News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ බලය එකමිටට හිමිකර ගැනීම පිළිබඳ විග්‍රහය - වරුණ අබේසේකර

Feb 6, 2025 at 11:32 AM
|

ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ බලය එකමිටට හිමිකර ගැනීම පිළිබඳ ලංකාවේ විවිධ වාද විවාද ඇති වන අතරේ විදෙස් විශ්ලේෂණ ද රැසක් ඉදිරිපත් වූ ආකාරය දැකගත හැකිවිය. බොහෝ විට වාද විවාද සහ විශ්ලේෂණවල දැකිය හැකි වූ කේන්ද්‍රීය තර්කය නම් අන් කිසිවක් නොව අනුර කුමාර සහ ඔහු නායකත්වය දෙන ජාතික ජන බලවේගය ලංකාවේ රාජ්‍යතන්ත්‍රය තුළ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන දූෂණය, වංචාව, අල්ලස, අකාර්යක්ෂමතාව, පවුල් වාදය, ප්‍රභූවාදය ආදියට එරෙහිව නැගූ විරෝධය එකී දේශපාලන ජයග්‍රහණයට හේතු වූ බවය. සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳ කාලයක් තිස්සේ රටේ වර්ධනය වූ අප්‍රසාදය ඒ පිටුපස තිබුණු ප්‍රධාන සාධකය බව දේශීය දේශපාලන පණ්ඩිතයෝ සඳහන් කරති.


එහෙත් මේ සියලු සංවාද වාද විවාද, විශ්ලේෂණ හාත්පසින් වෙනත් අතකට යොමු වූයේ අන්තර්ජාතික සබඳතා, භූ දේශපාලනික ප්‍රවණතා සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුක වන ඉන්දියාවේ ඇස්. ඩී. මුනි, අනුර කුමාරගේ ජයග්‍රහණය පිළිබඳ එරට සරසවියක පැවැත් වූ දේශනයක දී දැක්වූ අදහස් නිසාය. India and China - the next decade, India's energy security, Maoist insurgency in Nepal ඇතුළු පර් යේෂණාත්මක කෘතින් දුසිමකට වඩා රචනා කර තිබෙන ආචාර්ය මුනි ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ඒ පිළිබඳ තම අදහස් දක්වන බුද්ධිමතෙකි.


2022 වසරේ දී ඔහු ප්‍රකාශ කළේ ලංකාව දේශපාලන සහ ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ගමන් කරමින් තිබෙන හෙයින් ඉන්දියාව පරිස්සම් වියයුතු බවය. එසේම 2015 සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව සහ එහි අර්බුද පිළිබඳව ද ගැඹුරු විශ්ලේෂණ ඔහු ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාව විදේශිකයකුට පිරිනමන ඉහළම සම්මානය වන ලංකාරත්න සම්මානයෙන් 2005 වසරේ දී සම්මානිත වූ මුනි ශ්‍රී නේරු විශ්වවිද්‍යාලය, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය, බරණැස හින්දු විශ්වවිද්‍යාලය, රාජස්ථාන් සරසවිය ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල වසර හතළිහකට අධික කාලයක් උගන්වා තිබේ.


1974 වසරේ සිට 2006 වසර දක්වා ඔහු නේරු සරසවියෙහි ප්‍රධාන පෙළේ ආචාර්යවරයකු සේ කටයුතු කළේය. ලාඕසය ඇතුළු රටවල ඉන්දියාවේ විශේෂ තානාපතිවරයකු ලෙස ද කටයුතු කළ ඔහු නේපාලය සහ භූතානය පිළිබඳ පුළුල් හැදෑරීමක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි ප්‍රතිසංස්කරණ සඳහා අග්නිදිග ආසියාව නියෝජනය කරමින් ඉන්දියාවේ විශේෂ නියෝජිතයා ලෙසද සහභාගි වූ ඔහු ජාත්‍යන්තර සමුළුවල ඉන්දීය විදේශ ඇමැතිවරයා ද නියෝජනය කර තිබේ.


ඉහත අප සඳහන් කළ ආකාරයට අනුර කුමාර දිසානායක පිළිබඳ සෙසු අදහස් වෙනතකට යොමුකළ විශේෂ විශ්ලේෂණය ඉදිරිපත් කළේ මෙවැනි බරක් තිබෙන මුනිය. ඔහු ආවාට ගියාට අදහස් ප්‍රකාශ කරන්නකු නොවන අතර දකුණු ආසියාවේ දේශපාලන වර්ධන පිළිබඳ නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් අදහස් දක්වන්නකි. අනුර කුමාර දිසානායක පිළිබඳ මුනි සඳහන් කරන කේන්ද්‍රීය අදහස නම් ඔහු බලයට ගෙන ඒමේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ රාජ්‍යතාන්ත්‍රික බලපෑම හරහා ඇමරිකා එක්සත් ජනපදය බවය. ඒ නිසා අනුර කුමාර දිසානායක එක්සත් ජනපදයට සහ එහි කොළඹ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමට ණයගැති යැයි ආචාර්ය මුනි ප්‍රකාශ කරයි.


බොහෝ අය කුමන්ත්‍රණ න්‍යාය හැටියට සඳහන් කරමින් බැහැර කළ ද ඔවුන් පිළිගැනීමට කැමැති ප්‍රමාණයට වඩා මෙරට දේශපාලනයට විදේශ බලවතුන්ගේ බලපෑම විශාල එකක් බව මුනිගේ අදහසය. ලංකාවේ දේශපාලන වෙනස්කම් සඳහා ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය තානාපති කාර්යාලවල බලපෑම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ කාලයක් තිස්සේ සාකච්ඡා වී තිබේ. විශේෂයෙන් පසුගිය දශක දෙකකට ආසන්න කාලයේ දී මෙරට දේශපාලන බලපෙරළි සඳහා බලවතුන්ගේ බලපෑමේ තරම ඉතා හොඳින් පැහැදිලි විය. රාජපක්ෂ ආණ්ඩුව සඳහා චීනය කළ බලපෑම, එකී බලපෑම පිළිබඳ විරසක වූ අසල්වැසි බලවතා වන ඉන්දියාව 2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ඔහු සමග එකට වාඩි වී ආප්ප ගිල දැමූ, එවක ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය දුන් ආකාරය ද බෙහෙවින් අවධානයට ලක්වූවකි.


ජනාධිපති වූ පසු සිරිසේන මෝදිට ඇන්ද ආකාරය ද එකල කතාබහට ලක්විය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී චීන බලපෑම තදින් ලංකාවට දැනුණු අතර සිරිසේන - වික්‍රමසිංහ පාලන සමයේ දී එහි යම් වෙනසක් ඇති වුව ද ඔවුන්ගේ පාලන සමයේ මැද භාගයේ දී පමණ යළි චීනය දෙසට නැඹුරු වීමක් දැකිය හැකිවිය. ඉන්පසු බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ පාලනය ද චීනයට නැඹුරු විය. ගෝඨාභය රාජපක්ෂගේ කෙටි පාලන සමය අවසන් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වීමෙනි. ජනාධිපති වික්‍රමසිංහ ද චීනය සමග සබඳකම් අත්හැරියේ නැත. ඉන්දියාව සහ ලංකාව අතර පාලමක් තැනීම පිළිබඳ යෝජනාව ඉන්දීය අගමැති මෝදි ඉදිරිපත් කළ ද ජනාධිපති වික්‍රමසිංහ ඒ පිළිබඳ කල් වැරුවේය.


ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බලයට පත්වන්නේ මෙවැනි පසුබිමකය. මෙරට පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ සිට විදෙස් අතපෙවීම්වල ඉහළ වර්ධනයක් දැක ගත හැකිය. ඉහත සඳහන් කළ ආකාරයට පසුගිය දශක දෙකේ එහි තීරණාත්මක වර්ධන නිරීක්ෂණය කළ හැකිය. ආචාර්ය මුනිගේ තර්කය දෙස අප බැලිය යුත්තේ මෙවැනි සන්දර්භයක් අනුවය. ලෝක බල කඳවුරු, ඉන්දියානු සාගරයෙ හි උපාය මාර්ගික වශයෙන් වැදගත් තැනක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව තුළ තමන්ට ගනුදෙනු කළ හැකි, එම බලවතුන්ගේ ඉන්දියානු සාගර කලාපය පිළිබඳ අභිලාෂයන්ට ගැළපෙන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට විවිධ බලපෑම් කර තිබේ.


ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දු පැසිපික් ප්‍රතිපත්තිය බෙහෙවින් ඉලක්ක කර තිබෙන්නේ මහජන චීන සමූහාණ්ඩුව ආසියාව තුළ බලය තහවුරු කරගැනීමට මාර්ග බාධකයක් වශයෙනි. මෙම ඉන්දු පැසිපික් ප්‍රතිපත්තිය සමග ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් එකට වැඩ කරයි. එම වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාව තමන්ගේ පැත්තට යොමුකර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය පසුගිය කාලයේ බෙහෙවින් වෑයම් කළේය. විශේෂයෙන් මෑත කාලයේ බෙහෙවින් ලංකාවේ කතාබහට ලක් වූ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනය වූ ජුලි චන්ග් ඒ සඳහා මෙරට විවිධ දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, දේශපාලන නොවන සංවිධාන සමග ද සබඳතා තර කරගනිමින් සැලකිය යුතු මෙහෙයුමක් ක්‍රියාත්මක කළාය. ඇය කෙතරම් බලපෑමක් කළේ ද යත් ගාලුමුවදොර අරගලය උච්ච තැනකට පත් වූ අවස්ථාවේ එවක කථානායක මහින්ද යාපා හමු වී ජනාධිපති ධුරය භාර ගැනීමට සූදානම් වන්නැයි පවසා තිබේ.


අරගලයෙන් පසු තමන්ට අභිමත ආණ්ඩුවක් ලංකාව තුළ ගොඩනැගීමට ඇමරිකා එක්සත් ජනපදය දැරූ වෑයම එසේ අසාර්ථක විය. ඇමරිකාවේ කොළඹ තානාපති කාර්යාලය ජාතික ජන බලවේගය සමග ද බෙහෙවින් ගනුදෙනු කළේය. නොයෙක් සාකච්ඡා පැවැත් වීය. තානාපතිනී ජුලි චන්ග් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පිළිබඳ විශේෂ අවධානයක් දැක් වූයේද යන කුකුස ඇතිවන තරමට දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් විය. අනෙක් අතට අනුර කුමාර දිසානායක ජනාධිපති වී වැඩ භාර ගන්නා තෙක් ඇය ලංකාවේ රැඳී සිටියාය. මෙවැනි පසුබිමක ආචාර්ය එස්. ඩී. මුනිගේ තර්කය එක විට අපට බැහැර කළ නොහැකිය. ජනාධිපති ධුරයට පත් වූ පසු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග අදහස් හුවමාරු කරගත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය සමග ඉතා සමීපව කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බවය.


අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී එක්සත් ජනපද අවශ්‍යතා සමග ගැළපෙන සාරධර්ම, දූෂණ විරෝධී සහ විනිවිද භාවය පිළිබඳ බෙහෙවින් අවධාරණය කළ බව ආචාර්ය මුනි සඳහන් කරයි. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් වැඩ වැඩ කිරීමට අනුර කුමාර දිසානායක පොරොන්දු වීම ඇමරිකා එක්සත් ජනපදයේ සතුටට හේතු වූවාට සැකයක් නැත. ඇමරිකා එක්සත් ජනපදය ඉන්දු ෆැසිපික් ආර්ථික රාමුව සඳහා ශ්‍රී ලංකාව හවුල්කර ගැනීම ප්‍රමුඛ ඉලක්කයක් සේ සලකනු ඇත. කෙසේ වුවද මෙම සන්දර්භය තුළ එක්සත් ජනපදය, චීනය සමග උපායමාර්ගික තරගයක් තුළ ශ්‍රී ලංකාව හා ආරක්ෂක සහයෝගීතාව සකස් කරන්නේ නම් ඉන්දියන් සාගරය මහා බල ගැටුමක සටන් බිමක් බවට පරිවර්තනය විය හැකිය. එහෙත් වර්තමාන ආණ්ඩුවට මහජන චීනය සමග ද යහපත් සබඳතා තිබෙන බව දැකගත හැකිය. චීන හිතවාදී වාමාංශික දේශපාලන පක්ෂයක් සේ ගොඩනැගුණු ජනතා විමුක්ති පෙරමුණට චීනයට පිටුපෑම පහසු කරුණක් නොවේ. එම පක්ෂයේ ආරම්භක නායකයා වූ රෝහණ විජේවීරට සෝවියට් රුසියාව තහනම් කලාපයක් වූයේ ඔහුගේ මාඕවාදී එළැඹුම නිසාය.


ආචාර්ය මුනි අනුර කුමාර දිසානායකගේ දේශපාලන පරිණාමය පිළිබඳව ද සඳහන් කිරීමට අමතක කර නැත.


'අනුර දිසානායක දැන් වෙනස් පුද්ගලයෙක් වෙමින් සිටිනවා, ඔහු උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් තේරුම් ගැනීමටය. ඔහුගේ අත්දැකීම්වලින් ඔහු බොහෝ දේ ඉගෙන ගෙන ඇති බව පෙනේ.'


