ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වෙලා නෑ ඒකයි මේ අවුල - ලාල්කාන්ත
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.
ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පැවැති මහජන හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
“ආණ්ඩුව කියන්නේ එකක්. රජය කියන්නේ තව එකක්. ආණ්ඩුව අලුත් එකක් රජය පරණ එකක්. පරණ රජයමයි මේ තියෙන්නේ .හැබැයි ආණ්ඩුව අලුත්. පරණ රජයට පුරුදු වෙච්ච නිතියක් පුරුද්දක් ක්‍රමයක් සංස්කෘතියක් තියෙනවා .ඒ සංස්කෘතියේ නරක ඒවත් තියෙනවා හොඳ ඒවත් තියෙනවා .අපට බලය ලැබිල තියෙන්නේ රජය මෙහෙයවන්න.රජය ආණ්ඩුවේ නෙවෙයි. මේ රජය තුල අපට ඕන ඒවාම ක්‍රියාත්මක කරන්න හැමෝම සූදානම් නෑ. තවම පරණ විදිහ. තවම පරණ වැරදිත් වෙනවා. දේශපාලනයේ වැරැද්ද අපි හදා ගත්තා. නමුත් තවමත් රජයේ නිලධාරින් ඉන්නවා මිනිස්සුන්ට වැඩක් කරන්න ඔවුන්ගෙන් කීයක් හරි ගන්න අය.
තවමත් ඉන්නවා ළමයා ඉස්කෝලේ දාන්න ගියහම කීයක් හරි ඉල්ලන අය. දෙන අයත් සමහර විට කියන්නේ නෑ. එහෙම කියන්නේ නැත්තේ දීල මොකක් හරි කර ගන්න පුළුවන්නේ. තමන්ගේ වැඩේ වුණ නිසා කොහාටවත් පැමිණිලි කරන්නෙත් නෑ. ගන්න අයයි දෙන අයයි අතර තවමත් ෂේප් එකේ තවමත් වැඩ යනවා. අපි සුද්ද කර ගත්තේ ආණ්ඩුවේ පැත්ත.රජය පැත්තෙන් ජනමතයට ඕන විදිහටම හැම තැනම වැඩ යන්නේ නෑ. ජනතාවගෙනුත් මේකට සම්පූර්ණ සහාය ලැබෙන්නේ නෑ. ඒකනේ සමහර ගොවියන් ආණ්ඩුවට එක වී ඇටයක්වත් දෙන්නේ නෑ කියල කියන්නේ.පොහොර දෙන්නෙත් රජයෙන්.වතුර දෙන්නෙත් රජයෙන් .නමුත් වී ඇටයක්වත් රජයට දෙන්නේ නෑ කියල කියන්නේ ඔවුන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 ක් දෙනව කියන්නේ ජනතාවගේ කැමැත්තක්නෙ මේ. ඒකේ රාජ්‍ය සේවකයොත් ඉන්නවනේ. හැමෝටම රට හදන්න ඕන හැබැයි තමන්ට අත තියන්නේ නැතිව. අපි කරන හැමෝම හිතනව අපි කලින් කරපු ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කර ගෙන ඉන්න දෙන්න අනෙක් අයව වෙනස් කරල රට හදන්න යැයි සමහරු කියන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..