
''අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට නීතිමය බාධාවක් නැහැ" - ගම්මන්පිල (වීඩියෝ)
බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට එන ඒමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.
මේ අතර පසුගිය නොවැම්බර් 26 වැනිදා බැඳුම්කර සිද්ධියට අදාළ නඩු කටයුත්තකදී හිටපු මහබැංකු අධිපතිවරයාට මේ වසරේ පෙබරවාරි 25 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා.
2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණා.
ඊට අදාළ නඩුව පසුගිය නොවැම්බර් 26 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දි විභාගයට ගැනුණේ කොළඹ ප්‍රධාන මහසේත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේයි.
එහිදී ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි.
කෙසේ නමුත් යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුව වෙත ගොස් මේ වන විට වසර 10ක්.
මෙම බැඳුම්කර වංචාවට අදාළව නිත්‍ය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කිරීමක් ද කර තිබනෙවා
මෙරට ජාතික පුවත්පතක් අද තොරතුරු වාර්තාකර තිබුණේ නීති අංශ අවස්ථා ගණනාවකදී අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කර ඇතත්, අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසිභාවය හිමි අයෙකු බැවින් සිංගප්පූරුවේ උදර්පන නීතියට අනුව මෙරටට ලබාදීමට නොහැකි බව සිංගප්පූරු රාජ්‍යයේ නීති අංශ සඳහන් කර ඇති බවටයි.
මේ අතර, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් දැක්වූවා.
එම වීඩියෝව පහතින්,
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
