News Category
From Date
To Date
Maximum Number of Result

‘‘ක්ලීන් ශ‍්‍රී ලංකා’’ සඳහා ඌන පූර්ණයක්

Jan 29, 2025 at 10:54 AM
|

මහජනයා විසින් ඓතිහාසික ජනවරමක් ලබාදෙමින් වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්නේ පෙර සිටි පාලකයන් විසින් නිර්මාණය කළ බහුවිධ අර්බුද ජය ගැනීම සඳහා බව ඉතා පැහැදිලිය. එහිදී අතීත පාලකයෙන් ප‍්‍රතික්ෂේප කිරීම මගින් ඔවුන්ට දඬුවම් කිරීමේ අපේක්ෂාවද මහජනයාගෙන් යම් ප‍්‍රතිශතයක හදවත් තුළ තිබූ බව රහසක් නොවේ. මහජනයා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා අත තිබූ ‘‘රිලේ බැටන්’’ එක උදුරා අනුර දිසානායක මහතා අතට දුන්නද ඔහුට දිවීමට සිදුව ඇත්තේ මීට පෙර සිටි පාලකයින් විසින් නිර්මාණය කළ ධාවන පථයේම බව දැන් ඉතා හොඳින් දැකගත හැක. එහෙත් බහුතර ජනයාට ඒ පිළිබඳව අවබෝධයක් නැත. එහිදී විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධාවන පථය ශක්තිමත් කිරීම හෙවත් ඉන් එළියට පැනගැනීම වැළැක්වීම සඳහා බරපතල බාධක ප‍්‍රමාණයක් පැනවුවද ඒ පිළිබඳව බරපතල සමාජ කතිකාවක් ගොඩනැගෙන්නේ නැත. එහෙත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස ඊනියා යහපාලන ආණ්ඩුව කාලයේදී සහ ඉන් පසුව පශ්චාත් අරගල ඊනියා පත් කළ ජනාධිපතිවරයා ලෙස රෝපණය කළ ‘‘අර්බුද බීජවල’’ අස්වනු නෙලීමට සිදුවන්නේ වර්තමාන ආණ්ඩුවටය. 

එසේ රෝපණය කළ අර්බුද බීජ රාශියක් අතුරින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම හෙවත් ඉතා ඉහළ පොළියට විදේශීය වාණිජ ණය ලබා ගැනීමත ඒ වන විට පැවති විදේශ විනිමය පනත අහෝසි කර කළු වෙළඳ පොළ ප‍්‍රචලිත කරන 2017 නව විදේශ විනිමය පනතක් සම්මත කිරීමත මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් 2023 මහ බැංකු පනත මගින් රටේ මූල්‍ය පාලනයට අදාළ මහජන පරමාධිපත්‍ය මූල්‍ය අරමුදලේ එජන්තයන්ට පැවරීමත මූල්‍ය අරමුදලේ සොච්චම් ණය මුදලක් සඳහා ආණ්ඩුව බරපතල කොන්දේසි ප‍්‍රමාණයට හිර කිරීම ආදිය ප‍්‍රමුඛ වේ. ඊට අමතරව ඊනියා විවෘත ආර්ථිකය යටතේ 1977 සිට රටේ ආර්ථිකය පරාදීනත්වයට නතු කිරීම සඳහා හේතු වූ සාධක ලැයිස්තුව ඉතා දීර්ඝ එකකි. 

ගෝඨාභය රාජපක්ෂ පාලනයට, ඊට පෙර රනිල් – මෛත‍්‍රී පාලනය විසින් නිර්මාණය කළ අවුල් නිවැරදි කිරීම සඳහා මහා ජනවරමක් මහජනයා විසින් ලබා දුන්නද ඒ සඳහා නිසි කළ නිසි උපාය මාර්ගික තීන්දු ගැනීමට ඔහු අසමත් විය. ඒ වෙනුවට ඔහු බලය අතහැර පලායාමේදී ලෙඬේ උත්සන්න කළ වෙදාටම රට හෙවත් ලෙඩා බාරදීමට ක‍්‍රියා කළේය. ඒ සියල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන ආණ්ඩුව බලයට පත් වුවද ඔවුන්ට දැන් ක‍්‍රමයෙන් වර්ධනය වන අතීත අර්බුදයට මුහුණ දීමට සිදුවී ඇත. නමුත් ආණ්ඩුවේ අසමත්කම් පිළිබඳව විවේචන එල්ල කරුණු ලබන විපක්ෂ බලවේග සතුව විසඳුම් නොමැති බවද ඉතා පැහැදිලිය. අර්බුදය නිර්මාණය කිරීමට විවිධ මට්ටම්වලින් දායක වූ ඔවුන් සතුව විසඳුම් නොමැති බව ඊට අදාළව තම යෝජනා ඉදිරිපත් කරමින්, හැකිනම් ක‍්‍රියාත්මක කරන ලෙස, ආණ්ඩුවට අභියෝග කිරීමට අසමත් වීම තුළින් පැහැදිලිවේ. 

