ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළේය.
එහිදී ඔහු සඳහන් කළේ පාතාලය මර්දනය කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන ඇති බවත් ඒවා සියල්ල පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉහත පැහැදිලි කිරීම කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,
"කථානායකතුමා, මේ අවස්ථාවේ අලුත්කඩේ උසාවියේ ලෝයර් කෙනෙක් විදියට ඇවිත් වෙඩිතියලා ගියා.. අංක 5 අධිකරණයේ. ගණේමුල්ලේ සංජීව කියලා කෙනෙක් ඝාතනය කළා.."
"ඊයේ රාත්‍රියේ මිද්දෙණියේ ළමයි දෙන්නෙක් එක්ක වෙඩිතැබීමක්. අලුත්කඩේ දැන් සිද්ධ වුණේ."
"දැන් මේක මේ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක්."
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරමින් ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ,
"පාතාල කටයුතු ගැන ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරනවා. ඒ නිසා අරගනිමින් තිබෙන ක්‍රියාමාර්ග ගණනාවකුත් තිබෙනවා. බැහැයි පාතාලය, කළු සල්ලි, කුඩු ජාවාරම මේකට සම්බන්ධයි. මේකට සම්බන්ධ සමහර අය ලංකාවෙත් නෙමෙයි ඉන්නේ."
"අපි මේක ඉතාම ගැඹුරින් සලකනවා කියන එක කියන්න කැමතියි."
"පියවර ගණනාවක් ගෙන තිබෙනවා. සියලු පියවර පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න බැරි වෙයි. නමුත් රජය මේ පිළිබඳව දැඩිව මැදිහත් වෙනවා. පාතාලයට බුරුලක් දෙන්නේ නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..