''අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට නීතිමය බාධාවක් නැහැ" - ගම්මන්පිල (වීඩියෝ)
බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට එන ඒමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.
මේ අතර පසුගිය නොවැම්බර් 26 වැනිදා බැඳුම්කර සිද්ධියට අදාළ නඩු කටයුත්තකදී හිටපු මහබැංකු අධිපතිවරයාට මේ වසරේ පෙබරවාරි 25 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා.
2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණා.
ඊට අදාළ නඩුව පසුගිය නොවැම්බර් 26 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දි විභාගයට ගැනුණේ කොළඹ ප්‍රධාන මහසේත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේයි.
එහිදී ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි.
කෙසේ නමුත් යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුව වෙත ගොස් මේ වන විට වසර 10ක්.
මෙම බැඳුම්කර වංචාවට අදාළව නිත්‍ය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කිරීමක් ද කර තිබනෙවා
මෙරට ජාතික පුවත්පතක් අද තොරතුරු වාර්තාකර තිබුණේ නීති අංශ අවස්ථා ගණනාවකදී අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කර ඇතත්, අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසිභාවය හිමි අයෙකු බැවින් සිංගප්පූරුවේ උදර්පන නීතියට අනුව මෙරටට ලබාදීමට නොහැකි බව සිංගප්පූරු රාජ්‍යයේ නීති අංශ සඳහන් කර ඇති බවටයි.
මේ අතර, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් දැක්වූවා.
එම වීඩියෝව පහතින්,
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..