හොරාකන්න අනුබල දුන්නැයි බැසිල්ගේ මගනැගුමේ හිටපු ලොක්කෝ දෙන්නෙක් රිමාන්ඩ්
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මඟනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (25දා) නියෝග කළාය.
නැඟුම හිටපු නිලධාර්න් වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අබේසිංහ අධිකාරී සහ අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගිපුරගේ මයිකල් නමැති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 2012 සහ 205 අතර කාලය තුළදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට අධාර අනුබල දෙමින් ව්‍යාපෘති සඳහා ව්‍යාජව මුදල් වෙන්කර ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් පොදු දේපළ පනතේ 386 (5) 1 වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාහු අධිකරණයට දැන්වූහ.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරියන් වන අචනී උමයංගනා, මහේෂිකා කොස්වත්ත පෙනී සිටි අතර සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමර්ශනයට අදාළ ප්‍රධාන පැමිණිලි ගොනුව අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ හෙයින් නියෝගයක් ලබාදීමට පෙර එම ගොනුවද පරීක්ෂා කළයුතු බව සඳහන් කරමින් සැකකරුවන් පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කරන බැවින් 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර සියලු කරුණු එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..