
නව ව්‍යවස්ථා කතා ගේන්නේ බෙදුම්වාදීන්ගේ '' ගේම් ප්ලෑන්" එක ගැන අවධානය වෙනතකට යොමු කරන්නයි - ජාතික සංවිධාන වලින් චෝදනා
වහාම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කළ යුතු බවට කාදිනල්තුමා විසින් රජයට බල කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්
බෙදුම්වාදින්ගේ, විශේෂයෙන්ම කතෝලික පල්ලියේ යම් පාර්ශ්වවල ඉල්ලීම මත 13ට එහා යන ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට හෝ ඊනියා අනාගාමික රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් ගේනවා නම් ජාතික බලවේග ලෙස අපි කැමතියි. මොකද එවිට මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව අවදි කරලා ජනමත විචාරණයේදී ඊනියා නව ව්‍යවස්ථාව සමඟ ඊට පක්ෂපාතී වූ දේශද්‍රෝහී බලවේග පරාජය කිරීමට අවස්ථාව ලැබෙනවා.
''ඔවුන් ඒක දන්නවා ඒ නිසා ඔවුන් එම අත්හදා බැලීම කරන්න යන්නේ නැහැ. මේ කරන්නේ බෙදුම්වාදීන්ගේ සැබෑ ගේම් ප්ලෑන් එක එනම් පළාත් සභා මැතිවරණය පවත්වලා පරිපාලන වශයෙන් 13 බලාත්මක කිරීමට ඉඩ සැලසීම සඳහා අවස්ථාව නිර්මාණය කිරීමයි. ඒ සඳහා කළ යුත්තේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට යටත් වන ආණ්ඩුකාරයකු පත්කර අහක බලාගෙන සිටීමයි. කාදිනල් උන්නාන්සේ කරන්නේ පෙදුම්වාදීන් වෙනුවෙන් මහජනයා නොමඟ යැවීමයි. මහජනයා නව ව්‍යවස්ථා එනකල් බලාගෙන ඉන්නකොට බෙදුම්වාදීන් තමන්ට වුවමනා දේ අනුර දිසානායක ජනාධිපතිවරයා ලවා ඉටු කර ගන්නවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