කෙසේ වෙතත් මේ වන විට උත්සන්න වෙමින් පවතින බහුවිධ අර්බුද ජයගැනීම සඳහා මහජන දැනුවත්භාවය සහ සහයෝගය හෙවත් දායකත්වය පූර්ව කොන්දේසියක් වන බව කිසිදු සැකයක් නැත. වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ, විවිධ විද්වතුන් යැයි කියාගන්න පිරිස් විසින් සකස් කළ බව පෙනෙන, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නම් වූ දීර්ඝ සංකල්ප පත‍්‍රිකාව මගින් අර්බුදය ජය ගැනීම සඳහා නිශ්චිත සහ ඉලක්ක සහගත උපායමාර්ගික රාමුවක් හෝ සැලසුමක් ඉදිරිපත් වන්නේ නැත. එහි අඩංගු බොහෝ සංකල්ප මගින් මහජනයා තුළ අපේක්ෂා ජනිත කළ හැකි වුවත් එම අපේක්ෂා ඉටු කිරීම සඳහා මඟ පෙන්වීමක් ඒ මගින් ලැබෙන්නේ නැත. ඒ අනුව ආණ්ඩුව විසින් නිර්මාණය කළ මූලික සටන් පාඨය වන ‘‘පුනරුදය’’ එනම් නැවත ඉපදීම සංකේතවත් කරන ප‍්‍රබල වෙනස්කම් සඳහා නිශ්චිත වැඩ ලැයිස්තුවක් හෝ ඉදිරිපත් කිරීමට පසුගිය දින 100 තුළ ආණ්ඩුව අසමත් වී ඇත. ඊට අමතරව ඉහත සඳහන් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ අඩංගු ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමය අභියෝගයට ලක්වන යම් යෝජනා නිසා සමාජයේ යම් කොටසක් තුළ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග පිළිබඳව සැක සංකා ජනිත කරන බවක්ද දක්නට ඇත.

ඒ අනුව ආණ්ඩුව නව ප‍්‍රවේශයක් මගින් මහජන විශ්වාසය තහවුරු කර ගැනීම සහ සමාජයේ නව අපේක්ෂා ජනිත කිරීම සඳහා මහා පරිමාණ ජාතික ව්‍යාපෘතියක් ලෙස ‘‘ක්ලීන් ශ‍්‍රී ලංකා’’ යොදා ගැනීමට උත්සාහ කරන බව පෙනේ. එහෙත් ඊට අදාළව ආණ්ඩුව විසින් උපාය මාර්ගික රාමුවක් සහ නිශ්චිත වැඩපිළිවෙලක් ලියවිල්ලක් ලෙස රටට ඉදිරිපත් කර නැත. ඒ නිසා ආරම්භයේදීම වැරදි කොන්වලින් හෙවත් වලිගයෙන් අල්ලා ගැනීම නිසා එම ව්‍යාපාරය විවිධ පිරිස් විසින් විවිධාකාරයට හඳුනාගන්නා බවක් දක්නට ඇත. යම් පාර්ශ්වවලට අනුව මහා ව්‍යාපෘතිය ආරම්භ වන්නේ පෙබරවාරි මාසයේදීය. ඔවුනට අනුව පුද්ගලික බස් රථ හෝ ත‍්‍රී රෝද රථ රියදුරන් සමග ගැටුම් නිර්මාණය කරන ක‍්‍රියාමාර්ග ඊට අදාළ පෙරහුරු ලෙස හඳුනාගත යුතුය. එවැනි තත්වයක් තුළ පෙරහුරුව එසේ නම් මහා ව්‍යාපෘතිය කෙසේ වනු ඇත්දැයි මහජනයා වික්ෂිප්ත වීම ස්වාභාවික තත්ත්වයකි. තවත් පාර්ශ්වවලට අනුව එය හුදු පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යායාමයකි. ඊට ඌන පූර්ණ එකතු කරන පාර්ශ්ව සමාජයේ අධ්‍යාත්මික පරිවර්තනයක් පිළිබඳවද කතාකරති. එය සාධනීය ප‍්‍රකාශයක් වුවද අවසන් ප‍්‍රතිඵලය කුමක්දැයි සිතින් මවාගැනීම සඳහා අදාළ අරමුණු සහ ඒ කරා ළඟා වන උපාය මාර්ගික ප‍්‍රවේශය සහ වැඩ ලැයිස්තුව නිශ්චිත දින වකවානු සහිතව ප‍්‍රකාශයට පත් නොවීම බරපතල අඩුපාඩුවකි. 

