News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියට අනුව විශ්‍රාම වැටුප් ලබන හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ - ගම්මන්පිල හෙළිකරයි

Jan 27, 2025 at 07:57 PM
|

හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක් බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු එම මැතිවරණ ප්‍රකාශනය සකස් කල කමිටුවේ නොසිටි බව පෙනී යන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.

පිවිතුරු හෙළ උරුමයේ නායකා මේ බව සදහන් කර සිටියේ අද දින (27) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්ම්නපිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය

විශ්‍රාම වැටුප් අහෝසියට ව්‍යවස්ථාවෙන් බාධාවක්.

සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා පසුගිය ජනාධිපතිවරණ සමයේ වැලිගේපොල රැස්වීමේ දී ජනතාවට ලොකු පොරොන්දුවක් දුන්නා. ඒ තමයි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම අවසන් වී පැවැත්වෙන පළමු ඇමති මණ්ඩල රැස්වීමේ දී ම හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කරනවා කියන එක. මේ දවස්වල අපි එහෙම කිව්වේ නෑ කියන එකනේ ආණ්ඩුවේ ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් සාක්ෂියකට ඇහුන්කන් දෙමු.

සමන්ත විද්‍යාරත්න මැතිතුමා

මෙන්න රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශයේ මෙහෙම ඇහෙනවා. ජාතික ජන බලවේගයේ නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ රැස් විය. එහි දී විශේෂ තීන්දු ගණනාවක් ගන්නා ලදී. එහි එක් තීන්දුවක් පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි විශ්‍රාමික ජනාධිපතිවරු පස්දෙනා වෙත ලබා දී ඇති වැටුප්, නිල නිවාස, යාන වාහන ඇතුළු සියළුම වරප්‍රසාද අහෝසි කරනු ලැබේ.

දැන් මැතිවරණ දෙකෙන් පස්සේ පළමු ඇමති මණ්ඩල රැස්වීම විතරක් නොවේ දසවන ඇමති මණ්ඩල රැස්වීමත් පවත්වලා ඉවරයි. එහෙම නම් මේ ප්‍රවෘත්ති අපට ඇහෙන්න එපායැ. මගේ කනේ දෝෂයක් ද දන්නේ නෑ. මට නම් එහෙම ඇහුනේ නෑ. ඇත්තෙන්ම මාලිමා ආණ්ඩුව දුන්නු බොරු පොරොන්දු වැලේ ඉදිරියෙන්ම තිබුණු අනුර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමා නායකයින් රස කරමින් කියූ පොරොන්දුවක් තමයි හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියන එක. ඒක එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලිඛිතව සඳහන් වෙනවා. එහෙනම් ඇයි දැන් ඒක ගැන සද්ද නැත්තේ? අමතක වෙලා ද? අමතක වෙලා නොවේ. අමතක කරලා. වඩාත් නිවැරදිව කිව්වොත් අමතක කරන්න සිද්ධ වෙලා. ඇයි අපි එහෙම කියන්නේ.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියට අනුව දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ. ඕනෑ නම් අනුර ජනාධිපතිතුමාට පුළුවන් එතුමාගේ සිට ඉදිරියට එන ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් අහෝසි කරන්න. නමුත් දැනට ඉන්න අයගේ විශ්‍රාම වැටුප අහෝසි බෑ. අපි ඒ වගන්තිය කියවමු.

යම් තැනැත්තෙකු විසින් ජනාධිපති ධූරය භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන්පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූල වන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බල නොපාන්නේය.

කවුද කියන්නේ උදය ගම්මන්පිල නෙමෙයි ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක රකින්න තමයි අනුර කුමාර ජනාධිපතිතුමා පොරොන්දු වෙලා දියුරුම් දීලා වැඩ පටන් ගත්තේ ඒ පොරොන්දු අනුව නම් එතුමාට හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න බෑ.

මේ වගන්තියේ කියන විධියට ව්‍යවස්ථාවේ මේ වගන්තිය සංශෝධනය කළත් ඊට පටහැනි වෙනත් වගන්තියක් ගෙනාවත් ඒකෙන් අතීතයට බලපාන්නේ නෑ. බලපාන්නේ අනාගතයට විතරයි. සරලවම කිව්වොත් දැනට විශ්‍රාම වැටුප් ලබන කිසිම ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැකියාවක් මාලිමා ආණ්ඩුවට නෑ.

විශ්‍රාම වැටුපක් අතීතයට බලපාන්න අහෝසි කරන්න විතරක් නොවේ අඩු කරන්නත් බෑ. ඒක ලෝකය පුරාම පිලිගත් නීතිමය මූලධර්මයක්. ඒකට හේතුව තමයි තමන් සේවය කරන කාලයේ දී විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන බලාපොරොත්තුවෙන් විශ්‍රාමික ජීවිතයේ දී වියදම් කරන්න මුදල් ඉතිරි කරන්න ඒ සේවකයා පෙළෙඹෙන්නේ නෑ. ඒකට නීතියේ කියනවා සුජාත අපේක්ෂාවේ න්‍යාය නැතිනම් doctrine of legitimate expectation. වයස අවුරුදු 80 දී විතර විශ්‍රාම වැටුප අහෝසි කරලා ජීවත් වෙන්න තිබෙන එකම ආදායම අහිමි කලොත් ඒ අයට ඒ වයසේ දී රස්සාවක් කරන්නත් හැකියාවක් නෑ. ඒ නිසා ජනාධිපතිවරුන්ගේ විතරක් නොවේ කිසිම පුද්ගලයෙකුගේ ලැබෙන විශ්‍රාම වැටුපක් අහෝසි කරන්නත් බෑ. අඩු කරන්නත් බෑ.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියන එක මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක්. ඒකෙන් පේන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු මාලිමා මැතිවරණ ප්‍රකාශනය සකස් කරපු කමිටුවේ සිටියේ නෑ කියන එකයි. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ කීර්තිමත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන කේ ටී චිත්‍රසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ගැන කමිටුවක් පත් කලා. ඒ කමිටු වාර්තාව ගැන ආණ්ඩුව සද්ද බද්ද මුකුත් නෑ. හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැකියාවක් නෑ කියලා මේ කමිටුව දැනටමත් ආණ්ඩුවට දන්වලා ඇති. ඒකයි නිල නිවාස වලින් එළියට ඇදලා දමනවා කියලා තර්ජනය කරමින් විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පොරොන්දුව අමතක කරන්න උත්සාහ කරන්නේ.

