයක් දකින්නට නැහැ. එහෙම නම් අපේ අදහස නම් මේ බටහිර ආඛ්‍යානය බොරුවක්. ඒ වගේම මිත්‍යාවක්.එය ඇත්ත අරමුණ වසන් කිරීම සඳහා සමාජගත කරන ලද දෙයක්. හැම විටම එහෙම තමයි මේ සමාජයේ සිදුවෙන්නේ. අධිපති පන්තීන්ගේ ආධිපත්‍ය යටතේ පවතින හැම සමාජයකම ඒ අධිපති ආඛ්‍යානය තමයි සමාජගත වෙන්නේ. නමුත් එය සත්‍ය බවට ලිඛිත පැහැදිලි සාක්ෂි දකින්නට නෑ. එහෙම නම් මොකක්ද මේ යුද්ධය පිටුපස තිබෙන්නේ. මම කැමතියි මේ කාරනයට උඩ්ඩෘත ප්‍රකාශයක් උපුටා දක්වන්න. මේ ප්‍රකාශයේ කතුවරයා ලියොන් පැනේටා. ලියෝන් පැනේටා වර්ෂ 2011 සිට 2013 දක්වා බැරක් ඔබාමාගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයායි. ඒ වගේම ඔහු 2009 සිට 2011 දක්වා කාලයේ සී අයි ඒ සංවිධානයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා. ඊට පෙර ඔහු 1994 වසරේ සිට 1997  වසර දක්වා  බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ  කාර්යමණ්ඩල ප්‍රධානිය ලෙස කටයුතු කළා.

2022 මාර්තු 18 වනදා එනම් යුක්රේන යුද්ධය ආරම්භ වෙලා, මාසයකට ආසන්න කලකට පසු, බ්ලූම්බර්ග් රූපවාහිනිය සමඟ ඔහු සාකච්ඡාවක නිරත වෙනවා.  ඔහු එම සාකච්ඡාවේදී පවසනවා අපි (USඇ ) එහේ (යුක්රේනයේ )ගැටුමක ඉන්නවා.

ඊළඟට ඔහු කියනවා අපි කිව්වත් නැතත්, රුසියාව සමඟ "ප්‍රොක්සි" යුද්ධයක් එය සිදුවෙනවා කියා.

ලියොන් පැනේටා තවදුරටත් කියනවා අපි ඉස්සරහට යන්න ඕන හැකිතරම් රුසියානුවෝ මරන්න ඕන කියල.

අවසානයේදී ඔහු කියනවා "මේක බල තරඟයක්" කියල. බටහිර ආධිපත්‍ය දරන නායකයින් සියලු දෙනාම මේ වගේ අදහස් පළ කරලා තිබෙනවා.

යුරෝපා කොමිසමේ සභාපතිනිය උරුස්සුලා වැන්ඩෙලා මැතිනියත් එක් අවස්ථාවක කිව්වා යුක්රේන යුද්ධය ලෝකයේ යහපත සඳහා කරන යුද්ධයක්ය කියලා.හිටපු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළා මේ යුද්ධය කරන්නේ රුසියාව දුබල කරන්න කියා.හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එක අවස්ථාවක ලිපියක් ලිව්වා එංගලන්තයේ ඩේලි මිරර්  පුවත් පතට. ඒ සමඟම ඔහු වීඩියෝ පටයකුත් නිකුත් කළා.

එහි පැහැදිලිවම ඔහු කියනවා මේ යුද්ධයෙන් යුක්රේනය පරාජය වුවහොත් ඒක තමයි බටහිර ලෝක ආධිපත්‍යයේ අවසානය කියල. මේ කාරණය නැවත නැවතත් ප්‍රකාශ වී තිබෙනවා බටහිර ලෝකයේ නායකයින්ගෙන්. ඇයි ඒ අයට රුසියාව දුබල කරන්න අවශ්‍ය වන්නේ?  අපි කවුරුත් දන්නවා රුසියානු ෆෙඩරේෂනය තමයි වර්ෂ 1917 සිට වර්ෂ 1991 දෙසැම්බර් දක්වා පැවති බලසම්පන්න සෝවියට් දේශයේ ප්‍රමුඛ රාජ්‍ය.

රුසියානු ෆෙඩරේෂනය පමණක් ගත්තත් එහි භූගෝලීය විශාලත්වය වර්ග කිලෝ මීටර් මිලියන දාහතක්. ඒ කියන්නේ එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩියි. මට මතකයි කලින්  බ්‍රිතාන්‍යයේ සිටි අගමැතිනිය මාග්‍රට් තැචර් එක අවස්ථාවක කියනවා ලෝකයේ කිසියම් රාජ්‍යයක් තිබෙනවා නම් අන් අයගේ උදව්වක් නැතිව, තමන්ගේ සම්පත් වලින් පමණක් පවතින්න, ඒ තමයි රුසියාව කියලා. ඒ නිසා රුසියාව තමන්ගේ ග්‍රහණයට ගන්න ඔවුනට අවශ්‍යයි

සෝවියට් දේශය බිහිවූ විට, ඒ රටේ ඇතිවුණා කැරැල්ලක් අලුත් බෝල්ෂේවික් ආණ්ඩුවට එරෙහිව. එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ධවල කැරැල්ල කියලා. මේ කැරැල්ලට ආධාර කරන්න එක්සත් ජනපදය කැනඩාව, ප්‍රංශය, ජපානය, එංගලන්තය, එක්සත් රාජධානිය තමන්ගේ සෙබළු යැව්වා. එදා ඉඳලම ඒ අධිපති රටවලට අවශ්‍ය ය වුණා සෝවියට් දේශය විනාශ කරන්න.

හේතු ගණනාවක් නිසා 1991දී සෝවියට් දේශය බිඳ වැටුණා. බිඳ වැටුනට පස්සේ එතෙක් පැවති ද්වි ධ්‍රැව ලෝකය අවසන් වුණා.එක්සත් ජනපදයේ උපායමාර්ගික සැලසුම්කරුවෝ, නායකයෝ ඇතුළු එහි පාලක පන්තිය තීරණය කළා නැවත වරක් ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයේ ආධිපත්‍යට අභියෝගයක් වන බලයක් මතුවීම නතර කළ යුතුයි කියලා. 1991 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සෝවියට් දේශය බිඳ වැටෙනවා. 1992දී එක්සත් ජනපද ආණ්ඩුව සකස් කරනවා ප්‍රතිපත්ති ලේඛනයක්, එය හඳුන්වලා තිබුණේ ආරක්ෂක ප්‍රතිපත්ති ලේඛනය කියල. ඒ ලේඛනයේ ඇතැම් කොටස් නිව්යෝක් ටෛම්ස් පුවත් පතට හමුවුණා. එහි මෙහෙම කියනවා."සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇමරිකාවේ ආධිපත්‍යයට අභියෝග කළ හැකි  එකම මිලිටරි බලය තිබෙන්නේ රුසියාවට පමණයි.එහෙම නම් රුසියාව අපි, අපේ පාලනයට, ගත යුතුයි." ඇමරිකානු ආණ්ඩුව එම වාර්තාව ප්‍රතික්ෂේප කළේ නැහැ. වර්ෂ 1992 සිටම මේ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා.

