දිනපතා ආණ්ඩුව විවේචනයට පොහොට්ටුව සැරසෙයි
ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් දිනපතා ජනමාධ්‍ය හමු පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.
එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ජනමාධ්‍ය හමු දැනටමත් ක්‍රියාත්මක නමුත්, ඉදිරි සතියේ සිට ඒවා දිනපතා පැවැත්වීමටත්, එහිදී ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය දැඩි ලෙස විවේචනය කිරීමටත් තීරණය කර ඇති බවයි.
ඒ අනුව දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු සෑම සඳුදා දිනයකදීම මෙම ජනමාධ්‍ය හමුවලට සහභාගී වනු ඇත.
අගහරුවාදා දිනයේදී සහභාගී වීමට නියමිතව ඇත්තේ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය.
එසේම බදාදා දිනවලදී පළාත් පාලන නියෝජිත සංගමයේ සාමාජිකයන්ද, සෙසු දිනවලදි වරින් වර එම පක්ෂය නියෝජනය කරන විවිධ සංවිධාන මගින් ද මෙලෙස ජනමාධ්‍ය හමු පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා සඳහන් කරයි.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ පවතින දුර්වලතාවයන් හදුනාගෙන ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් මෙම ජනමාධ්‍ය හමු පැවැත්වීමට උපදෙස් ලබාදී ඇතැයි පැවසෙන්නේ, එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ය.
මේ වන විට සමගි ජන බලවේගයද දිනපතා ජනමාධ්‍ය හමු පවත්වනු ලැබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..