
හෙද සටන දෙකට බෙදෙයි... රත්නප්‍රිය කැඳවයි - මුරුත්තෙට්ටුවේ හිමි බෑ කියයි
අයවැය යෝජනා මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා අද (පෙබ. 27) දහවල් 12:00ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසා ඇත.
කොළඹ මහ රෝහල, කරාපිටිය මහ රෝහල, මාතර මහ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, යාපනය මහ රෝහල ඇතුළු සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ සිදුවන්නේ යැයි රත්නප්‍රිය මහතා කීය.
මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවන ශ්‍රේණියේ සිට ඉහළට රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක දින සේවය වෙනුවෙන් ගෙවූ 1/20 දීමනාව 1/30 දක්වා පහළ දැමීම, උසස්වීම් ක්‍රමවේදය කප්පාදු කිරීම යනාදී කරුණු මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.
මේ ගැන සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියද එය නොලැබුණේ යැයි කී හෙතෙම මෙම විරෝධය ගැන ඔහුට ලිඛිතව දැනුම් දුන්නේ යැයි ද පැවසීය.
2025 සඳහා වන අයවැය යෝජනාව තුළින් හෙද සේවාවන්හි වැටුප් රුපියල් 6,500 සිට 11,500ක් දක්වා අහිමි වීමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඔහු කීවේය.
මේ වනතෙක් හෙද සේවාවට ගෙවනු ලැබූ අතිකාල අනුපාතිකය එනම් පැයට ගෙවන මුදල මාසික වැටුපෙන් 1/160 ට 1/200 දක්වා පහළ දමා ඇති බවත් හෙද හිඟය හේතුවෙන් හෙද නිලධාරීන් 3 දෙනෙකු විසින් කළ යුතු කාර්යයන් එක් හෙද නිලධාරියෙකු විසින් සිදුකරන තත්ත්වයක් තුළ පැය 24 ක අඛණ්ඩ සේවාවන් සපයන හෙද සේවාවේ අතිකාල ගෙවීම අනුපාතය පහළ දැමීම නිසා ආරම්භක ශ්‍රේණියේ හෙද නිලධාරියෙකු හට මසකට රුපියල් 6,500ක් පමණ අහිමි වන බවද රත්නප්‍රිය මහතා කීය.
ශ්‍රේණීන්වල ඉහළට යෑමේදී මෙම කප්පාදුව තවත් වැඩි වන අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරියකුගේ අහිමි වන මුදල රුපියල් 11,500ක් පමණ වන බව ඔහු පැවසීය.
තවද මෙවර අය-වැයෙන් හෙද නිලධාරීන් සඳහා අසාධාරණ උපස්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවද රත්නප්‍රිය මහතා කීය.
කෙසේ වෙතත් සමස්ත ලංකා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මීට සහාය නොදක්වන්නේ යැයි එහි ලේකම් සී. මැදවත්ත මහතා පැවසුවේය.
ඔහු මෙසේද කීය.
“අපිට ආණ්ඩුව විශ්වාසයි. අපි ආණ්ඩුව සමග සිටිනවා. කෙටි කාලයක් තුළ සියලුම ප්‍රශ්න විසඳන්න බෑ. ක්‍රම ක්‍රමයෙන් අපේ ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර දෙන බව අපිට විශ්වාසයි. ඒ නිසා වෙන වෙන පටු අදහස් දරන වෙන සංගම් ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නට සිදුකරන මෙම උද්ඝෝෂණයට අප කිසිදු සහයෝගයක් හෝ දෙන්නේ නෑ.”
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේ කීහ.
“අපි අවුරුදු 60 හැටක් තිස්සේ ඉල්ලාදුන් අයිතිවාසිකම් තමයි මේ එක පෑන් පාරෙන් නැතිවෙලා තියෙන්නේ. ඒ කිව්වේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් අරන් දීපුවා තමයි මේ සියල්ලක් ම. අනිත් කාටත් නැති කැක්කුමක් අපිට තියෙනවා. නමුත් එහෙම වුණා කියලා ආණ්ඩුව පත්වෙලා ටික දවසයි.
කලබලයට මිනිස්සු එළියට දාන්න ක්‍රමවේදයක් නොවේ මේක. නර්ස්ලා එළියට බැස්සවීම මහ ජනතාවට කරදරයක්. අපේ අවශ්‍යතාව නර්ස්ලට යමක් නැතිවුණා නම් ඒක අරන් දීමට කේවල් කිරීමයි. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. අපි ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යතුමාට කතාකරලා සාකච්ඡා කරලා කරුණු ඉදිරිපත් කරනවා. ඒක නොවුණොත් තමයි සටනට යන්නේ. වැඩේ කෙරෙනවා නම් බොරුවට කෑගහලා වැඩක් නෑනේ. එනිසා අපේ සම්බන්ධයක් නැහැ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