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පස්සේ, සෝවියට් දේශයේ අනුප්‍රාප්තික රාජ්‍යය වශයෙන් ඉදිරියට ආපු, රුසියානු ෆෙඩරේෂනයට අවශ්‍ය වුණේ නැහැ යුද්ධ කරන්නට. ඒ වගේම තවත් රටවල් තමන්ගේ අවනතභාවයට ගන්න අවශ්‍ය වුණෙත් නැහැ.රුසියාවට අවශ්‍ය වුණේ, බලසම්පන්න ධනවත් රාජ්‍යක් බවට පත්වන්න සෙසු එබඳු රාජ්‍යන් සමඟ සාමයෙන් යුතුව. මං හිතන්නේ මේ සභාවේ ඉන්න මහත්තුරුන්ට මතක ඇති මිඛායිල් ගොර්බොචොව් සෝවියට් දේශයේ ජනාධිපතිවරයාව සිටි සමයේ සමස්ත යුරෝපයම සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි කියන අදහස තිබෙන සංකල්පයක් ඔහු ඉදිරිපත් කළා. ඒ වචනයම රුසියානු ෆෙඩරේශනයේ නායකත්වයට පැමිණි ජනාධිපතිවරුන් විශේෂයෙන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ ඔහුගේ ආණ්ඩුව ඒ පිළිවෙතේ තමයි පිහිටා සිටියේ. එක අවස්ථාවක එනම් 1997දී, රුසියානු ආණ්ඩුවෙන් අදහසක් පළවුණා. ප්‍රතිසංස්කරණය කරන ලද නේටෝවට සම්බන්ධ වීමට පවා රුසියාව සූදානම් බව. එතකොට ඒ පාර්ශවයෙන් ගත්විට රුසියාව යුද්ධ කරන්නට හෝ වෙනත් රටවල් තමන්ගේ ආධිපත්‍යට ගන්නට උත්සාහ කළේ නෑ. නමුත් එක්සත් ජනපදය ඊට වෙනස් මගක් තමයි තෝරගත්තේ. 1989 වසරේදි බර්ලින් තාප්පය බිඳ වැටිලා 1990 දි නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එක්සත් වුණා. ඒ අවස්ථාවේදී මිඛයිල් ගොර්බොචොව් ඇමරිකාවට කිව්වා එක්සත් වුණු ජර්මනිය නේටෝවට  සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපේ විරෝධයක් නෑ නමුත් නේටෝ සංවිධානය තවදුරටත් නැගෙනහිරට ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් අපි එකඟ නෑ කියලා.

ඒ අවස්ථාවේ එදා ජර්මනියේ හිටපු බටහිර ජර්මනියේ විදේශ ඇමති හාන්ස් ඩෙල්ස්ටර් සහ ඇමරිකාවේ ජනාධිපතිවරයා ජෝර්ජ් බුෂ් මිඛයිල් ගොර්බොචොව්ට පොරොන්දුවක් දුන්නා. අඟලකින්වත් නැගෙනහිරට ව්‍යාප්ත කරන්නේ නැහැ කියලා. නමුත් ඒ පොරොන්දුව ඉටු වුණේ නැහැ.

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පස්සේ 1992දී සකස් කළ ආරක්ෂක සැලසුම් මග පෙන්වීම් වලට අනුව එක්සත් ජනපදය පටන් ගත්තා තමන්ගේ නායකත්වයෙන් යුත් මිලිටරි සන්ධානය වන නේටෝව නැගෙනහිරට ව්‍යාප්ත කරන්න. සෝවියට් දේශය හැදිලා තිබුනේ සමූහාණ්ඩු පහළොවකින්. එතකොට රුසියානු ඇරුනහම තව සමූහ ආණ්ඩු දාහතරක් තිබෙනවා. ඊළඟට යුගෝස්ලාවියාව බිඳවැටීමෙන් ඒ සමූහාණ්ඩුව විසිර ගියා. යුගොස්ලාවේ නිර්මාණය වෙලා තිබුණේ  සමූහාණ්ඩු හයකින්. ඒ හැර තිබුණ නැගෙනහිර යුරෝපයේ සමාජවාදී සමූහ ආණ්ඩු හයක් පමණ. බල්ගේරියා, චෙකොස්ලාවැකියා , හන්ගේරියා ආදී වශයෙන්. එතකොට අර නැගෙනහිරට නේටෝව ව්‍යාප්ත නොකරන බවට පොරොන්දු වුණු එක්සත් ජනපද පාලක පන්තිය සෝවියට් දේශයෙන් බිඳී ගිය රාජ්‍යයන් යුගෝස්ලාවියාවෙන් බිඳී ගිය රාජ්‍යයන් නැගෙනහිර යුරෝපයේ පැරණි සමාජවාදී රාජ්‍යයන් තමන්ගේ සංවිධානයට ඇතුළු කරගන්න පටන් ගත්තා. මේක රුසියාව දුටුවා තමන්ට තර්ජනයක් බවට. ඒක ඉතාම සාධාරණයි.

යම් හෙයකින් ශ්‍රී ලංකාව චීනයට හෝ රුසියාවට හෝ සම්බන්ධ වෙන්න අදහස් කළොත් මේ රටේ හමුදා කඳවුරක් ඉදිකරන්න කැමැත්ත පළකර ඉන්දියාව කවදාවත් ඒකට එකඟ වෙන්නේ නෑ. ඒ වගේම ඒ ආරක්ෂක තර්ජනය රුසියාවටත් තිබුණා. සෝවියට් දේශයට අයිති සමූහාණ්ඩු තුනම ස්ටෝනියා, ලැට්වියා සහ ලිතුවේනියා අද නේටෝවේ සාමාජිකයෝ.