එම තත්වය තුළ අඩු තරමින් ‘‘ක්ලීන් ශ‍්‍රී ලංකා’’ ව්‍යාපෘතිය රට මුහුණ දෙන අර්බුදය ජය ගැනීම සඳහා ආරම්භක ප‍්‍රවේශයක් ලෙස යොදා ගැනීම සඳහා යම් මඟ පෙන්වීමක් ලබාදීම ජාතික බලවේගවල වගකීමක් බවට පත්වේ. ඒ අනුව ක්ලීන් ශ‍්‍රී ලංකා සඳහා චතුර්විධ අරමුණු යෝජනා කළ හැක. එනම් පිරිසිදු පරිසරයක්,පිරිසිදු රාජ්‍ය සේවයක්, පිරිසිදු සමාජයක් සහ පිරිසුදු හෙවත් සාධාරණ ආර්ථිකයක් ලෙස එම අරමුණු ඉදිරිපත් කළ හැක. එම අරමුණු ඉටුකර ගැනීම සඳහා එක් අරමුණකට අදාළ උපායමාර්ගික ප‍්‍රවේශයන් දෙකක් ඇතුළත් වන ආකාරයට අට වැදෑරුම් හෙවත් අෂ්ඨාංගික උපාය මාර්ගික ප‍්‍රවේශයක් මෙසේ ඉදිරිපත් කළහැක. 

පිරිසිදු පරිසරයක්:

පිරිසිදු පරිසරයක් යටතේ පළමු උපාය මාර්ගික ප‍්‍රවේශය ලෙස කෙටිකාලීනව මේ වන විට පළාත් පාලන ආයතනවල දුර්වලතා නිසා සහ මහජනයාගේ දුප්පත් ආකල්ප නිසා අවිධිමත් ලෙස බැහැර කෙරෙන කසල තොග ඉවත් කිරීම සහ ඊට අදාළව දීර්ඝකාලීන විසඳුම් ඉදිරිපත් කළ හැක.  කසළ ඉවත් කිරීමේ කෙටිකාලීන වැඩසටහන් සඳහා නිශ්චිත කාල රාමුවක් නියම කළ හැකි අතර ඒ සඳහා රාජ්‍ය සේවකයින් පොදු මහජනතාව සහ පාසල් සිසුන් ස්වේච්ඡුා පදනමින් යොදා ගත හැකි අතර ආරක්ෂක හමුදා සතු සම්පත් මූලික වශයෙන් යොදාගත හැක. ඊට සමගාමීව දීර්ඝ කාලීනව විධිමත්ව කසල බැහැර කිරීම එනම් දිරායන සහ එසේ නොවන මෙන්ම නැවත භාවිතා කළ හැකි සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි කසල වලට අදාළව ජාතික මට්ටමින් යාන්ත‍්‍රණය සකස් කළ හැක. ඒ සඳහා මූලික වශයෙන් පළාත් පාලන ආයතන යොදා ගැනීම සඳහා දිරිගැන්වීමේ පැකේජයක් හඳුන්වා දිය හැක. ඊට අදාළව පුහුණු කිරීම් සහ සම්පත් ලබාදීම මෙන්ම ආවේෂණය සහ අධීක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ යාන්ත‍්‍රණයක් සකස් කළ හැක. 

