චීනයෙන් ශ්‍රී ලංකා වෙළෙඳපොළට High Sulfur Fuel Oil
චීනයේ සිනොපෙක් (Sinopec Fuel Oil Lanka) සමාගම විසින් මෙරට සමුද්‍රීය ඉන්ධන ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමේ පියවරක් ලෙස නැව්වලට ඉන්ධන සැපයීම (bunkering) සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට High Sulfur Fuel Oil (HSFO) හඳුන්වාදෙන බව නිවේදනය කර ඇත.
දැනට ශ්‍රී ලංකාව High Sulfur Fuel Oil සඳහා ඇති ඉල්ලුම සපුරාලීමේ අභියෝගයකට මුහුණ දී සිටින්නේ, කොළඹ වරාය ද ඇතුළුව මෙරට සියලුම වරායන්හි වෙරළ ආශ්‍රිත ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙනි.
මෙම ගැටළුව හේතුවෙන් දේශීය ඉන්ධන සැපයීම සැපයුම්කරුවන් විසින් සීමාකර ඇති අතර, High Sulfur Fuel Oil වෙළඳපොලේ හිඟයක් නිර්මාණය වී ඇත.
මෙම හිඟය නාවික ක්‍ෂේත්‍රයේ ඉන්ධන සැපයීමේ හැකියාවට බලපාන අතර, සමුද්‍රීය මෙහෙයුම් සහ කාර්යක්ෂමතාවයට බලපෑම් එල්ල කරමින් තිබේ.
මෙම හදිසි අවශ්‍යතාවය හඳුනාගනිමින්, Sinopec Fuel Oil Lanka සමාගම විසින් හම්බන්තොට ගබඩා පර්යන්තය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ නැව්වලට ඉන්ධන සැපයීමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ක්‍රියාකාරී පියවර ගෙන ඇත.
ඉදිරියේදී මෙම පර්යන්තය High Sulfur Fuel Oil සඳහා රටේ සුවිශේෂී මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ඇති අතරම වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා ස්ථාවර සහ විශ්වාසනීය සැපයුමක් සහතික කරනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..