නමුත් ඒ සාමාජිකත්වය ලැබීම රුසියාව ලොකු තර්ජනයක් ලෙස සැලකුවේ නෑ. මන්ද රුසියාවෙන් දේශසීමාවට සම්බන්ධ වෙන්නේ ලිතුවේනියාව කිලෝමීටර් දෙසිය හැත්තෑවක් පමණයි. මේ ක්‍රියාදාමයේදී එක්සත් ජනපදයට අවශ්‍ය වුණා යුක්රේනය නේටෝවට සම්බන්ධ කර ගන්න ඒ වගේම යුක්රේනයේ යුරෝපා සංගමයට එකතු කරගන්න.

මේක ඔවුන්ගේ ප්‍රතිපත්ති ලේඛන වල තියෙනවා.National Edowment for Democracy සංවිධානය කියන්නේ 2022 ලංකාවේ තිබුණු අරගලයට සල්ලි දුන්න සංවිධානය. එම ජාලයේ ආරම්භක සභාපති කාල් ගෙෂ්මන් වොෂින්ටන් පුවත්පතට දීපු සම්මුඛ සාකච්ඡාවකදී කියනවා යුක්රේනඅය පෙර අපර දෙදිග තරගයේ ලොකුම ත්‍යාගය තමයි යුක්රේනය කියල. යුක්රේනයත්, රුසියාවත් අතර දේශසීමාව කිලෝමීටර් දෙදාහකට කිට්ටුයි.  එතකොට යුක්රේනය නේටෝවට සම්බන්ධ උනහම, නේටෝ හමුදා සහ මිසයිල ස්ථානගත කරනවනේ රුසියානු දේශ සීමාව අසල. එය රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක්. රුසියාව 2022 පෙබරවාරි 24 යුක්රේනයට එරෙහි මිලිටරි මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේ ව්ලැදිමිර් පූටින් වචන තුන් දහස් ගණනක දේශනයක් කළා. ඒ දේශනයේදී පුටින් කිව්වා මේක පැවැත්ම පිළිබඳ තර්ජනයක්. මේක රතු රේඛාවක්. ඒ නිසා ඔහු තද උපමාවකින්  කිව්වා. ඔහු කිව්වා " අමෙරිකානු දේශ සීමාවේ කැනඩාව පැත්තේ හෝ මෙක්සිකෝව පැත්තේ මිසයිලයක් කර තබා ගත්ත මිනිහෙක් හිටියොත් අමෙරිකාව මොකක්ද කරන්නේ ? ඒ දෙයම තමයි අපිත් කරන්නේ." කියල.

