සරසවි සිසුවෙකුගේ මාසික වියදම රු. 25000යි, මහපොළ රු.10000ක් කරන්න - අන්තරේ රජයෙන් ඉල්ලයි
අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පවතින ගැටලු විසඳීම සඳහා අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස අද (30දා) අයවැය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට යෝජනාවලියක් භාර දුන් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
මේ වන විට විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන, පාසල් යන අංශ සියල්ලම පාහේ බරපතළ ලෙස බිඳ වැටීමකට ලක්ව තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේය. පැවති ආණ්ඩු විසින් අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් රජය නිදහස් වී එය ක්‍රමක්‍රමයෙන් පෞද්ගලික අංශයට විවෘත කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවද හෙතෙම පැවසීය.
මේ අනුව අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදනයෙන් 3% දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවත්, ඉන් පසුව එය ක්‍රම ක්‍රමයෙන් සියයට හයක් දක්වා ඉහළ දැමිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය ආහාර වියදම් පියවා ගැනීම සඳහාවත් ප්‍රමාණවත් නොවන බවද මේ වන විට ශිෂ්‍යයෙකුගේ මාසික වියදම රු.25000 ක පමණ අගයක් දක්වා වැඩි වි තිබෙන බවද මදුෂාන් චන්ද්‍රජිත් මහතා පැවසීය.
මේ නිසා මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු.10000 ක් බවට පත් කරන ලෙස යෝජනා කළ බවද හෙතෙම පැවසීය.උසස්පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන සිසුන්ට අවස්ථාවක් ලෙස පවතින විවෘත විශ්වවිද්‍යාල සංකල්පය නගා සිටුවිය යුතු අතරම මූලික පහසුකම් නොමැති පාසල්වලට පන්ති කාමර, ජලය, වැසිකිළි, විදුලිය පහසුකම් සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නැයි ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.
පාසල් උපකරණ මත වැඩ් බදු පනවා තිබෙන නිසා එම උපකරණ මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙන හෙයින් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ මිල අඩු කිරීමටද අයවැයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසට ඉල්ලා සිටි බව හෙතෙම පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..