ලසන්ත ඝාතනයේ සැකකරුවන් ගැන නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටිනවා - නලින්ද ජයතිස්ස
කුරිරු ලෙස ඝාතනය කර දැමූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබාදී තිබුණේය.
මෙසේ නිදහස් කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.
හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල යනු එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වන අතර ඝාතනයෙන් පසු ලසන්තවික්‍රමතුංගගේ වැදගත් සටහන් රැසක් සහිත සටහන් පොත ඔහු භාරයට ගෙන තිබුණේය.
අනෙක් චූදිතයා වන්නේ එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර වන අතර ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත විනාශ කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
කෙසේ වෙතත් පසුව එම සටහන් පොතේ ඡායා පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයා ගත් අතර ඒ සටහන් අතර අවස්ථා රැසකදී ලසන්ත ලුහුබැඳ පැමිණි යතුරු පැදිවල අංකද වූ බව ඒ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..