News Category
From Date
To Date
Maximum Number of Result

ඊනියා මාක්ස්වාදීන් සහ සැබෑ ජාතිකවාදීන්? (1 කොටස)

Feb 15, 2025 at 01:56 PM
|

නූතන යුගයේ ජාතිකවාදී රාජ්‍යයක් අර්ථ දැක්විය හැක්කේ කෙසේද යන ප‍්‍රශ්නයට හොවාඞ් නිකලස් නම් සුප‍්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්යවරයා අප‍්‍රිකාව පිළිබඳ සිදුකරන ලද සාකච්ඡුාවකදී පැහැදිලි කරනුයේ මෙසේය. ඔහු නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් හි පිහිටි එරස්මස් විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ සේවයේ නියුතු කීර්තිමත් ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකි. පහත දැක්වෙන ඔහුගේ මෙම අර්ථ දැක්වීම ජාතිකවාදී රාජ්‍යය පිළිබඳව පමණක් නොව සැබෑ ජාතිකවාදය හෝ සැබෑ ජාතිකවාදියා යනු කවරෙක්ද යන ප‍්‍රශ්නයටද එක සේ අදාළ වේ.
ඔහු මෙම අර්ථදැක්වීම සිදු කරනුයේ කරුණු පහ (5)ක් ඔස්සේය; ”1. නියෝ ලිබරල් සමාජ, ආර්ථික සංස්කෘතික ප‍්‍රහාරයට සෘජුව එරෙහිවීම මත; 2. නව යටත්විජිතවාදය කොන්දේසි විරහිතව විවේචනය කිරීම හා එම ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය වීමේදී ඊට එරෙහිව දේශපාලනිකව සටන් කිරීම මත; 3. රටවල් සහගීභාවයේ ගිලීයාමට හා ණය උගුල්වලට හසුවීමෙහිලා ප‍්‍රධාන සාධකය වී ඇත්තේ, කාර්මීකරණය නොවීම බව අවබෝධ කර ගැනීමත් කෘෂිකර්මය, අපනයනය හා දේශීය පරිභෝජනය පුළුල් කාර්මීකරණ ප‍්‍රතිපත්තිය මත ප‍්‍රති-සංවිධානය කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම මත; 4. ඒක ඩ‍්‍රැව ලෝකය සැමට බහු අවස්ථා උදා නොකරණ බව වටහාගැනීමත්, සියළු දෙනාටම අවස්ථා සැලසෙන, බලකේන්ද්‍ර කිහිපයක් මත සංවිධානය වූ බහු ඩ‍්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පක්‍ෂපාතී වීම මත; 5. සිය සමාජයේ සංස්කෘතික මූලයන් ඓතිහාසිකව එම ජන සමාජයේ ආර්ථික සමාජයීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් සමග කේන්ද්‍රීයව බද්ධව තිබෙන බැවින් ඒවා උත්පාඨනය (උගුළුවා දැමීම* දරුණු සමාජ බිඳවැටීම්වලට හේතුවන බව වටහාගැනීම මගින් ඒ සංස්කෘතික මූලයන් ආරක්‍ෂා කොට සුදුසු පරිදි ප‍්‍රවර්ධනය කිරීම මත ” මෙම පස් වැදෑරුම් මූලික ලක්‍ෂණ අව්‍යාජව නියෝජනය වන්නේනම්, හෙතෙම සැබෑ ජාතිකවාදියෙකි. එමෙන්ම, එම ලක්‍ෂණ අව්‍යාජව නියෝජනය වන රාජ්‍යයද ජාතිකවාදී රාජ්‍යයකි. නව ලිබරල්වාදය ජාතිකවාදයේ පරම සතුරා වේ, එය එසේ වන්නේ කුමක් නිසාද? හැට දෙහැවිරිදි (62) රුසියානු දාර්ශනිකයකු වූ ඇලෙක්සැන්ඩර් ඩුගින් නව ලිබරල්වාදයේ හැව හරින ලද මෙම විග‍්‍රහය අපට ඉහත ප‍්‍රශ්නයට අදාළ පිළිතුරු සපයා දේ. මවිසින් රචිත, මැතකදී එළි දක්වනලදිරාම රාවණ සහ විභීෂණ නූතන කථාව’ නම් කෘතියේ ඔහුගේ ඒ පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීම පලකර තිබේ. ”ලිබරල්වාදය; තවත් විදියකින් සරලව විස්තර කරන්නේ නම් පුද්ගලයින් ඕනෑම ආකාරයක සාමූහික අනන්‍යතාවයකින් මුදා ගැනීම ලිබරල්වාදයයි. ලිබරල්වාදයෙන් නිදහස් වීමට තිබුණේ සාමුහික අවශ්‍යතා දෙකක් පමණි. පළමුවැන්න ලිංග අවශ්‍යතාවයි. ලිංග අවශ්‍යතාව සාමූහික අවශ්‍යතාවක්. ඔබ සාමූහිකව පිරිමි පක්‍ෂයට හෝ ගැහැණු පක්‍ෂයට අයිතිවූවකු ලෙස වර්ග කෙරෙනවා. ඒ අනුව සාමූහිකත්වයෙන් වෙන් වී ඔබට තනිව සිටීමට හැකියාවක් නෑ. එහෙත් දැන් ස්ත‍්‍රී-පුරුෂභාවයෙන් මිදීමත් පුද්ගල විමුක්තිය ලෙස සැලකීමට පටන්ගෙන තිබෙනවා. මෙම මතවාදය සංක‍්‍රාන්ති ලිංගිකයන්, LGBT සහ තව ආකාරයේ පුද්ගලවාදයකට හේතු වී තිබෙනවා. එබැවින් ලිංගිකත්වය යනු පුද්ගල අභිමතය පරිදි පවතින්නක්. පුද්ගල ලිංගිකත්වය ලිබරල්වාදය ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය අංගයක් මෙන්ම මෙම ලිබරල් මතවාදයේ ජයග‍්‍රාහකයාද වූවා. තවද මෙම ගමන් මගේ තවමත් සම්පූර්ණයෙන් සිදු කර නොමැති අවසාන පියවර වන්නේ මානව අනන්‍යතාවයෙන් මිදීමයි. මෙම මතවාදයට අනුව මනුෂ්‍යත්වය අභිමතානුරූපියි.
දැන් අපි ඔබ අයත් වන බටහිර සමාජ ප‍්‍රවාහය සලකා බලමු. ඔබට අවශ්‍ය පරිදි, ඔබට අවශ්‍ය ලිංගිකත්වය තෝරා ගැනීමට ඔබට අවකාශය තිබෙනවා. ලිබරල්වාදී ගමන් මගේ අවසාන පියවර යනු, නිසැකවම මනුෂ්‍යත්වය පවා අභිමතානුරූපී කිරීමයි. ඒ අනුව ඔබට ඔබේ පුද්ගල අනන්‍යතාව තෝරාගත හැක්කේ හුදු මනුෂ්‍යයෙකු වීමට මිස මිනිස් සංහතියේ සාමාජිකයකු වීමට නොවේ” ටකර් කසාන් නැමැති බටහිර මාධ්‍යකරුවා සමග සිදු කරන ලද සංවාදයකිදී ඇලෙක්සැන්ඩර් ඩුගින් මේ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරනුයේ මෙසේය. ”මෙය මනුෂ්‍යවර්ගයාගේ නොවැළැක්විය හැකි අනාගතය බවට ඔවුන් විවෘතව ප‍්‍රකාශ කරනවා. සියවස් පහකට පෙර අපි ලිබරල්වාදයේ දුම්රියට ගොඩ වූවා. ඉතින් අපි අවසාන ඓතිහාසික පර්යන්ත දුම්රිය ස්තානයට පැමිණ තිබෙනවා. ඉතින් ඒ තමයි මගේ කියවීම. ඔබ අතීතය සමග බැඳී සිටි සියලූ‍ අංග සහ අවධි කපා ඉවත් කළවිට ඔබ අතීතය සමග බැඳුණු සම්ප‍්‍රදාය උදුරා දැමූවකු බවට පත්වෙනවා. එබැවින් ඔබ තවදුරටත් රෙපරමාදු භක්තිකයකු නොවේ. ඒ වෙනුවට ඔබ ලෞකික, අදේවවාදී භෞතිකවාදියකු බවට පත්වෙනවා. එවැනි විශාල පිරිසක් ජීවත්වන ඔබේ රාජ්‍යය තවදුරටත් අධිරාජ්‍යයෙන් නිදහස්වීමට ලිබරල්වාදීන්ට සේවය කළ ජාතික රාජ්‍යයක් ලෙස පවතින්නක් නොවේ. දැන් පවතින ජාතික රාජ්‍යය ලිබරල්වාදයේ හැරවුම් බාධකය බවට පත් වෙනවා. ඒ නිසා ඔබ ජාතික රාජ්‍යයෙන් නිදහස් වෙනවා. අවසාන වශයෙන් මෙම පුද්ගලවාදයට පක්‍ෂ අදාළ රාජ්‍යයේ පවුල නැමැති ඒකකය විනාශ කිරීමට ඉඩ සැලසෙනවා. අවසානවශයෙන් දැනටමත් ජයගෙන