අයවැය අයි.එම්.එෆ්. නිර්ණායකයන්ට සමගාමියි - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල
වත්මන් රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රටේ ආර්ථිකය ඉහළ නංවන යහපත් කරුණු කාරණා පෙනෙන්නට තිබුණද රජයක් මගින් ඉදිරිපත් කරනු ලබන
අයවැයක් යථාර්ථයක් බවට පත් වන්නේ රාජ්‍ය නිලධාරිතන්ත්‍රය විසින් එය ක්‍රියාවට නංවන ආකාරය මත බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
මහාචාර්යවරයා ඒ බව අවධාරණය කර සිටියේ 2025 අයවැය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන්වන වාරිකය ලබාදීමෙන් අනතුරුව හතර වැනි වාරිකය පමා කළේ ඔවුන්ගේ ඉලක්කවලට සමගාමීව මෙවර අයවැය ඉදිරිපත් වනවාදැයි පරීක්ෂා කිරීමටයි. රජයේ ආදායම් ඉලක්කයන් හා වියදම් ඉලක්කයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන්ට සමගාමීව මෙවර අයවැය ඉදිරිපත්ව ඇති බැවින් ඒ පිළිබඳ ගැටළුවක් ඇතිවන බවක් පේන්න නැහැ. එම නිසා ඔවුන්ගේ හතරවැනි වාරිකය නොදිරේදීම ලැබෙයි කියා සිතනවා.
මේ සමස්ත අයවැයේ විශේෂ දුර්වලකමක් වශයෙන් මා දැක්කේ 2025 වසරේ රජය ඉලක්ක කරන 5% ආර්ථික වර්ධනයි. මෙයින් පෙනී යන්නේ ලංකාවේ ශක්තිය නිවැරදිව අවබෝධ කර නොගත් බවක්. පසුගිය වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් අපට ලැබුණා. මෙවර අයවැයෙන් 8%ක හෝ 9%ක ආර්ථික වර්ධනයකට යායුතුව තිබුණත් එවැන්නක් පේන්න නැහැ.
මෙවර අයවැය සකස් කොට තිබෙන්නේ පසුගිය රජය ඉදිරිපත් කළ අයවැයට වඩා වෙනස් ක්‍රමවේදයක් ඔස්සේයි. මෙම අයවැය සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන විදියේ අයවැයක්. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කොට ඇති බවක් පේනවා. අයවැය තුළ ධනාත්මක කාරණා රාශියක් තිබුණත් රජය විසින් යෝජනා කර ඇති නව ආර්ථික ප්‍රතිපත්ති වලට පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගත්තා නම් වඩා හොඳ බව පේනවා.
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රජය විශේෂ අවධානය යොමු විය යුත්තේ පෞද්ගලික අංශය තුළින් ශක්තිමත් දැවැන්ත විවසාය පංතියක් බිහිකිරීම තුළින් අපනයනය වර්ධනය කිරීම ආනයනය අඩු කිරීම රැකිරක්ෂා වැඩිකිරීම මෙන්ම නිෂ්පාදනයේ කොටස්කරුවන් බවට සියලු දෙනා පත් කර ගැනීමයි.
රටේ ජනතාවට සහන සැලසිය යුත්තේ අයවැයක් තුළින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමෙන් අනතුරුව එහි වාසි රටේ සියළු දෙනාට බෙදී යන ආකාරයෙන්' බවද මහාචාර්යවරයා අවසන් වශයෙන් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..