අනුර යාපනයේ යද්දී රැකියා විරහිත උපධිධාරින්ට උද්ඝෝෂණයට අවසර
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපනය සංචාරය අතරතුර උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ට අද දින සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබාදී ඇත.
ජනාධිපතිවරයා අද දින යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමට සහ තවත් මහජන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතය.
කෙසේවෙතත්, යාපනය පොලිස් කොට්ඨාශය තුළ ඕනෑම තැනක විරෝධතා දැක්වීම වැළැක්විය යුතු යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු යාපනය පොලිසිය විසින් නම්කරන ලදී.
ඔවුන්ට විභාගයක් සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසද නියෝග කරන ලදී.
උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන්, ඔවුන්ට සාමකාමීව රැස්වී රැකියා අවස්ථා සඳහා ඔවුන්ගේ ඉල්ලීම ප්‍රකාශ කිරීමට ඉඩදෙන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
නඩු විභාගයෙන් පසු, අධිකරණය මාර්ග දෙපස සාමකාමී විරෝධතාවයක් සඳහා අවසර ලබාදුන් නමුත් අධිආරක්ෂිත කලාපවලට ඇතුළුවීම තහනම් කෙරිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..