රිලා ගැටළුවට වායු රයිෆල් දුන්නා වගේ... ලාල්කාන්තට පැමිණිල්ලක්
රිළා ගැටලුවට විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටි ගොවීන්ට හා ගම්වාසීන්ට ගපොළදොළුව ගොඩවෙල වසමේ රාජ්‍ය නිලධාරීන් විසින් දැඩි නීතිරීති පනවමින් රජයේ සහනය යටතේ වායු රයිෆල් ලබාදීමට පැය හතරක පමණක් කාලයක් ලබාදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ප්‍රදේශවාසීන් එම නිලධාරීන්ට දැඩි ලෙස විරෝධයක් එල්ල කර ඒ පිළිබඳව කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට ද පැමිණිලි කර තිබේ.
ගොඩවෙල වසමේ රාජ්‍ය නිලධාරීන් විසින් ජනතාවට තොරතුරු ලබාදීම සඳහා ක්‍රියාත්මක කර ඇති වට්ස්ඇප් සමූහයට 25 වැනිදා පෙරවරු 11.44 ට කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීවරිය මේ පිළිබඳව විස්තර යොදමින් සඳහන් කර ඇත්තේ, කෘෂි උපදේශක කාර්යාලය හරහා සියයට පනහක දායකත්වයට වායු රයිෆල් ලබාගැනීමට අවශ්‍ය අයකු සිටී නම් එම සමූහය වෙත දන්වන ලෙසයි.
අධික රිළා ගහණය නිසා දැඩි පීඩාවට පත්ව සිටින මෙම වසමේ ඇති ගල්පිහිල්ල ගුරුකැලේ (කොටසක්) ගොඩවෙල වටගොඩවත්ත ආදී ප්‍රදේශ වල පීඩාවට පත්ව සිටින පවුල් 426 කට අයත් 1700 ක් වූ ජනගහණයෙන් මෙම පණිවීඩය අටදෙනකු පමණක් දැක තිබියදී මෙම නිලධාරීන් එදිනම සවස 3. 44 ට දැනුවත් කර ඇත්තේ වායු රයිෆල් ලබාදෙන කාලය අවසන් බවයි.
රජයේ සහන යටතේ මෙසේ වායු රයිෆල් ලබාදීමට පැය හතරක පමණක් කාලයක් ලබාදීම මැතිවරණවලදී ඡන්දය දීමට පැය කිහිපයක් පමණක් ලබාදීමට සමාන යැයි පවසා, මේ පිළිබඳව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත දැන්වීමේ අරමුණින් මහනුවර දිසාපතිවරයාට එම ජනතාව පැමිණිලි කර තිබේ.
රිළා ගහණය පාලනය කිරීමට රජය මගින් පසුගිය කාල වලදී ගම්මාන වල මහජන අදහස් ලබාගැනීමේදී ද මෙම නිලධාරීන් ගොවීන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කරමින් රිළවුන්ගේ ආහාර පිළිවෙළින් කියන ලෙස දන්වා තිබේ.
ගොවීන් පවසා ඇත්තේ ගිනිදලු හැර රිළවුන් සියලු ආහාර ගන්නා නිසා මෙවැනි ප්‍රශ්න නොඅසන ලෙසයි.
කෙසේවෙතත් ජනතාව ඉල්ලා සිටින්නේ රජය ලබා දෙන සහන පිළිබඳව දැනුවත් වීමට ජනතාවට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙසය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..