“මේ රනිල්ගේ අයවැයේ ම දිගුවක්” - වජිර අබේවර්ධන
ජාතික ජන බලවේග ආණ්ඩුව ඊයේ (පෙබ. 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැයෙහි දිගුවක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පැවසීය.
රනිල් වික්‍රමසිංහගේ නම ලියූ අයවැය පොතේ පිට කවරය වෙන කෙනකුගේ නමට වෙනස් කිරීම පමණක් මෙහිදී සිදුව ඇතැයි ද හිටපු මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 හා 2024 වර්ෂවල ඉදිරිපත් කළ අයවැය යෝජනා මාලිමා රජය ඉදිරිපත් කර තිබෙන බව කී හෙතෙම ජනාධිපති අනුර කුමාර දිසානායක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පමණක් අලුත් යෝජනාවකට ඇතුළත් කර ඇතැයි ප්‍රකාශ කළේ ය.
මාලිමා රජයේ නායකයන්ට අලුතින් යෝජනාවක් ගෙන ඒමට තරම් දැනුමක් නැතැයි මෙවර අයවැයෙන් පෙන්නුම් කර තිබෙන බව ද ඔහු කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව මෙම අයවැය සකස් කර තිබෙන බව කී අබේවර්ධන මහතා එහි ආදායම් උපයා ගන්නා යෝජනා එකක් පමණක් තිබෙන බව පැවසීය.
2024 වර්ෂයේදී රටේ සමස්ත ආදායම හොඳ මට්ටමකට පැමිණි බවට මාලිමා රජය පිළිගෙන ඇතැයි කී හෙතෙම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමයේදී (2024දී) සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව වාර්තාගත ආදායම් ලබා තිබූ බව සඳහන් කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..