නීතිපති කරන කියන දේ ජනතාවට දැනගන්න පුළුවන් වෙන්න අලුත් නීතියක් ගේනවා - ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම
නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම්දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ජාතික පුවත්පතකට පවසා ඇත.
ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම කරුණ සඳහන්ව ඇති බවද ඔහු කියයි.
නීතිපතිවරයා යනු රාජ්‍ය පාලනයෙන් කොටසක් යැයි කී හෙතෙම ඒ අනුව නීතිපතිවරයා මහජනයාට පිළිතුරු දීම රාජ්‍ය පාලනයේ වගවීමේ කොටසක් යැයි අවධාරණය කරයි.
සමාජයීය වශයෙන් ඉහළ අවධානයක් යොමු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය වැනි සිදුවීමකදී එහි විත්තිකරුවන් නිදහස් කිරීම ගැන රටට කරුණු පැහැදිලි කිරීමට නීතිපතිවරයාට යුතුකමක් ඇතැයිද ජනාධිපති නීතිඥවරයා පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල විශ්වසනීයත්වය බිඳවැටෙන්නේ එවැනි අවස්ථාවල මුනිවත රකින ප්‍රතිපත්තියෙන් යැයි හෙතෙම කියයි.
මහින්ද රාප්පක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන ආණ්ඩු කාලවලදී සුවිශේෂී නඩුවලින් ඇතැම් පුද්ගලයන් නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළේ යැයිද, මහජනතාව ජාතික ජන බලවේගයට රාජ්‍ය බලය ලබාදුන්නේද එවැනි තත්ත්වයන් වැළැක්වීමට යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..