FCIDයට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්
රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ලබා දී තිබේ.
ඒ අනුව, පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත 2025.02.12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
* ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
* රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතාව බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට බස්නාහිර (උතුර) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරිම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබා දී තිබේ.
* රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතාව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාරි ඉටු කිරිම සඳහා මාරුවීම් ලබා දී ඇත.
මීට අමතරව, වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ රාජකාරි පදනම යටතේ 2025.02.12 වන දින සිට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතාව නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ද පත් කිරීම සිදු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
ජාතික අභිලාෂයන්ට හානියක් නොවන පරිදි ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුමකට එළඹුනා - ගරිබාබාඩි
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශ බොරු.. - රටේ ජීවන බර ඉහළ යාම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..