එම දීර්ඝ කාලීන වැඩසටහන යටතට කසල මගින් කාබනික පොහොර නිපදවීම, සත්ව ආහාර ලෙස යොදා ගැනීම (විශේෂයෙන්ම ඌරන් සඳහා* සහ බලශක්තිය නිපදවීම, පොලිතින් සහ රබර් මගින් ඝන ව්‍යුහයන් නිෂ්පාදනය කිරීම, කඩදාසි කර්මාන්තය සඳහා යොදා ගැනීම ආදී වාණිජ ව්‍යාපෘති හඳුන්වා දිය හැක. උදාහරණයක් ලෙස කොළඹ එළවළු තොග වෙළඳපළ ආශ‍්‍රිතව දිනකට එකතු වන සත්ව ආහාර සඳහා පවා යොදාගත හැකි ඊනියා අපද්‍රව්‍ය ප‍්‍රමාණය මෙට‍්‍රික් ටොන් 30ක් පමණ වන බවට සාක්ෂි ඇත. කඩුවෙල මහ නගර සභා බල ප‍්‍රදේශය තුළ නිවාස සහ හෝටල් මගින් ඉවත් කරන සත්ත්ව ආහාර ලෙස යොදා ගත හැකි ඉඳුල් ප‍්‍රමාණය මෙට‍්‍රික් ටොන් 30ක් පමණ වන බව දැන ගැනීමට ඇත. ඒ අනුව තදාසන්න ප‍්‍රදේශවල කුඩා පරිමාණ ඌරන් ඇති කරන ගොවිපළ රාශියක් සඳහා ආහාර සැපය හැකි බව පැහැදිලි වේ. 

පිරිසිදු පරිසරයක් අරමුණට අදාළ දෙවන උපාය මාර්ගයක ප‍්‍රවේශය වන්නේ පරිසරය පිරිසිදු කරන පරිසරයක් සහ ජීවන රටාවක් නිර්මාණය කිරීමය. ඒ මගින් මහජනයාගේ ආකල්ප, හැසිරීම් සහ ආහාර පරිභෝජන රටාව පවා වෙනස් කිරීම සඳහා මානසික බලපෑම් ඇති කළ හැක. ඒ සඳහා ප‍්‍රමුඛතම වැඩසටහනක් ලෙස සැලකිය හැක්කේ රටේ පවතින 35000ක් පමණ වන කුඩා සහ මධ්‍යම පරිමාණ වැව් සහ ඒ ආශ‍්‍රිත පරිසර පද්ධති ප‍්‍රතිසංස්කරණය සඳහා මහජන සහභාගීත්ව ක‍්‍රියාකාරකම් හඳුන්වා දීමය. ඊට සහාය වීම සඳහා ආරක්ෂක හමුදාව සතු සම්පත් සහ අදාළ රාජ්‍ය ආයතන සහ ගොවි සංවිධාන වල සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා පරිපාලන යාන්ත‍්‍රණයක් සහ දේශපාලන මැදිහත්වීම සඳහා ක‍්‍රමවේදයක් හඳුන්වා දිය හැක. ඊට අදාළව අරමුදලක් ගොඩනැගීම සඳහා පුද්ගලික අංශය සහ මහජන සහය දිරිමත් කළ යුතුය. ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන යොදාගත හැක.

පිරිසිදු රාජ්‍ය සේවයක් 

පිරිසිදු රාජ්‍ය සේවයක් බිහිකිරීම සඳහා මූලික උපාය මාර්ගික ප‍්‍රවේශයන් දෙකක් වැදගත් වේ. පළමුවැන්න ඉහළ නිලධාරීන්ගේ සහ දේශපාලන නායකයින්ගේ මහජන වගවීම් සහතික කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වාදීමය. ලෝක මට්ටමින් පවතින ආදර්ශය වන්නේ නායකත්ව ආචාර ධර්ම පද්ධතියක් නීතිගත කිරීම සහ බිඳවැටීම විභාග කිරීම සඳහා ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළ හැකි ආකාරයට නව නීතිමය රාමුවක් හඳුන්වා දීමය. ඒ මගින් මූලික වශයෙන් අදාළ නායකයින් තමාට තමා වගකිවයුතු නීතිමය සහ ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන වලට අනුව කටයුතු කිරීම සහතික කළ හැක. ඊට අමතරව කාර්යක්ෂමතාවය සහ ප‍්‍රතිඵලදායකත්වය පිළිබඳව සොයා බැලීමට සහ පැමිණිලි කිරීමට මහජනයාට සහ මහජන සංවිධානවලට අවකාශය ලැබේ. එසේම එමඟින් නුසුදුසු පුද්ගලයන් පත් නොකිරීමට පෙළඹවීමක් ඇතිවන අතර නුසුදු පුද්ගලයින් විසින් තනතුරු භාර ගැනීම වැළැක්වීම සඳහා අදාල පුද්ගලයින්ට මානසික බාධක පැනවීමක් ද සිදුවේ. 

