
ආහාර උද්ධමනය ඉහළ යෑම... මන්දපෝෂණයට අත වනයි - වෛද්‍ය චමල් සංජීව
ආහාර උද්ධමනය ඉහළ යෑම නිසා ලංකාවේ ජනතාව ඉදිරියේ දී මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දියහැකි අවදානමක් රට හමුවේ ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසීය.
කොළඹදී ඊයේ (පෙබ. 26) පැව ති මාධ්‍ය හමුවකදී ඒ මහතා ඒසේ පැවසීය.
යහපත් ආර්ථිකයක් ගොඩනැඟීම සම්බන්ධ වන කටයුතු මූලික අවධියේ පවතින බැවින් ඉදිරි කාලයේදී ආර්ථික උද්ධමනය ඉහළ යෑම සහ ආහාර අනාරක්ෂිතතාව සමාජය තුළ පැතිර යෑමක් සිදුවුවහොත් යළිත් ග්‍රාමීය, අර්ධ නාගරික, වතු ජනපද ආශ්‍රිතව පෝෂණ අර්බුදයක් නිර්මාණය වීමට ඇති හැකියාව ඉහළ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
තවමත් ජන ජීවිතය ස්ථාවර තත්ත්වයට පත් නොවී තිබීමත් ගොවීන්, ධීවර ජනතාව, කම්කරු ජනතාව, වතු ආශ්‍රිත ජනතාවද කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර, අනුරාධපුර, මොනරාගල, පොළොන්නරුව සහ උතුරු,නැගෙනහිර කලාපවල ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන ආහාරවල මිල ඉහළ අගයක පවතින හෙයින් එම ජනතාව ස්ථාවර ආදායම් මාර්ග වෙතට යොමු නොවීම නිසා දෛනිකව පවුලක ආහාර වේලක් සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවෙතැයිද ඒ මහතා කීය.
ආහාර සඳහා වියදම් කළ යුතු මුදල ඉහළ යෑමත් ලැබෙන ආදායම් මාර්ග අඩුවීමක්ද ඉදිරියේ ඇතිවන වියළි කාලගුණ තත්ත්වයක් මෙම කලාප තුළ පැවැතුණහොත් ලබාගත හැකි අස්වැන්න අඩුවීමත් දිගටම පැවැතුණහොත් නැවත වතාවක් කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන්ද වැඩිහිටියන් අතරද පෝෂණ අර්බුද නිර්මාණය විය හැකි බව ද ඒ මහතා පැවැසීය.
කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන් ඉලක්ක කොට සාර්ථක පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු නමුත් මීට පෙර රජයද අය-වැය මඟින් සැලකිය යුතු මුදලක් මේ සඳහා වෙන් කළ ද ඒවා ප්‍රායෝගික වශයෙන් ජනතාවට නොලැබුණු බවත් ඔහු වැඩිදුරට ත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
