
ලංකාවේ හානි වූ නිවාස සඳහා වන්දි මුදල රුපියල් මිලියන 2.5යි. මන්ත්‍රීවරුන්ට මෙහෙම ගෙව්වේ ඇයි? වහාම පරීක්ෂණයක් පවත්වන්න ප්‍රතිභා මහානාමහේවා ආණ්ඩුවෙන් ඉල්ලයි
ගිනි රක්ෂණයෙන් ආවරණය කර ඇතත්, 2022 නොසන්සුන්තාවයේදී ගිනිගත් නිවාස සඳහා මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ගෙවන ලද වන්දි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ඉල්ලා සිටියි.
2005 ආපදා කළමනාකරණ පනත මගින් පාලනය වන ශ්‍රී ලංකාවේ ආපදා සහන ප්‍රතිපත්තියට අනුව, සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සඳහා වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බව ඔහු පෙන්වාදෙයි.
කෙසේවෙතත්, මන්ත්‍රීවරුන්ට විශාල මුදලක් වෙන්කිරීම පිළිබඳව ආචාර්ය මහානාමහේවා කනස්සල්ල පළකරන අතර, මෙම ගෙවීම් සඳහා නීතිමය පදනම ප්‍රශ්න කරයි.
ආචාර්ය මහානාමහේවාට අනුව, වන්දි මුදල තීරණය කර ඇත්තේ, එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ මතය.
“සමහර මන්ත්‍රීවරුන් වන්දි ඉල්ලා නැතත් ඔවුන්ටත් වන්දි ලබාදීලා තියෙනවා. එහෙම වුණේ කොහොමද? මේවා අනුමත කළේ කවුද?” ඔහු ප්‍රශ්න කරයි.
මෙම කමිටුව භාවිත කළ නිර්ණායක සමාලෝචනය කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
පීඩාවට පත් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ හානියට පත් දේපළ සඳහා රක්ෂණ ගෙවීම් දැනටමත් ලැබී ඇති බවත් ඔහු හෙළිකරයි.
භාණ්ඩාගාරයෙන් අතිරික්ත අරමුදල් අයකර ගැනීමේ ක්‍රියාවලියක් රජය විසින් ආරම්භ කළ යුතු බව ද ආචාර්ය මහානාමහේවා යෝජනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