ඊට අදාළ දෙවන උපායමාර්ගික ප‍්‍රවේශය වන්නේ දුෂණ වංචා වැළැක්වීමය. ඉහත සඳහන් කළ නීතිය මඟින් එම අවශ්‍යතාවයද ඉටුවේ. නමුත් මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා ¥ෂණ විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම වැදගතක්වේ. ඊට අමතරව අතීත වැරදි විභග කිරීම සහ ද`ඩුවම් ලබාදීම සඳහා, විශේෂයෙන්ම හොරු ඇල්ලීමේ සටන් පාඨය බොරුවක් නොවන බව ඔප්පු කිරීම සඳහා, 1971 අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ආදර්ශයට ගනිමින් නව නීතිමය රාමුවක් හඳුන්වා දිය හැක.

පිරිසිදු සමාජයක්:

පිරිසිදු සමාජයක් අරමුණට අදාළව පළමු උපායමාර්ගික ප‍්‍රවේශය වන්නේ සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ට වීම සහ සමාජ සංස්ථා විඳවැට්ට වීම වැළැක්වීමය. දෙවැන්න සමාජය මානසික වහල් භාවයෙන් හෙවත් පරාදින මානසිකතවයෙන්ගලවා ගැනීමය. ඒ අනුව පළමු උපාය මාර්ගික ප‍්‍රවේශයට අදාළව මූලික ක‍්‍රියාමාර්ග හතරක් යෝජනා කළ හැක. ඒ අතරින් පළමුවැන්න මත්ද්‍රව්‍ය පාලනයට අදාළ පාර්ලිමේන්තු ආංශික කාරක සභාව විසින් ඉදිරිපත්කර සහාගතකර ඇති ඉති වැදගත් නිර්දේශ අඩංගු වාර්තාව ක‍්‍රියාත්මක කිරීමය. දෙවැන්න ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක‍්‍රියාත්මක වූ පාර්ලිමේන්තු සංසදයේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමය. එහිදී එම කමිටු නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් පිළිබඳව සොයා බැලීමට වඩා වැදගත් වන්නේ එම නිර්දේශවලට මුල් වූ විද්වත් අදහස් දැක්වූ මහා සංඝරත්නය සහ විද්වතුන්ගේ  විශ්වාසනීයත්වය පිළිබඳව සොයා බැලීමය.

තුන්වැන්න වන්නේ භික්ෂු සමාජ සංස්ථාව ආරක්ෂා කිරීම සඳහා විනය විරෝධී භික්ෂූන් ශාසනයෙන් නෙරපීම සඳහා අදාළ කාරක සභා සංඝ සභාවට බලය පැවරෙන ආකාරයට විහාර දේවාලගම පනත සංශෝධනය කිරීමය. ඊට අදාළව ගෞරවනීය මහානායක හිමිවරුන් විසින් විවිධ පාලකයින්ට ඉල්ලීම ඉදිරිපත් කළ ද කළද එම සාධාරණ ඉල්ලීම් ඉටු නොවන්නේ කුමක් නිසාදයි සොයා බැලීමද වර්තමාන රජයේ වගකීමකි. හතර වැනි ප‍්‍රවේශය වන්නේ ගෝලීය බිලියනපතියන් විසින් නිර්මාණය කිරීමට නියමිත ඊනියා ගෝලීය ආණ්ඩුවට අවශ්‍ය යටත් වැසියන් හෙවත් මානසික වහලූන් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමය. ඒ අනුව ඊට අදාළව ප‍්‍රවේශය සහ අන්තර්ගතය යන පැතිකඩ දෙකම පාලනය කිරීම සඳහා විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම පූර්ව කොන්දේශයක් බවට පත්වේ. 

