
පළමු වාහන තොගයෙන්ම වංචාවක්.. ජපානයෙන් ශ්‍රී ලංකාවට අණතුරු අඟවයි.!
ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය (SLAAJ) විසින් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් යොමුකරමින් පවසන්නේ යම් ආනයනකරුවන් පිරිසක් විසින් රජය පනවා ඇති ආනයනික වාහන සඳහා වූ කොන්දේසියක් වන 2023 ජනවාරි 15 න් පසු නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමේ තහනම උල්ලංඝනය කරමින් 2022 දී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමට කටයුතු කරමින් සිටිනා බවයි.
එම පැමිණිල්ල මගින් පෙන්වාදී ඇත්තේ ඇතැම් ආනයනකරුවන් විසින් වාහන තත්ව සහතික නිකුත් කිරීම සඳහා නිර්දේශිත ජපානයේ ආයතන වෙත නිෂ්පාදන දිනයන් ව්‍යාජ ලෙස සඳහන් කරන ලෙසට බලපෑම් කර ශ්‍රී ලංකා රජය විසින් පනවා ඇති කොන්දේසිය වංචනිකව උල්ලංඝනය කමින් සිටිනා බවයි.
පැමිණිල්ල අනුව, මෙම සතිය තුළ එලෙස ව්‍යාජ දිනයන් භාවිතා කරමින් අවම වශයෙන් වාහන 150 ක් පමණ මෙරටට අපනයනය කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් එවැනි ආකාරයේ වංචනිකව ව්‍යාජ ලේඛන මත පදනම්ව ආනයනය කරන ලද වාහන ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළු කිරීමට ඉඩ නොදිය යුතු බවත් එම සංගමය කියා සිටියි.
එබැවින් මෙම වාහන නැවත ප්‍රති-අපනයනය කිරීමට කටයුතු කරනා ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.
තායිලන්තයෙන් පළමු වාහන කාණ්ඩය මේ මාසයේ පැමිණීමට නියමිත අතර ජපානයෙන් පළමු නැව්ගත කිරීම ලබන මාසයේ මැද භාගයේදී පැමිණීමට නියමිත බව ඔවුන් පවසයි.
මුල් තොගයේ වාහන 2,000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණීමට නියමිත බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