මුනි සඳහන් කරයි. එමගින් ඔහු නොකියා කියන්නේ අනුර කුමාර තවදුරටත් මාක්ස් ලෙනින්වාදී නායකයකු නොව නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඇගයීම්වලට නැඹුරු වූ නායකයකු බව නොවේද? ලංකාවේ දේශපාලන පණ්ඩිතයන් ද නිරීක්ෂණය නොකළ ආකාරයට ආචාර්ය මුනි අනුර කුමාරගේ දේශපාලන පරිණාමය ගැඹුරු නිරීක්ෂණයට ලක් කරයි. ඔහු සඳහන් කරන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනුර කුමාරගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබඳ ගුරුවරිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය.

'ජනතා විමුක්ති පෙරමුණ එහි ප්‍රචණ්ඩ මානසිකත්වයෙන් ඉවත් කර ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට පුහුණු කළේ චන්ද්‍රිකා කුමාරතුංගයි.'

මුනි කියයි.


ජනතා විමුක්ති පෙරමුණ එහි විප්ලවවාදී මූලයන්ගෙන් ඈත්කර වඩාත් ප්‍රායෝගික සහ ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට යොමු කිරීමේ චන්ද්‍රිකාගේ භූමිකාව තීරණාත්මක එකක් බව මුනි අවධාරණය කරයි. අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ 2000 වසරේ ඔක්තෝබර් පැවැත් වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙනි. එම මැතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණට ලැබුණේ ආසන එකසිය හතක් වැනි ප්‍රමාණයකි. ඇය එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂවලින් මන්ත්‍රිවරුන් බාගෙන ආණ්ඩුවක් හැදුව ද එය එතරම් ශක්තිමත් එකක් නොවීය. චන්ද්‍රිකා කුමාරතුංග 2001 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලන කසාදයක් කර ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නේ මෙවැනි පසුබිමකය. එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් කළ තැනැත්තා අනුර කුමාර දිසානායකය. එහෙත් එස්. බී. දිසානායක පිරිසක් සමග එක්සත් ජාතික පක්ෂයට එකතුවීම නිසා ආණ්ඩුව බිඳ වැටිණි. අනතුරුව 2001 වසරේ යළි මහ මැතිවරණයක් පවත්වයි. එමගින් එජාප නායක රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් කණ්ඩායම ජයග්‍රහණය කළේය.

කොටි සංවිධානය සමග රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම් හේතුවෙන් විවිධ දේශපාලන අර්බුද උද්ගත විය. මෙකී මතභේද දුරදිග යෑම කෙළවර වූයේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග 2004 වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමෙනි. ජනතා විමුක්ති පෙරමුණ 2001 වසරේ පොදුජන එක්සත් පෙරමුණ සමග ඇතිකර ගත් එකඟතා මත එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළේය. අනුර කුමාර දිසානායක කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණියේය. එපමණක් නොව ඔහු ඇතුළු තිස්නම දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. ජාතික ලැයිස්තුවෙන් ද මන්ත්‍රි ධුර තුනක් හිමිවිය. අනතුරුව ගොඩනැගූ ආණ්ඩුවේ කෘෂිකර්ම සහ පශු සම්පත් ඇමැති ධුරය හිමිවූයේ අනුර කුමාර දිසානායකටය. ජනතා විමුක්ති පෙරමුණේ තවත් කිහිප දෙනෙක් ඇමැතිකම් ගත්හ. පාර්ලිමේන්තුවේ කථානායක තේරීමේ යුද්ධයේ දී චන්ද්‍රිකා කුමාරතුංගට හයියට හිටියේ ජනතා විමුක්ති පෙරමුණය.

ඒ අනුව අපට පෙනෙන්නේ මුනිගේ කතාව නිවැරැදි බවය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන් මගට අවශ්‍ය පුහුණුව අනුර කුමාරට ලැබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙනි. ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණවල දී ද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාශීලීව වැඩ කළේය. 2015 යහපාලන ආණ්ඩුව සමයේ දී අනුර කුමාරට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවීම ද ඔහුගේ දේශපාලන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. අනුර පිළිබඳ මුනි දෙසුමෙන් පැහැදිලි වන්නේ ඔහු දේශපාලන සිද්ධීන් නිවැරදිව නිරීක්ෂණය කර තිබෙන බවය.

වරුණ අබේසේකර

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.