පළමු වාහන තොගයෙන්ම වංචාවක්.. ජපානයෙන් ශ්‍රී ලංකාවට අණතුරු අඟවයි.!
ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය (SLAAJ) විසින් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් යොමුකරමින් පවසන්නේ යම් ආනයනකරුවන් පිරිසක් විසින් රජය පනවා ඇති ආනයනික වාහන සඳහා වූ කොන්දේසියක් වන 2023 ජනවාරි 15 න් පසු නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමේ තහනම උල්ලංඝනය කරමින් 2022 දී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමට කටයුතු කරමින් සිටිනා බවයි.
එම පැමිණිල්ල මගින් පෙන්වාදී ඇත්තේ ඇතැම් ආනයනකරුවන් විසින් වාහන තත්ව සහතික නිකුත් කිරීම සඳහා නිර්දේශිත ජපානයේ ආයතන වෙත නිෂ්පාදන දිනයන් ව්‍යාජ ලෙස සඳහන් කරන ලෙසට බලපෑම් කර ශ්‍රී ලංකා රජය විසින් පනවා ඇති කොන්දේසිය වංචනිකව උල්ලංඝනය කමින් සිටිනා බවයි.
පැමිණිල්ල අනුව, මෙම සතිය තුළ එලෙස ව්‍යාජ දිනයන් භාවිතා කරමින් අවම වශයෙන් වාහන 150 ක් පමණ මෙරටට අපනයනය කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් එවැනි ආකාරයේ වංචනිකව ව්‍යාජ ලේඛන මත පදනම්ව ආනයනය කරන ලද වාහන ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළු කිරීමට ඉඩ නොදිය යුතු බවත් එම සංගමය කියා සිටියි.
එබැවින් මෙම වාහන නැවත ප්‍රති-අපනයනය කිරීමට කටයුතු කරනා ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.
තායිලන්තයෙන් පළමු වාහන කාණ්ඩය මේ මාසයේ පැමිණීමට නියමිත අතර ජපානයෙන් පළමු නැව්ගත කිරීම ලබන මාසයේ මැද භාගයේදී පැමිණීමට නියමිත බව ඔවුන් පවසයි.
මුල් තොගයේ වාහන 2,000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණීමට නියමිත බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..