
ඉන්දීය රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල් භාවිතය ඉහළ නැංවීමට විද්වත් සාකච්ඡාවක්
ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළෙඳ පියවීම් ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම යන මැයෙන් වූ විද්වත් සාකච්ඡාවක් ඉකුත් 25 දා කොළඹ දී සංවිධානය කර තිබිණ.
ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා සහ ඉන්දීය බැංකු මෙන්ම විවිධ වෙළෙඳ මණ්ඩල, මාධ්‍ය සහ විද්වත් සංවිධාන වැනි ආයතන නියෝජනය කරමින් ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් මේ සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාද මෙම අවස්ථාවට එක් වූහ.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පිළිගැනීමේ කතාව සිදු කරමින් අදහස් දැක්වූ අතර ඉන් අනතුරුව ඉන්දීය සංචිත බැංකුවේ ප්‍රධාන සාමාන්‍යාධිකාරී ආදිත්‍ය ගයිහා මහතා විසින් ඉන්දීය රුපියල ජාත්‍යන්තරකරණය සහ ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා වෙළෙඳ පියවීම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. එතුමා අන්තර් දේශසීමා ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල් භාවිතා කිරීම ඉහළ නැංවීම අරමුණු කරගෙන ඉන්දීය සංචිත බැංකුව විසින් මෑතක දී විදේශ විනිමය කළමනාකරණ පනතට සිදු කරන ලද සංශෝධන සම්බන්ධයෙන් ද විස්තර කළේය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළෙඳ පියවීම් රාමුව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළේය. මෙම යාන්ත්‍රණයේ වැදගත්කම අවධාරණය කළ එතුමා යාන්ත්‍රණය සංවිධිතකරණයෙහිලා දෙරටෙහිම ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහ බැංකුව සමඟ නියැළෙන ලෙස බැංකු දිරිමත් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
