අදානි ගියා කිව්වට ඇත්තටම ගිහින්ද?
ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට අයත් Adani Green Energy සමාගම ආරම්භ කිරීමට සූදානමින් සිටි සුළං බලශක්ති ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට පෙරේදා වාර්තා වුවද එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අක්‍රිය නොවන බවට ඉඟි පළවේ.
Daily Mirror පුවත්පත වාර්තා කරන්නේ, ඉන්දීය පාර්ශවය සහ මෙරට රජය ලබන සතියේ තවත් සාකච්ඡාවකට එළඹීමට තීරණය කර ඇති බවයි.
මන්නාරමේ සුළං බලශක්ති ව්‍යාපෘතිය සහ රට තුළ තවත් සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්‍යෝන්‍ය තීරණයකට එළැඹිය හැකිදැයි සොයාබැලීමට දෙපාර්ශ්වයම ලබන සතියේ රැස්වී සාකච්ඡා කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව තතුදත් ආරංචි මාර්ග උපුටා දක්වමින් Daily Mirror පුවත්පත වාර්තා කර තිබේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදානි සමාගම දැනටමත් පසුගිය රජය සමඟ සාකච්ඡා වට 14 ක් පවත්වා ඇති නමුත් අනුමැතියක් ලබාගැනීම ප්‍රමාදවීම පිළිබඳව කණස්සල්ල පළකර ව්‍යාපෘතියෙන් ඉවත්වන බව පැවසීය.
කෙසේවෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔහු ඉන්දීය නිලධාරීන්ට දන්වා ඇත්තේ Adani ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම රජය කැමැත්තෙන් පසුවන නමුත් සමාගම ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීමට සිදු වූ බවයි.
අනතුරුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..