News Category
From Date
To Date
Maximum Number of Result

ඊනියා මාක්ස්වාදීන් සහ සැබෑ ජාතිකවාදීන්? (1 කොටස)

Feb 15, 2025 at 01:56 PM
|

නූතන යුගයේ ජාතිකවාදී රාජ්‍යයක් අර්ථ දැක්විය හැක්කේ කෙසේද යන ප‍්‍රශ්නයට හොවාඞ් නිකලස් නම් සුප‍්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්යවරයා අප‍්‍රිකාව පිළිබඳ සිදුකරන ලද සාකච්ඡුාවකදී පැහැදිලි කරනුයේ මෙසේය. ඔහු නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් හි පිහිටි එරස්මස් විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ සේවයේ නියුතු කීර්තිමත් ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකි. පහත දැක්වෙන ඔහුගේ මෙම අර්ථ දැක්වීම ජාතිකවාදී රාජ්‍යය පිළිබඳව පමණක් නොව සැබෑ ජාතිකවාදය හෝ සැබෑ ජාතිකවාදියා යනු කවරෙක්ද යන ප‍්‍රශ්නයටද එක සේ අදාළ වේ.
ඔහු මෙම අර්ථදැක්වීම සිදු කරනුයේ කරුණු පහ (5)ක් ඔස්සේය; ”1. නියෝ ලිබරල් සමාජ, ආර්ථික සංස්කෘතික ප‍්‍රහාරයට සෘජුව එරෙහිවීම මත; 2. නව යටත්විජිතවාදය කොන්දේසි විරහිතව විවේචනය කිරීම හා එම ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය වීමේදී ඊට එරෙහිව දේශපාලනිකව සටන් කිරීම මත; 3. රටවල් සහගීභාවයේ ගිලීයාමට හා ණය උගුල්වලට හසුවීමෙහිලා ප‍්‍රධාන සාධකය වී ඇත්තේ, කාර්මීකරණය නොවීම බව අවබෝධ කර ගැනීමත් කෘෂිකර්මය, අපනයනය හා දේශීය පරිභෝජනය පුළුල් කාර්මීකරණ ප‍්‍රතිපත්තිය මත ප‍්‍රති-සංවිධානය කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම මත; 4. ඒක ඩ‍්‍රැව ලෝකය සැමට බහු අවස්ථා උදා නොකරණ බව වටහාගැනීමත්, සියළු දෙනාටම අවස්ථා සැලසෙන, බලකේන්ද්‍ර කිහිපයක් මත සංවිධානය වූ බහු ඩ‍්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පක්‍ෂපාතී වීම මත; 5. සිය සමාජයේ සංස්කෘතික මූලයන් ඓතිහාසිකව එම ජන සමාජයේ ආර්ථික සමාජයීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් සමග කේන්ද්‍රීයව බද්ධව තිබෙන බැවින් ඒවා උත්පාඨනය (උගුළුවා දැමීම* දරුණු සමාජ බිඳවැටීම්වලට හේතුවන බව වටහාගැනීම මගින් ඒ සංස්කෘතික මූලයන් ආරක්‍ෂා කොට සුදුසු පරිදි ප‍්‍රවර්ධනය කිරීම මත ” මෙම පස් වැදෑරුම් මූලික ලක්‍ෂණ අව්‍යාජව නියෝජනය වන්නේනම්, හෙතෙම සැබෑ ජාතිකවාදියෙකි. එමෙන්ම, එම ලක්‍ෂණ අව්‍යාජව නියෝජනය වන රාජ්‍යයද ජාතිකවාදී රාජ්‍යයකි. නව ලිබරල්වාදය ජාතිකවාදයේ පරම සතුරා වේ, එය එසේ වන්නේ කුමක් නිසාද? හැට දෙහැවිරිදි (62) රුසියානු දාර්ශනිකයකු වූ ඇලෙක්සැන්ඩර් ඩුගින් නව ලිබරල්වාදයේ හැව හරින ලද මෙම විග‍්‍රහය අපට ඉහත ප‍්‍රශ්නයට අදාළ පිළිතුරු සපයා දේ. මවිසින් රචිත, මැතකදී එළි දක්වනලදිරාම රාවණ සහ විභීෂණ නූතන කථාව’ නම් කෘතියේ ඔහුගේ ඒ පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීම පලකර තිබේ. ”ලිබරල්වාදය; තවත් විදියකින් සරලව විස්තර කරන්නේ නම් පුද්ගලයින් ඕනෑම ආකාරයක සාමූහික අනන්‍යතාවයකින් මුදා ගැනීම ලිබරල්වාදයයි. ලිබරල්වාදයෙන් නිදහස් වීමට තිබුණේ සාමුහික අවශ්‍යතා දෙකක් පමණි. පළමුවැන්න ලිංග අවශ්‍යතාවයි. ලිංග අවශ්‍යතාව සාමූහික අවශ්‍යතාවක්. ඔබ සාමූහිකව පිරිමි පක්‍ෂයට හෝ ගැහැණු පක්‍ෂයට අයිතිවූවකු ලෙස වර්ග කෙරෙනවා. ඒ අනුව සාමූහිකත්වයෙන් වෙන් වී ඔබට තනිව සිටීමට හැකියාවක් නෑ. එහෙත් දැන් ස්ත‍්‍රී-පුරුෂභාවයෙන් මිදීමත් පුද්ගල විමුක්තිය ලෙස සැලකීමට පටන්ගෙන තිබෙනවා. මෙම මතවාදය සංක‍්‍රාන්ති ලිංගිකයන්, LGBT සහ තව ආකාරයේ පුද්ගලවාදයකට හේතු වී තිබෙනවා. එබැවින් ලිංගිකත්වය යනු පුද්ගල අභිමතය පරිදි පවතින්නක්. පුද්ගල ලිංගිකත්වය ලිබරල්වාදය ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය අංගයක් මෙන්ම මෙම ලිබරල් මතවාදයේ ජයග‍්‍රාහකයාද වූවා. තවද මෙම ගමන් මගේ තවමත් සම්පූර්ණයෙන් සිදු කර නොමැති අවසාන පියවර වන්නේ මානව අනන්‍යතාවයෙන් මිදීමයි. මෙම මතවාදයට අනුව මනුෂ්‍යත්වය අභිමතානුරූපියි.
දැන් අපි ඔබ අයත් වන බටහිර සමාජ ප‍්‍රවාහය සලකා බලමු. ඔබට අවශ්‍ය පරිදි, ඔබට අවශ්‍ය ලිංගිකත්වය තෝරා ගැනීමට ඔබට අවකාශය තිබෙනවා. ලිබරල්වාදී ගමන් මගේ අවසාන පියවර යනු, නිසැකවම මනුෂ්‍යත්වය පවා අභිමතානුරූපී කිරීමයි. ඒ අනුව ඔබට ඔබේ පුද්ගල අනන්‍යතාව තෝරාගත හැක්කේ හුදු මනුෂ්‍යයෙකු වීමට මිස මිනිස් සංහතියේ සාමාජිකයකු වීමට නොවේ” ටකර් කසාන් නැමැති බටහිර මාධ්‍යකරුවා සමග සිදු කරන ලද සංවාදයකිදී ඇලෙක්සැන්ඩර් ඩුගින් මේ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරනුයේ මෙසේය. ”මෙය මනුෂ්‍යවර්ගයාගේ නොවැළැක්විය හැකි අනාගතය බවට ඔවුන් විවෘතව ප‍්‍රකාශ කරනවා. සියවස් පහකට පෙර අපි ලිබරල්වාදයේ දුම්රියට ගොඩ වූවා. ඉතින් අපි අවසාන ඓතිහාසික පර්යන්ත දුම්රිය ස්තානයට පැමිණ තිබෙනවා. ඉතින් ඒ තමයි මගේ කියවීම. ඔබ අතීතය සමග බැඳී සිටි සියලූ‍ අංග සහ අවධි කපා ඉවත් කළවිට ඔබ අතීතය සමග බැඳුණු සම්ප‍්‍රදාය උදුරා දැමූවකු බවට පත්වෙනවා. එබැවින් ඔබ තවදුරටත් රෙපරමාදු භක්තිකයකු නොවේ. ඒ වෙනුවට ඔබ ලෞකික, අදේවවාදී භෞතිකවාදියකු බවට පත්වෙනවා. එවැනි විශාල පිරිසක් ජීවත්වන ඔබේ රාජ්‍යය තවදුරටත් අධිරාජ්‍යයෙන් නිදහස්වීමට ලිබරල්වාදීන්ට සේවය කළ ජාතික රාජ්‍යයක් ලෙස පවතින්නක් නොවේ. දැන් පවතින ජාතික රාජ්‍යය ලිබරල්වාදයේ හැරවුම් බාධකය බවට පත් වෙනවා. ඒ නිසා ඔබ ජාතික රාජ්‍යයෙන් නිදහස් වෙනවා. අවසාන වශයෙන් මෙම පුද්ගලවාදයට පක්‍ෂ අදාළ රාජ්‍යයේ පවුල නැමැති ඒකකය විනාශ කිරීමට ඉඩ සැලසෙනවා. අවසානවශයෙන් දැනටමත් ජයගෙන