ලසන්ත ඝාතන විමර්ශන ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් (නිවේදන)
තම පාර්ශවයට එල්ල කෙරෙන චෝදනා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති අතර, සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමේ නිර්දේශය ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන නඩුවට සම්බන්ධ නොවන බව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව පවසන්නේ, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳ විමර්ශනයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වූ වික්‍රමතුංගගේ රියදුරු පැහැර ගැනීම සම්බන්ධයෙන් මෙම නිර්දේශය සිදුකර ඇති බවයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය අවසන් වී නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.
තවදුරටත් විස්තර කරමින්, ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු පැහැර ගැනීම සහ ලසන්ත ඝාතනය එකම නඩු අංක 92/2009 යටතේ ගොනුකර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
නීතිමය ක්‍රියාමාර්ගවල අඩුපාඩු කිහිපයක් උපුටා දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ, ප්‍රේම් ආනන්ද උදලගම යන එක් සැකකරුවකුට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
ලසන්ත වික්‍රමතුංගගේ ක්ෂේත්‍ර සටහන් පොත අතුරුදහන් වීමට සම්බන්ධ බවට හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන තවත් සැකකරුවන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී ඇති අතර, එහි ඔහු පසුපස ගිය අයගේ යතුරුපැදි ලියාපදිංචි අංක එහි අඩංගු වූ බව කියනු ලැබේ.
කෙසේවෙතත් මෙම හේතූන් මත, නීතිපතිවරයා සැකකරුවන් තිදෙනා නිදහස් කිරීමටත්, වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමටත් තීරණය කර ඇත.
එම නිවේදනය පහතින්

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්