පිරිසිදු සමාජයක් ගොඩනැගීමට අදාළ දෙවන උපාය මාර්ගික ප‍්‍රවේශය වන්නේ රටේ පොදු ජනතාව පමණක් නොව ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකයින් පවා මානසික වහල් භාවයෙන් ගලවා ගැනීමය. ඊට අදාළව ප‍්‍රවේශයන් දෙකක් යෝජනා කළ හැක. පළමුවැන්න අධ්‍යාපන පද්ධතිය විශේෂයෙන්ම දහම් පාසලද ඇතුළුව ගුරු මූලික හෙවත් ආදර්ශය සහ මග පෙන්වීම මුල් කරගත් ඓතිහාසික අධ්‍යාපන පද්ධතිය නැවත ගොඩනැගීමය. ඒ සඳහා පූර්ව කොන්දේසි ත‍්‍රිත්වයක් ඇත. පළමුවැන්න ගුරු වෘත්තිය රටේ උසස්ම වෘත්තිය බව පිළිගනිමින් ආචාර ධර්ම පද්ධතියක් මෙන්ම සුදුසුකම් සහ පුහුණුව පිළිබඳව නිර්දේශ පැනවීම සඳහා නව නීතියක් මගින් වෛද්‍ය සභාවට සමාන ආකාරයට ගුරු සභාව නමින් නව නීතිමය රාමුවක් හඳුන්වා දීමය. දෙවැන්න දහම් පාසල් විෂය මාලා සහ ක‍්‍රියාකාරකම් වෙනස් කිරීමය. තෙවැන්න දරුවන් පරාදීන මානසිකත්වයෙන් ගලවා ගැනීමට අදාළව පුහුණුව සහ පෙළඹවීම ලබාදීම සඳහා පාසල් ආශ‍්‍රිතව, 2011 චක‍්‍රලේඛය අනුව දේශීය ආහාර පරිභෝජන සංස්කෘතිය ප‍්‍රචලිත කිරීම සහ දේශීය නිෂ්පාදන මිලදී ගැනීම ජාතික වගකීමක් බවට ජාතික මට්ටමින් පුළුල් ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමය. 


පිරිසිදු ආර්ථිකයක්:

පිරිසිදු ආර්ථිකයක් හෙවත් සාධාරණ ජාතික ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වන උපාය මාර්ගික ප‍්‍රවේශයන් දෙක අතුරින් පළමුවැන්න ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පරාදීනත්වයෙන් ගලවා ගැනීම සඳහා මූලික නීතිමය රාමු හඳුන්වාදීමය. ඒ අනුව ප‍්‍රධාන වශයෙන් නීතිමය රාමු දෙකක් හඳුන්වා දිය යුතුය. ඒ අතරින් පළමුවැන්න දේශීය කර්මාන්ත පද්ධතිය විශේෂයෙන් ඊට අදාළව සැපයුම් දාමයට සම්බන්ධ වන ගොවීන් සහ සුළු නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා උපාය මාර්ගික කර්මාන්ත ආරක්ෂා කිරීමේ පනතක් සම්මත කිරීමය. ඒ මගින් මහජනයාට සහ නිෂ්පාදකයාට පැමිණිලි සහ අභියාචනා ඉදිරිපත් කළ හැකි ආකාරයට කොමිෂන් සභාවක් පිහිටු විය යුතු අතර දේශීයනිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ආනයන අධෛර්යමත් කිරීම සඳහා වන ආරක්ෂණවාදී බදු ප‍්‍රතිපත්තියක් නීති ගත කළ යුතුය. නමුත් ආණ්ඩුවට උපදෙස් දෙන ජාවාරම්කාර ආනයනකරුවන්ගෙන් වැටුප් ලබන පිරිස් වෙළඳාම ප‍්‍රචලිත කිරීමේ නාමයෙන් ආරක්ෂණවාදයට එරෙහිව ආණ්ඩුවට මානසික බාධක පනවන බවට කිසිදු සැකයක් නැත. ඊට අදාළ දෙවන නීතිය වන්නේ ආරක්ෂිත ආහාර සුරක්ෂිතා පනතක් හඳුන්වා දීමය. ප‍්‍රධාන ආහාර භෝග නිෂ්පාදනය සහ වෙළඳාමට අදාළව ආහාර නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රතිපාදන පැනවිය. විශේෂයෙන්ම වෙළඳපළ ව්‍යුහය තුළ උදාහරණ ලෙස ආර්ථික මධ්‍යස්ථාන ආශ‍්‍රිතව ගොවියාගේ සහ ගොවි සංවිධාන වල කේවල් කිරීමේ බලය ආරක්ෂා කිරීම සඳහා වන වෙනස්කම් මෙන්ම නිෂ්පාදකයාට සාධාරණ මිල යන පදනම මත පාරිභෝගිකයාට සාධාරණ ඉටු කිරීම යන මූලධර්මය හඳුන්වා දිය යුතුය. 