ඒ අනුව මම අවසාන වසහයෙන් අවධාරණය කරන්නේ, යුක්රේන රුසියානු යුද්දය කියන්නේ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු අධිරාජ්‍යවාදය තහවුරු කිරීම පිණිස මුළු ලෝකයම තනි සුපිරි බලවතෙකුගේ ආධිපත්‍යට ගැනීම සඳහා කෙරෙන අරගලයේ ප්‍රතිඵලයක්. මෙය පැහැදිලිවම යුද්ධයක් තමයි. නමුත් මේ යුද්ධය ඇතිවෙන්නේ මම ඉහත පෙන්වා දුන් කාරණා නිසයි. යුක්රේන- රුසියානු යුද්ධය සාමාකාමීව ලෙස අවසන් වීම හෝ සාධාරණ කොන්දේසි මත අවසන් වීම අධිරාජ්‍යවාදීන්ට පරාජයක් මෙන්ම අධිරාජ්‍ය විරෝධී ජනතාවගේ ජයග්‍රහණයක්. අද අන්තර්ජාතික තලයේදී තුන්වෙනි ලෝකයේ රටවලට හිතවතෙකු නැති තරම්තත්වයකට පත් වෙලා තියෙනවා. දැනට තුන්වෙනි ලෝකයේ රටවලට ඉතිරි වී ඇති හිතවතුන් වන්නේ රුසියානු ෆෙඩරේෂනය සහ මහජන චීන ජනරජය වැනි රටවල් අතලොස්ස. ඒ අනුව ශ්‍රී ලංකාවේ අපි බටහිර මාධ්‍ය විසින් සදා නිම කර එවනු ලබන ආඛ්‍යනය වෙනුවට එහි පසුපස වන සැබෑ භූ දේශපාලන උවමනාව හඳුනාගත යුතුයි. යුක්රේන- රුසියානු යුද්ධය අද අළුත් මානයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ පිළිබඳ අදහස් දැක්වීමට තරම් පැහැදිලි සාක්ෂි අප සතුව නැති වුවත් ඇතැම් විචාරකයින්ගේ මත පිළිගත මට්ටමක තිබෙණවා. ඔවුන්ගේ අදහස් වලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයට සාමය උදා කිරීමට සූදානම් වන්නේ යුද්ධයට සූදානම් වන අතර තුර කියලා. එම විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා යුක්රේන යුද්ධය කැටි කරන ගමන් තමන්ගේ මුළු ශක්තියම චීනය මෙල්ල කිරීමේ දෙසට යොමු කිරීමේ උවමනාවෙන් පෙලෙනවාය කියා. මේ පිළිබඳව නිගමනයකට පැමිණීමට ප්‍රමානවත් තරම් සාක්ෂි තවම මා සතුව නොමැති වුවත් යුක්රේන- රුසියානු යුද්දය සාධරණ කොන්දෙසි යටතේ අවසානයකට පැමිණීම සමස්ත මනුෂ්‍ය වර්ගයාටම කරනු ලබන යහපතක්. යම් විදියකින් මේ යුද්දය රුසියාවට පරාජයක් අත්පත් වුවහොත් සෝවියට් දේශය බිඳ වැටුනායින් පසුව මානව වර්ගයාට සිදුවන විශාලතම ඛේදවාචකයට මුහුණ දීමට සිදු වෙනවා. සෝවියට් දේශය බිඳ වැටුනායින් පසුව තමයි මානව ඉතිහාසයේ දරුණුතම යුද්ද සියල්ල ඇති වන්නේ. 1991 ඉරාකයට විරුද්ධව සටන් කරනවා, 1995  දී සර්බියාවට විරුද්ධව සටන් කරනවා 2001 දී ඇෆ්ගනිස්ථානය යටත් කර ගන්නවා, 2003 දී නැවත ඉරාකයට පහරදී යටත් කර ගන්නවා  නැවත 1998දී සර්බියාවට ගහල සර්බියාව දුබල කරල කොසෝවෝ ප්‍රාන්තය දුබල කරනවා. ලිබියාවේ නායකයා මහපාරේ ඝාතනය කරනවා. ඉතින් එවැනි තත්වයක් ලෝඉකයට නැවත අත්පත් නොවීමට නම් මේ යුද්ධය සාධාරණ ලෙස අවසන් විය යුතුයි. අධිරාජ්‍යවාදයට පරාජය අත් විය යුතුයි. ලංකාව වගේ දුර්වල ආර්ථිකයක් පවතින රටවලට ස්ව ශක්තියෙන් නැගී සිටීමට හැකි වෙන්නේ එවිට පමණයි. ඒ අනුව තමන්ගේ රටේ ස්වාධිපත්‍යට ස්ථාවරභාවයට කැමැති වන සෑම පුද්ගලයෙක්ම මේ ස්ථාවරයට පැමිණිය යුතු බව මගේ අවධාරණයයි. මට සවන් දුන් සැම දෙනාටම ස්තුතියි."


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.
"22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ. මොකද ගරු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දික් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැහැ, ​දැන් අධිකරණයේ පවතින නඩු වල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඉතින් ඒ දෙක නොකර කාලය දික් කරා කියලා ඒකට විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ. ඉතින් මං හිතන්නේ ඒ සංශෝධනය ගේන්නේ ඇයි කියලා ආණ්ඩුව දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා දන්නවද කියන්න මං දන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය.
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මානවත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.
අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
මතභේදයට තුඩු දී තිබෙන දේශ සීමා ප්‍රදේශයක පිහිටි අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති ඊනියා “සම්මත නාමකරණය” නීතිවිරෝධී හා වලංගු නොවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියට සිදුවූයේ කුමක්දැයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කර සිටියි.

ප්‍රධාන පුවත්

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.