
අලුත් කඩේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්... විපක්ෂ නායක - ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ ... මහජන ආරක්ෂක අමාත්‍ය
අලුත් කඩේ උසාවිය ඇතුළේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අලුත්කඩේ උසාවියේ මිනී මැරීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙනවා. අධිකරණයේ විශාලතම කාර්යභාරය ඉටුකරන විනිසුරුවන්ට යම් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.
සිවිල් පුරවැසියන්ටත් අනාරක්ෂිත බවක් ඇතිවී තිබෙනවා. මාධ්‍යවේදීන් මේ කරුණු වාර්තා කරනවා .ඔවුන්ද වාර්තා කිරීමේදී අනාරක්ෂිත බවක් ඇතිවී තිබෙනවා. උසාවි නියෝගයකින් චමුදිත නැමති මාධ්‍යවේදියාට ආරක්ෂාවක් ලබා දී තිබුණත් එය ඉවත් කර තිබෙනවා.සමස්ත ජනතාවගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු විය යුතුයි.
මේ ගැන විශේෂ පරීක්ෂණ පවත්වා නිසි පියවර ගන්න. මහජන නියෝජිතයන්ගේ ආරක්‍ෂාව ගැන වගකීම තිබෙන්නේ කතානායකවරයාටයි.අධිකරණ පද්ධතිය කඩා වැටුණු සමාජය බිඳ වැටීමට ලක්වෙනවා.විනිසුරවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන්න.ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කරන්න එපා. යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
මේ අතර ඊට පිළිතුරු ලබාදුන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසුුුවේ තනි සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවයි.
"අධිකරණයේ වූ අවාසනාවන්ත සිදුවීම ගැන කණගාටුව පළ කරනවා. පසුගිය දින කිහිපය පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වුණා.මේ ගැන රජය බරපතල තීන්දු ගෙන තිබෙනවා.ඊයේ දිනයේ වෙඩි තැබීම කළ සැකකරු අඩංගුවට ගැනීමට හැකි වුණා.ඔහු මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් නැමති අයෙක්.විමර්ශන දිගින් දිගටම කරනවා.ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. මේවා තැන තැන සිදුවන පාතාල ක්‍රියාකාරකම්.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන උදවියගේ කාලේ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. ඝාතනය වුණා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු තවත් ඝාතන කීපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙනවා.තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දක්වන්න බෑ.
මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නට අප කටයුතු කරනවා.මේ සියල්ලක්ම විමර්ශනය කොට වැරදි වලට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගේනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
