
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළේය.
"19 වනදා අලුත්කඩේ අධිකරණයේ සිදුවූ සිද්ධිය ගැන පොලිස්පතිතුමා මා වෙත වාර්තාවක් ලබාදුන්නා. ආරක්ෂක අංශ තොරතුරු හුවමාරු කරගනිමින් විමර්ශන පවත්වාගෙන යනවා."
"ඝාතනයට අදාළ සමිඳු දිල්ශාන් කඳනාරච්චි (27) නමැති සැකකරු අත්අඩංගුවට ගත්තා.සැකකරු සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් සොයාගත්තා."
"වෑන් රථයේ රියදුරු ලෙස සිටි මහේෂ් සම්පත් (47) නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා."
"වෑන් රථය පොලිස් භාරයේ තිබෙනවා. වෑන් රථයේ හිමිකාරීත්වය තහවුරු කරගැනීමට අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක වෙනවා. වෑන් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවට තහවරු වුණා."
"වෙඩික්කරු සමග අපරාධය සඳහා පැමිණි මීගමුවේ පදිංචි ඉෂාරා සෙව්වන්දි (25) අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාක්මකයි."
"මෙම සැකකාරිය සමගින් අපරාධයට පෙර සහ පසුව සබඳතා පවත්වන ලද මීගමුව පොලීසියේ කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල සැකපිට අත්අඩංගුවට ගත්තා."
"අපරාධයෙන් පසු අධිකරණයෙන් පළාගිය වෙඩික්කරු කුලී ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබුණා."
"වෙඩික්කරු 2019.12.12 දින යුද හමුදාවේ තුන්වන කොමාන්ඩෝ රෙජිමේන්තුව වෙත බැඳී රාජකාරී සිදුකර තිබෙනවා. 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉවත් වී තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර කරුණු තහවුරු කරගනිමින් තිබෙනවා."
"අපරාධය සිදුකිරීමට පෙර වෙඩික්කරු සහ ඔහු සමග පැමිණි කාන්තාව කඩුවෙල ලැගුම් හලක නවාතැන් ගෙන තිබෙනවා. දෙදෙනාව එම ස්ථානයට රැගෙන ඒමට පැමිණි මෝටර් රථය CCTV ඔස්සේ හඳුනා ගත්තා."
"එම කාර් රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා."
"වෙඩිතැබීමෙන් මියගිය ගණේමුල්ල සංජීවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළා. දේහය මරණකරුගේ මව වන ඇලන් නෝනා මෙන්ඩිස් යන අයට බාරදී තිබෙනවා."
"මම මේ ගරු සභාවට කියන්න කැමතියි මේ රටේ ජාතික ආරක්ෂාවට කිසිලෙසකින් හෝ බාධාවක් සිදුවෙන්නට ඉඩ තියන්නේ නැහැ."
එම වීඩියෝව ඉහතින් දැක්වෙයි...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
