News Category
From Date
To Date
Maximum Number of Result

යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදි තර්ජන සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Feb 12, 2025 at 06:59 AM
|

යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදී තර්ජන සම්බන්ධයෙන්ශ වහාම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දේශාප්‍රේමී ජාතික බලවේගය විසින් පොලිස් මූලස්‌ථානයට පැමිණිල්ලක්  ඉදිරිපත් කර ඇත. එමගින් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම අනතුරුදායක තත්වය ගැන අවධානය යොමු කර , තිස්ස විහාරයේ සහ එහි ආගමික කටයුතු වල යෙදෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලසීමටත් ආගමික සංහිදියාව උල්ලංඝණය කරමින් රටේ නීතිය අභියෝගයට ලක්කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිමය ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නා ලෙසයි.

පොලිස්පපති තුමන් වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් 


නීතීඥ ප්‍රියන්ත වීරසුරිය,

පොලිස්පතිතුමා,

ශ්‍රි ලංකා පොලිසිය,

පොලිස් මූලස්ථානය,

කොළඹ 02.


යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදි තර්ජන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම.


ගරු පොලිස්පතිතුමනි,

යාපනය දිස්ත්‍රික්කයේ  ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථනයක් වන තිස්ස විහාරයට සහ එහි ආගමික කටයුතු වල නිරත බෞද්ධ බැතිමතුන්ට එම ප්‍රදේශයේ සිටින දෙමළ අන්තවාදි දේශපාලඥයන්ගේ සහ වර්ගවාදි අන්තවාදීන්ගේ තර්ජන එල්ල වන බව ඔබතුමා දැනටමත් දැනුවත්ව ඇත.

පසුගිය මාස ගණනාවක් පුරා, මෙම විහාරස්ථානයේ පැවත්වෙන  මාසික ශිල සමාදාන වැඩසටහනට බාධා පමුණුවමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර පොන්නම්බලම් ඇතුළු දේශපාලඥයන් සහ ඔවුන්ගේ උසිගැන්වීම මත අන්තවාදින් විසින් කරනු ලබන ඊනීයා විරෝධතාවයන් නිසා එහි ආගමික කටයුතු වල නිරත බෞද්ධ පිරිස් බලවත් පීඩාවට ලක්ව ඇත.

මේ සමග අමුණා ඇති පසුගිය දිනවල සමාජමාධ්‍යයෙහි  දෙමළ සහ සිංහල බසින් සංසරණය වු දැන්වීමක් ඔබතුමාගේ අවධානයට යොමු කරමු. එහි කතෘත්වය පිළිබඳව නිශ්චිත සාක්ෂියක් නොමැති වුවත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පරිභාහිරව තිස්ස විහාරය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ සමග සැලකීමේදි මෙවැනි අනතුරක් අත්‍යන්ත වශයෙන් තිබෙන බව අපගේ විශ්වාසයයි.

මේ සමග ඔබගේ අවධානයට යොමු කරනු ලබන අද “ද අයිලන්ඩ්” පුවත් පතේ පලවු දෙමළ ජාතික සන්ධානයේ නායක එස්. ශ්‍රිදරන්ගේ ප්‍රකාශයට අනුව ඔවුන් රජයේ අවසරය ඇතිව ඉදිකරනු ලැබු යාපනයේ තිස්ස විහාරය ඉවත් කිරිමට ජනතාව උසි ගන්වමින් සිටියි. 

එල්ටීටීඊ  ත්‍රස්තවාදින් එලවා දමන ලද යාපනයේ ජීවත් වු සිංහල ජනතාවට නැවත එහි පදිංචි වීමටත් රටේ සෑම පුරවැසියකුටම මෙන්ම ගෞරවනීය ජීවතයක් ගත කිරිමටත් අයිතිය තිබිය යුතුය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ මෙම අන්තවාදි ක්‍රියාකලාපය හේතුවෙන් සෑම පුරවැසියකුටම රටේ ඕනෑම තැනක  ජීවත් වීමට, කැමති ආගමක් ඇදහීමට  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දි ඇති අයිතිය උල්ලංඝණය වනවා පමණක් නොව ව්‍යවස්ථාවේ 09 වගන්තියෙන් බුදු දහමට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය සහ රාජ්‍යයෙන් ලැබිය යුතු ආරක්ෂාවද අභියෝගයට ලක් කර ඇත. එසේම මෙම ක්‍රියාකලාපය දණ්ඩ නීතී සංග්‍රහයේ සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පණතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරන අපරාධමය කටයුත්තක් ද වන බව අපේ හැඟීමයි.

දකුණේ වැල්ලවත්ත, දෙහිවල ආදි ඕනෑම ප්‍රදේශයක දෙමළ හින්දු බැතිමතුන්ට ඔවුන්ගේ ආගමික කටයුතුවල සාමකාමිව නිරතවීමට ඇති අයිතිය සහ අවකාශය ඒ ආකාරයෙන්ම යාපනයේදි බෞද්ධයන්ටද ඇති බව නීතීය මගින් තහවුරු කර ඇති බව සනාථ කිරිම සංහිදියාව සඳහා අත්‍යාවශ්‍ය වේ. 

එම නිසා උද්ගතව ඇති මෙම හදිසි අනතුරුදායක තත්වය ගැන අවධානය යොමු කර , තිස්ස විහාරයේ සහ එහි ආගමික කටයුතු වල යෙදෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලසීමටත් ආගමික සංහිදියාව උල්ලංඝණය කරමින් රටේ නීතිය අභියෝගයට ලක්කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිමය ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.


ස්තුතියි,



මධ්‍ය මණ්ඩලය,  දේශප්‍රේමී ජාතික බලවේගය.



සම්බන්ධිත පුවත් | Related News

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.