අල්ලිරාජා සුබස්කරන්ගේ මාධ්‍ය ජාලය කඩා වැටේ?
ව්‍යාපාරික අල්ලිරාජා සුබාස්කරන්ට අයත් ලයිකා සමූහ ව්‍යාපාරය යටතේ පවතින සවුත් අයි පෞද්ගලික සමාගමේ සේවය කළ ජනමාධ්‍යවේදීන් 30කට ආසන්න පිරිසකගේ සේවය හදිසියේ අවසන් කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
එම සමාගම පාඩු ලබන බව පවසමින් මෙම තීරණය පිළිබඳව අදාළ ජනමාධ්‍යවේදීන්ට දැනුම්දී ඇත.
පසුගිය සතියේවල ලයිකා සමූහ ව්‍යාපාරයට අයත් ජනමාධ්‍ය ආයතන වෙනත් පාර්ශ්ව වෙත ලබාදෙන බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසට ප්‍රකාශ කර ඇති එහි මානව සම්පත් අංශය, ජනවාරි 28 වැනිදා සේවකයන් පෞද්ගලිකව ගෙන්වා ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යන බව පවසා ස්වයං ඉල්ලා අස්වීමේ ලිපි ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබේ.
එලෙස සිදුකරන්නේ නම් මාසයක වැටුප වන්දියක් ලෙස දීමට කටයුතු කරන බව දැනුම්දී ඇත.
ඒ අනුව, ඔරුවන් දෙමළ ජාතික පුවත්පතේ සේවය කළ ජනමාධ්‍යවේදීන් 11 දෙනකු, ඔරුවන් වෙබ් අඩවිය සහ එහි යූ ටියුබ් නාලිකාවේ සේවය 05 දෙනකු, මොනරා වෙබ් අඩවියේ සහ යූටියුබ් නාලිකාවල සේවය කළ 12 දෙනකු ලෙස 28 දෙනකුගේ සේවය අවසන් කිරීමට කටයුතු කර තිබේ.
මේ අතර එම සමූහයට අයත් මොනරා පුවත්පතේ ජනමාධ්‍යවේදීන්ද සිය රැකියා පිළිබඳව සැකයෙන් පසුවෙති.
අදාළ සේවකයන් සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දෙන ලෙසට සිදු කළ ඉල්ලීම ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කළ මානව සම්පත් කළමනාකරණ අංශය අනතුරුව 30 වැනිදා පස්වරුවේ ලිපියක් ලබා දී තිබුණ ද එහි කිසිම ස්ථානයක සේවය අවසන් කරන බවට එහි සඳහන් කර නොමැති බවයි, සේවකයින් සඳහන් කළේ.
එමෙන්ම ආයතන පාඩු ලබන බවට කළමනාකාරීත්වය ප්‍රකාශ කළ ද ලාභ ඉපයීම සඳහා ඔවුන් කිසිදු උත්සහයක් නොකළ බවත්, චේතනාන්විතව ආයතනය පාඩුවට පත්කිරීමට කටයුතු කළ බවත් එහි සේවයෝ චෝදනා කරති.
එමෙන්ම මේ වනවිට මොනරා වෙබ් අඩවිය සහ යූ-ටියුබ් නාලිකාවේ සේවකයන් භාවිත කළ පරිගණක අදාළ මේසවලින් ඉවත්කර වෙනම කාමරය දමා වසාදැමීමටයි කටයුතු කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ජනවාරි මාසයට අදාළ නියමිත වැටුප සාමාන්‍ය පරිදි මාසයේ අවසන් දිනය වන 30 හෝ 31 වැනිදා ලැබිය යුතු වූවත් එය මේ දක්වා ජනමාධ්‍යවේදීන්ට ලබාදී නොමැති බව එහි සේවකයෝ ප්‍රකාශ කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..