
අපරාධවල විශේෂ වර්ධනයක් නෑ – ඇමැති ආනන්ද විජේපාල
ඉකුත් වසරවල සිදුවූ අපරාධවල දත්ත සැසඳීම්, මේ වසරේ මුල් මාස දෙකේදී අපරාධවල විශේෂ වර්ධනයක් නොමැති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා ඊයේ (27 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
තැන තැන සිදුවන වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන සාමාන්‍ය ජන ජීවිතය නොසන්සුන් කිරීමට හේතුවක් නොවන බවද ඇමැතිවරයා කියා සිටියේය.
ඉකුත් වසරවල මුල් මාස දෙක තුළ සිදුවූ වෙඩි තැබීම් හා සැසඳීමේදී මෙම වර්ෂයේ වර්ධනයක් නැතැයිද, 2016 වසරේ මුල් මාස දෙක තුළ වෙඩි තැබීම් 12ක්ද, 2018 වසරේ මුල් මාස දෙක තුළ වෙඩි තැබීම් 12ක්ද, 2024 වර්ෂයේ මුල් මාස දෙක තුළ වෙඩි තැබීම් 14ක්ද සිදුව ඇතැයි කී ඇමැතිවරයා මෙම වසරේ මුල් මාස දෙක තුළද වෙඩි තැබීම් 14ක් සිදුව ඇති බව සඳහන් කළේය. මෙය සමාන තත්ත්වයක් බවද එම තත්ත්වය සමනය කිරීමට රජය පියවර රැසක් ගෙන තිබෙන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොලිසිය විසින් මනුෂ්‍ය ඝාතන මැඬ පැවැත්වීමට පොලිස් ස්ථානවල ජංගම මුර සංචාරක, මාර්ග බාධක, ත්‍රිවිධ හමුදා, විශේෂ කාර්ය බළකා ආරක්ෂක රාජකාරි, ක්‍ෂණික මාර්ග බාධක සෝදිසි ආදිය සිදු කරනවා.
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනිමට විධිමත් පිළිවෙතක් ක්‍රියාත්මකයි. නඩු තීන්දු චක්‍රලේඛ මඟ පෙන්වීම් තියෙනවා. අපරාධ මර්දනයට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් පිහිටුවාගෙන යනවා. විදෙස් සිට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් ගෙන්වා ගැනීමට පවතින උදර්පන නීති හා අපගේ නීති යටතේ ක්‍රියාත්මක වෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
