අවුරුදු දහයක් තුළ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් 9,000ක් වසා දමාලා - අනුරාධ තෙන්නකෝන්
රට පුරාම ගතවු අවුරුදු දහය තුළ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් 9,000ක් වසා දමා ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කරයි.
පසුගිය 2015 වසරට පෙර හාල් මෝල් 10,000ක් රටපුරා පවත්වා ගෙන ගිය බවත් ණය බර හාල් මෝල් වසා දැමීමට බලපා තිබෙන බවද සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කරයි.
දැනට පවත්වාගෙන යන සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් 1,000හි හිමිකරුවන්ගෙන් 800ක් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වී වාණිජ බැංකු මගින් අසාදු ලේඛන ගත කර තිබෙන බවත් මෝල් 9,000ක් වසා දැමීමට ණය බර සහ ගෙවීම පැහැර හැරීමෙන් අසාදු ලේඛනගත වීම බලපා තිබෙන බවද සදහන් කරයි.
මාස් කන්නයේ වී මිලදී ගැනීමට වාණිජ බැංකු මගින් රුපියල් මිලියන 50 බැගින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය ලබාදීමට රජය තීරණය කර තිබුණත් බැංකුවල කොන්දේසිවලට අනුව හාල් මෝල් හිමියන් 9,800කට ණය ලබා ගැනීමට නොහැකි බවද සදහන් කරයි.
පැහැර හැර ඇති ණය අය කර ගැනීමේ පදනමින් සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන්ට මාස් කන්නයේ වී මිලදී ගැනීමට ණය නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එමගින් සහතික මිලට පාරිභෝගික ජනතාවට හාල් සැපයීමේ රජයේ ඉලක්කයට ළඟා විය හැකි බවද සභාපතිවරයා සදහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..