වී මොන මිලට ගත්තත් හාල් පාලන මිල වෙනස් කරන්නේ නෑ - කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත
ඕනෑම කෙනකුට ඕනෑම වැඩි මිලකට වී මිලදී ගන්න හැකියාව තිබෙන නමුත් දැනට රජය ගැසට් කර තිබෙන සහල් පාලන මිල කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
තෙත වී කිලෝවක් රුපියල් 120 -130ට වුවද ගැනීමට ව්‍යාපාරිකයන්ට අයිතිය තිබෙන නමුත් රජය ගැසට් කර තිබෙන සහල් මිල සම්බන්ධ තත්ත්වය වෙනස් කරන්නේ නැතැයි අමාත්‍යවරයා කීය.
වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
දැනට පාරිභෝගික අධිකාරියේ තිබෙන යම් යම් දුර්වලතා වෙනස් කර ගනිමින් සහල් පාලන මිල පවත්වා ගැනීමට අවශ්‍ය නීති පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වී මිල සම්බන්ධ දැනට ප්‍රශ්නයක් නැති නිසා රජය ඊට මැදිහත් වන්නේ නැතැයි කී අමාත්‍යවරයා වී මිල සම්බන්ධ ප්‍රශ්නයක් පැමිණි සැණින් රජය ඊට මැදිහත් වෙන බව සඳහන් කළේය.
පෞද්ගලික අංශය සමඟ තරගයක් දීමට සමත් වී අලෙවි මණ්ඩලයක් ගොඩනැගිය යුතුව තිබෙන බව කී අමාත්‍යවරයා දිගු කාලයක් තිස්සේ අඩපන කරන ලද ආයතනයක් වසරකින් වත් පණ ගසන තැනට ගැනීමට හැකිවනු ඇතැයි සිතන්නේ නැති බව සඳහන් කළේය.
හාල් මාෆියාවක් ඇති වුනේ වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති නිසා බව කී අමාත්‍යවරයා ආර්ථිකයේ රාජ්‍ය පංගුව හැම පැත්තකින් හකුලා තිබෙන බව පැවසීය.
වී අලෙවි මණ්ඩලයට වී ඇටයක් වත් දෙන්නේ නැතැයි ඇතැමුන් පවසා තිබෙන බව කී ලාල් කාන්ත මහතා පොහොර සහනාධාරය ගන්නා අය රජය ප්‍රකාශ කරන වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට දිය යුතුව තිබෙන බව සඳහන් කළේය.
ජනතාවගේ මුදල් වලින් පොහොර සහනාධාර, වාරිමාර්ග සපයාගත් ගොවියාටත් සමාජය වෙනුවෙන් යම් වගකීමක් තිබෙන බවද අමාත්‍යවරයා කීය.
පොහොර සහනාධාර ගත් ගොවීන් විසින් අනිවාර්යයෙන්ම වී අලෙවි මණ්ඩලයට වී ප්‍රමාණයක් ලබාදිය යුතු යැයි තවම තීරණයක් ගෙන නැති වුවත් එය සාකච්ඡා මට්ටමේ පවතින බව අමාත්‍යවරයා පැවසීය.
ගොවීන්ට ගොවිතැන් කරන්නට වාරිමාර්ග , පොහොර සහනාධාර සපයන්නේ ඩඩ්ලිලා, රත්නලා නොවන බවද ලාල්කාන්ත මහතා කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..