මාලිමා ආණ්ඩුවට කාදිනල් හිමිගෙන් රතු නිවේදනයක්.!
මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් කොළඹ අගරදගුරු මැඳුරේ පැවැති සාකච්ඡාවක දී පැවසූවේ වත්මන් රජයද පෙර රජයන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකිරීමේ එම වගකීම පැහැර හරින්නේ නම් රජයට එරෙහිව ද කටයුතු කිරීමට තමා කිසිවිටෙක පසුබට නොවන බවයි.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාර මාලාව සිය වාසියට හරවා ගනිමින් බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද පාස්කු වින්දිතයන්ට ඉටු නොකළ යුක්තිය හා සාධාරණය වර්තමාන රජය හෝ ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවසීය.
වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ වගකිවයුත්තන් අගරදගුරු මැදුරට පැමිණ යටගසා ඇති පාස්කු ප්‍රහාරවලට අදාළ විමර්ශන විධිමත්ව සිදුකර එකී අපරාධවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සෑම සියලුදෙනාටම එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ලබාදුන් පොරොන්දුව මත නව වෙනසක් ඇති කළ යුතු බව තමන් පසුගිය මැතිවරණ සමයේදී ප්‍රකාශ කළ බවත් උන්වහන්සේ සිහිපත් කළේය.
එකී පොරොන්දුව ඉටු කිරීමට නව රජයට යම්කිසි ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවත් මුල් අවධියේ විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යළිත් විමර්ශන ආරම්භ කොට ඇති නිසා සාධාරණය ඉටුවේ යැයි යම්කිසි බලාපොරොත්තුවක් තැබිය හැකි වන්නේ යැයි ද පැවැසූ අගරදගුරු හිමිපාණෝ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවන තුරු සිය සටන අතරමග අතහැර නොදමන්නේ යැයි ද පැවැසූහ.
පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සහරාන් හෂීම් ඇතුළු සුළු පිරිසකගේ අවශ්‍යතාවය මතම සිදු කළක් නොව ඒ පිටුපස ප්‍රබල හස්ත කීපයක් ඇති බව අනාවරණය කර ගනිමින්, එකී ප්‍රබල හස්ත සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 21 දෙනකු විමර්ශන කටයුතුවලින් ඉවත් කර සාක්‍ෂි විනාශ කරනු ලැබුවේ එකල දේශපාලන අවශ්‍යතා මත එම දෙපාර්තමේන්තුවට පත්කළ එක්තරා ප්‍රබල නිලධාරියකු බව පසුව අනාවරණය වූ කරුණු අනුව හෙළිදරව් වූ බව ද උන්වහන්සේ පැවැසූහ.
එකී බෝම්බකරුවන්ට බෝම්බ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුහුණුව පමණක් නොව ආරක්‍ෂාව, මුදල් හා අනෙකුත් පහසුකම් ලබාදී එකී ප්‍රහාරවලට උඩගෙඩි දෙනු ලැබුවේ කවුරුන් ද ඒ කාගේ උපදෙස් මත ද යන සිද්ධීන් චැනල් ෆෝ නාලිකාව මගින් එම විමර්ශනවල ප්‍රධාන සාක්‍ෂිකරුවකු වන අසාද් මවුලානා නමැත්තා මුළු ලොවටම අනාවරණය කළේ යැයි ද පැවැසූ උන්වහන්සේ, හිටපු ජනාධිපතිවරුන් දෙතුන් දෙනකුම පැහැර හරිනු ලැබූ එම වගකීම, වර්තමාන රජයෙන් හෝ ඉටු කරනු ඇතැයි රටේ බහුතර ජනතාවගේ, විශේෂයෙන් පාස්කු ප්‍රහාරවලට ගොදුරු වූ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු ජනතාවගේ අපේක්‍ෂාව වන්නේ යැයි ද පැවැසූහ.
එකළ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් මේ වනවිට යළිත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර නිසි මඟපෙන්වීමක් යටතේ විමර්ශන සිදු කරන බැවින් ජනතාව තුළ එවන් විශ්වාසයක් ගොඩනැඟී ඇතැයි ද අගරදගුරු හිමිපාණෝ වැඩිදුරටත් පැවැසූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..