ඇති ලිංගිකත්වය අභිමතානුසාරී බවට පත්කිරීම සිදුවෙනවා. ස්ත‍්‍රී - පුරුෂ දේශපාලනය මෙම විමුක්ති ක‍්‍රියාවලියේ අවසානයට පැමිණීමට ඇත්තේ තවත් එක් පියවරක් පමණයි. ඒ අනුව ලිබරල්වාදය යනු; මානව සමාජය පිළිගත් නියමයන් අත්හැර දැමූ මානව අනන්‍යතාවයයි. ඒ නිසා මනුෂ්‍යයකු වීමට හෝ නොවීමට තෝරාගැනීමට හැකියාව තිබෙන ලිබරල්වාදය අතහැර මනුෂ්‍යයකු වීමට මිනිස් සංහතියට බලකෙරෙනවා. එය හෙට දවසේ සමස්ත දේශපාලනයේ න්‍යාය පත‍්‍රයයි. එලෙසම, හෙට දවසේ මතවාදී න්‍යායපත‍්‍රයත් එයමයි” ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ බොහෝ දර්ශනික අදහස් හා මතවාද ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ලෝකය තුළ තහනම් කර තිබේ. 2022 වසරේදී ඔහුගේ එකම දියණිය, ඇයගේ මෝටර් රථෙය් සවිකර තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ජීවිතක්‍ෂයට පත් කරනු ලැබීය. පසුව අනාවරණය වූයේ එය යුකේ‍්‍රනය මගින් බටහිර බලවතුන් සිදු කරවන ලද්දක් බවය. කෙසේ වෙතත්, අදාල සාකච්ඡුාවේදී ඇලෙක්සැන්ඩර් ඩුගින් තවදුරටත් ලිබරල්වාදය පිළිබඳව මෙසේ පැහැදිළි කරනු ලබයි. ”මම හිතන්නේ ප‍්‍රශ්නය තිබෙන්නේ ලිබරල්වාදය සම්බන්ධව නිර්වචන දෙක තුළ කියායි. පැරණි ලිබරල්වාදය හෙවත් සම්භාව්‍ය ලිබරල්වාදය හා නව ලිබරල්වාදය ලෙස තිබෙනවා. ඒ අනුව, ප‍්‍රපංච සම්භාව්‍ය ලිබරල්වාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්‍ෂවූවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු බහුතර සම්මුතියේ පුද්ගල නිදහසේ බලය ලෙස වටහාගෙන තිබෙනවා. එය කෙසේ හෝ අනෙකාගේ නිදහස සමග ඒකාබද්ධ කළ යුතුයි. නමුත් දැන් ලිබරල්වාදයේ වර්ධනය දෙවන ඊළඟ දුම්රිය ස්ථානය වෙත දැනටමත් සම්පූර්ණයෙන්ම ළඟාවී තිබෙනවා. ඒ වගේම නව ලිබරල්වාදයේ ඊළඟ අදියර අධ්‍යනය කළහොත් දැන් අරමුණුගත කර තිබෙන්නේ බහුතරයේ පාලනය සම්බන්ධයෙන් නොවෙයි. ඒ වෙනුවට සුළුතරයේ පාලනය සම්බන්ධව කේන්ද්‍රගතකර තිබෙනවා. එය කේන්ද්‍රගතකර තිබෙන්නේ පුද්ගල නිදහස පිළිබඳව නොවේ. ඒ වෙනුවට එය ”“WOKE-ism” ” (සමාජ හා දේශපාලන අසාධාරණයට සංවේදී පුද්ගලයන්ගේ හැසිරීම් හා ආකල්ප* හෙවත් ”අවදි-වාදය” වෙත කේන්ද්‍රගතකර තිබෙනවා. එබැවින් ඔබ කෙතරම් පුද්ගලවාදී විය යුතුද යත්, ඔබ රාජ්‍ය පමණක් නොව, පුද්ගලයා, පුද්ගලයා පිළිබඳ පැරණි කියවීම් පවා විවේචනය කළ යුතුයි”. ඇලෙක්සැන්ඩර් ඩුගින් නම් වූ රුසියානූ විශිෂ්ඨ දාර්ශනිකයාගේ නව ලිබරල්වාදය පිළිබද මෙම විග‍්‍රහය සහ නූතන ඊනියා මාක්ස්වාදීන්ගේ හා සැබෑ ජාතිකවාදීන්ගේ භාවිතාව අතර වන සමපාත වීම හා නොවීම පිළිබඳව අපි මීළඟ ”කඳු මුදුනේ සිට ලියමි” තුළින් සාකච්ඡුාවට භාජනය කරමු. විමල් වීරවංශ 2025.02.16

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.