කිසිම අධ්‍යනයකින් තොරව හුදු ජනතාව රවටා ඡන්ද ගැනීමේ අරමුණින් මාලිමාව ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු වැලෙන් ව්‍යවස්ථාව පවා උල්ලංඝණය වන එකම බොරුව බවට හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ යෝජනාව පත් වෙනවා. තමන් ලබා දුන් බොරු පොරොන්දු සිහිපත් කරන විපක්ෂයේ දේශපාලකයින් මර්දනය කිරීම සහ මඩ ගැසීම අද ආණ්ඩුවේ එකම උපාය මාර්ගය වී තිබෙනවා.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

ඊලගට ඔබතුමාද අත්අඩංගුවට පත්වෙන්න ඉන්නේ.

පිළිතුර

සාමාන්‍යයෙන් ආණ්ඩුව විචේචනය කලාම ආණ්ඩුවේ මර්ධනයට ලක්වීම සාමාන්‍ය තත්වයක්. යහපාලන ආණ්ඩුවට මෙන්න මේ ආණ්ඩුවටත් පලමුවෙන්ම බරපතල චෝදනා එල්ල කරමින් නිහඩතාව බින්දේ මම. දැන් අපි අනික් අයගේ බය ඇරිය නිසා අද විහාල පිරිසක් ආණ්ඩුවට එරෙහිව කතා කරනවා. එහි ප්‍රතිපල විදිහට දැන් ආණ්ඩුව සමූපකාර ඡන්ද පරදිමින් ඉන්නවා.

මම බරපතල වරදවල් දෙකක් කරලා තියෙනවා. මම සතියට දවස් පහක්වත් පොල් සම්බෝල කනවා. මෙරට පොල් හිගයට හේතුව ගම්මන්පිල පොල් සම්බෝල කෑම කියලා මාව අත්අඩංගුවට ගන්න ගැනීමේ අවධානමක් තියෙනවා.

ඒ වගේම පාර්ලිමේන්තු සත්තව සුබසාදක සංගමයේ සාමාජිකාවක් වෙලා වත්මන් අගමැතිතුමියත් හිටියා. එහි සභාපති ධුරයේ හිටියේ මම. මම එම සංගමයට යෝජනා කලා මිනිසුන් කෑම අපතේ දමනවා. ඒවා අපතේ දැමීම වෙනුවට බල්ලන්ට කෑමට දීම ප්‍රචලිත කල යුතුයි කියලා. මොකද බලුකපුටු දානය කියන්නේ අපේ සංස්කෘතියේ කොටසක්. දැවැන්ත පරීක්ෂණයකින් පස්සේ බල්ලන් බත්කෑම සහල් හිගයට හේතුවක් කියලා අතිගරු ජනපතිතුමන් හොයාගෙන තියෙනවා. මෑතක සිට බල්ලො කඩේ ගිහින් හාල් අරගෙන ඇවිල්ලා උයාගෙන කන්න පටන්ගෙන ඇති. මොකද ඉතිහාසය පුරාම අපි ගෙදර බල්ලට පූසට බත් දැම්මේ අපේ කෑම වේලේ කොටසක් විදිහට. අපේ ඒකපුද්ගල සහල් පරිභෝජනය ඇතුලේ බල්ලා පූසා කාපු බත් ටිකත් තියෙනවා. නමුත් මට පේන විදිහට නම් ජනාධිපතුමන් හොයාගෙන තියෙනවා බල්ලෝ පූසෝ කඩේ ගිහින් සහල් ගෙනත් උයාගෙන කන්න පටන්ගෙන එම නිසා සහල් පරිබෝජනය වැඩිවෙලා කියලා. ඉතිං මම බල්ලන්ට බත් දීම ප්‍රචලිත කරන්න යෑමත් ජාතික අපරාධයක් වෙලා තියෙනවා.

මේ ජාතික අපරාද දෙකටම මම වගකිව යුතු නිසා ඕනෑම මොහොතක මාව අත්අඩංගුවට ගැනීමේ අවධානම තියෙනවා.

සම්බන්ධිත පුවත් | Related News

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
රට තුළ වර්ධනය වෙමින් පවතින ඒකාධිපති පාලන ප්‍රවණතාවන්ට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලුම සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ මහජනතාව එකාබද්ධ විය යුතු බව මහජන කේන්ද්‍රය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරනොදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.
මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
උසස්පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (13) පැවැති මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම දිස්ත්‍රික්කයේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

ප්‍රධාන පුවත්

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.