අදානි වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් නාට්‍යක් කරනවා - ජන අරගල ්‍ව්‍යාපාරය
අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් කරන නාට්‍යයක් බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය.
අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීම සඳහා ජන අරගල සන්ධානය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා එසේ කීය.
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න සූදානම් වුණ ප්‍රශ්නගත සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර යන්න තීරණය කළේ යැයි නිවේදනය කර ඇති බවත් අදානි සමාගම ක්‍රියාත්මක කරන්න ගිය එම ව්‍යාපෘතියට ආරම්භක මොහොතේ සිටම විශාලා ජනතා විරෝධයයක් එල්ල වූ බවත් නාගමුව මහතා පැවසීය.
අදානි සමාගමට එම ව්‍යාපෘතිය නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව පිරිනැමීම එම ජනතා විරෝධයට පදනම බවත් අධික මිල ගණන් යටතේ මේ ව්‍යාපෘතිය දීම නිසා වංචා සිදුවූයේ යැයි සැකයක් ඇති බවත් ඔහු කීය.
එම යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා විශාල පාරිසරික හානියක් වන බවට ඉදිරිපත් වුණ තක්සේරුව සහ අදාළ ව්‍යාපෘතිය නිසා රටේ ස්වාධිපත්‍යයට හානි වීම එහි තිබූ බරපතලම තත්වය බවත් නාගමුව මහතා සඳහන් කළේය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශය ලෝකයේ දේශගුණ වෙනස්වීම් කාලවල පක්ෂීන්ගේ සංක්‍රමණය, පර්යටනය සම්බන්ධයෙන් වැදගත්ම කලාප 16 න් එකක් බව කී දුමින්ද නාගමුව මහතා පැවසුවේ රටවල් 30ක පක්ෂීන් මිලියන 15කට අධික ප්‍රමාණයක් මේ ප්‍රදේශය හරහා රට ඇතුළට ගමන් කරන්නේ යැයි පරිසරවේදීන් පවසන බව ද සඳහන් කළේය.
එම පක්‍ෂීන්ගෙන් මිලියනක් පමණ මන්නාරම ප්‍රදේශයේ සැරිසරනව නිසා පරිසර ප්‍රශ්නය සරලව ගතනොහැකි බවත් ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ පාරිසරික සමතුලිතතාවයට මෙය බලපාන නිසා සරළ ප්‍රශ්නයක් ලෙස ගත නොහැකි බවත් ඔහු කීය.
මන්නාරම ප්‍රදේශයට වඩා හම්බන්තොට සුළං විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සුදුසු යැයි මොරටුව විශ්වවිද්‍යාලය කළ සමීකරණයක් හෙළිවී ඇති බවත් ප්‍රදේශය අතහැරලා මන්නාරමේ මේක අටවන්න යන එකන්ම මෙතන ඉන්දියානු මැදිහත්වීමක් තිබීම පැහැදිළි වන බවත් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා වැඩි දුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..