රාජ්‍ය නිලධාරීන්ට එරෙහි නඩු හබවලට විපක්ෂයෙන් නීතිඥයන්
පසුගිය පාලන කාලයන්හිදී රාජ්‍ය ආයතනවල තීරක මට්ටමේ නිලධාරීන් ලෙස කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන 112ක් ඉදිරියට ගෙන යෑමට රජය මේ වන විට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර එම නිලධාරීන් සම්බන්ධයෙන් නීති සහාය ලබා දීමට නීතිඥ සංචිතයක් නිර්මාණය කිරීමට විපක්ෂයේ දේශපාලන නායකයන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පසුගියදා ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකු වූ හිටපු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳව සාකච්ඡාව සිදුකර ඇත්තේ පසුගිය සිකුරාදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙනි.
එහිදී අනාවරණය වී ඇත්තේ, මෙම විමර්ශනවලදී බොහෝ විට අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පහළ මට්ටමේ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වැනි නිලධාරීන් ඉලක්කවී ඇති බව ය.
විවිධ රජයන් යටතේ සිදුකළ මූල්‍ය භාවිතාවන් සම්බන්ධව වන මෙම චෝදනාවලට එරෙහිව මෙම නිලධාරීන්ට මුහුණ දීමට සහාය වීමත් ඔවුන් යම් අධිකරණ කටයුතුවලට පිවිසෙන්නේ නම් ඊට සහාය වීමටත් නීතිඥවරුන් කිහිප දෙනෙකු ම මේ වන විටත් සිය එකඟත්වය පළ කර ඇති බව සඳහන් වේ.
ඒ සඳහා සමගි ජන සන්ධානයද නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ වී. දිගම්බරම් යන මන්ත්‍රිවරු පැමිණ සිටි බව සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