ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.
ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එරට උප ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වන ශෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් හමුවීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ.
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ මාධ්‍ය යන අංශවල ලොව ප්‍රමුඛ පෙලේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්