පිරිසිදු ආර්ථිකයක් සඳහා වන දෙවන උපායමාර්ගික ප‍්‍රවේශය වන්නේ ආර්ථික සාධාරණත්වය සහතික කිරීම සඳහා බහුතර ජනතාවකට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා සැලසීම සඳහා වන පූර්ව කොන්දේසි සැපිරීමය. ඒ අතරින් පළමුවැන්න සුළු නිෂ්පාදකයා මූල්‍ය වහල් භාවයෙන් ගලවා ගැනීමය. ඒ සඳහා ක්‍ෂද්‍ර මූල සැපයුම් පද්ධතිය නියාමනය කිරීම සඳහා අදාල නීතිය ශක්තිමත් කළ යුතු අතර ක්‍ෂද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ රාජ්‍ය කොටස් වර්ධනය කිරීම සඳහා දිවිනැගුම බැංකු පද්ධතිය සමූපකාර බැංකු සහ ගොවි ජන බැංකු පද්ධතිය පුළුල් කළ යුතු අතර රජය මඟින් එම ආයතනවලට සහන පොලියට තොග ණය ලබාදිය යුතුය. දෙවන කොන්දේසිය වන්නේ දේශීය නිෂ්පාදකයාට රාජ්‍ය සමඟ කේවල් කිරීම සහ දුක් ගැනවිල ඉදිරිපත් කිරීම සඳහා නීතිමය සහ පරිපාලන අවකාශය පුළුල් කිරීමය. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩල පනත යටතේ පිහිටවිය යුතු  කර්මාන්තකරුවන්ගේ ආංශික කමිටු ශක්තිමත් කළ යුතුය. 

ඊට අදාල තුන්වන පූර්ව කොන්දේශිය වන්නේ නිෂ්පාදකයා විශේෂයෙන්ම ගොවියා යෙදවුම් සඳහා මහා සමාගම් මත යැපීම අවම කිරීම සඳහා අවම පලිබෝධනාශක ලැයිස්තුව නීතිගත කිරීම සහ පාරිසරික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීම් ලබාදීමය. එම ක‍්‍රියාවලිය තුළ ගොවි සංවිධාන සහ ගොවීන් සක‍්‍රීයව දායක කර ගැනීමට අවස්ථාව නිර්මාණය වේ. ඊට අදාල හතරවන කොන්දේසිය වන්නේ, රජය, රටේ විශාලතම මිලදී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීම සදහා දැනට ව්‍යාජ ලෙස ලබාදී ඇති ප‍්‍රමුඛතාවය අනිවාර්ය කිරීමය. 

අවසාන වශයෙන්, සෑම උපායමාර්ගයකටම අදාලව භික්ෂූන් වහන්සේලාගේ, රාජ්‍ය නිලධාරීන්ගේ, ව්‍යාපාරික ප‍්‍රජාවගේ, සුළු නිෂ්පාදකයින්ගේ සහ පොදු මහජනතාවගේ දායකත්වය මෙන්ම සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා ක‍්‍රියාකාරකම් තේරීම දේශපාලන වශයෙන් ඉතා වැදගත් වේ. 


වෛද්‍ය වසන්ත බණ්ඩාර 

ලේකම් 

දේශිතෛෂී ජාතික ව්‍යාපාරය 


සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.