ඇති ලිංගිකත්වය අභිමතානුසාරී බවට පත්කිරීම සිදුවෙනවා. ස්ත‍්‍රී - පුරුෂ දේශපාලනය මෙම විමුක්ති ක‍්‍රියාවලියේ අවසානයට පැමිණීමට ඇත්තේ තවත් එක් පියවරක් පමණයි. ඒ අනුව ලිබරල්වාදය යනු; මානව සමාජය පිළිගත් නියමයන් අත්හැර දැමූ මානව අනන්‍යතාවයයි. ඒ නිසා මනුෂ්‍යයකු වීමට හෝ නොවීමට තෝරාගැනීමට හැකියාව තිබෙන ලිබරල්වාදය අතහැර මනුෂ්‍යයකු වීමට මිනිස් සංහතියට බලකෙරෙනවා. එය හෙට දවසේ සමස්ත දේශපාලනයේ න්‍යාය පත‍්‍රයයි. එලෙසම, හෙට දවසේ මතවාදී න්‍යායපත‍්‍රයත් එයමයි” ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ බොහෝ දර්ශනික අදහස් හා මතවාද ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ලෝකය තුළ තහනම් කර තිබේ. 2022 වසරේදී ඔහුගේ එකම දියණිය, ඇයගේ මෝටර් රථෙය් සවිකර තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ජීවිතක්‍ෂයට පත් කරනු ලැබීය. පසුව අනාවරණය වූයේ එය යුකේ‍්‍රනය මගින් බටහිර බලවතුන් සිදු කරවන ලද්දක් බවය. කෙසේ වෙතත්, අදාල සාකච්ඡුාවේදී ඇලෙක්සැන්ඩර් ඩුගින් තවදුරටත් ලිබරල්වාදය පිළිබඳව මෙසේ පැහැදිළි කරනු ලබයි. ”මම හිතන්නේ ප‍්‍රශ්නය තිබෙන්නේ ලිබරල්වාදය සම්බන්ධව නිර්වචන දෙක තුළ කියායි. පැරණි ලිබරල්වාදය හෙවත් සම්භාව්‍ය ලිබරල්වාදය හා නව ලිබරල්වාදය ලෙස තිබෙනවා. ඒ අනුව, ප‍්‍රපංච සම්භාව්‍ය ලිබරල්වාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්‍ෂවූවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු බහුතර සම්මුතියේ පුද්ගල නිදහසේ බලය ලෙස වටහාගෙන තිබෙනවා. එය කෙසේ හෝ අනෙකාගේ නිදහස සමග ඒකාබද්ධ කළ යුතුයි. නමුත් දැන් ලිබරල්වාදයේ වර්ධනය දෙවන ඊළඟ දුම්රිය ස්ථානය වෙත දැනටමත් සම්පූර්ණයෙන්ම ළඟාවී තිබෙනවා. ඒ වගේම නව ලිබරල්වාදයේ ඊළඟ අදියර අධ්‍යනය කළහොත් දැන් අරමුණුගත කර තිබෙන්නේ බහුතරයේ පාලනය සම්බන්ධයෙන් නොවෙයි. ඒ වෙනුවට සුළුතරයේ පාලනය සම්බන්ධව කේන්ද්‍රගතකර තිබෙනවා. එය කේන්ද්‍රගතකර තිබෙන්නේ පුද්ගල නිදහස පිළිබඳව නොවේ. ඒ වෙනුවට එය ”“WOKE-ism” ” (සමාජ හා දේශපාලන අසාධාරණයට සංවේදී පුද්ගලයන්ගේ හැසිරීම් හා ආකල්ප* හෙවත් ”අවදි-වාදය” වෙත කේන්ද්‍රගතකර තිබෙනවා. එබැවින් ඔබ කෙතරම් පුද්ගලවාදී විය යුතුද යත්, ඔබ රාජ්‍ය පමණක් නොව, පුද්ගලයා, පුද්ගලයා පිළිබඳ පැරණි කියවීම් පවා විවේචනය කළ යුතුයි”. ඇලෙක්සැන්ඩර් ඩුගින් නම් වූ රුසියානූ විශිෂ්ඨ දාර්ශනිකයාගේ නව ලිබරල්වාදය පිළිබද මෙම විග‍්‍රහය සහ නූතන ඊනියා මාක්ස්වාදීන්ගේ හා සැබෑ ජාතිකවාදීන්ගේ භාවිතාව අතර වන සමපාත වීම හා නොවීම පිළිබඳව අපි මීළඟ ”කඳු මුදුනේ සිට ලියමි” තුළින් සාකච්ඡුාවට භාජනය කරමු. විමල් වීරවංශ 2025.02.16

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.