අපි හිතා මතාම තමයි වී කිලෝවක අවම මිල තවමත් ප්‍රකාශ නොකර ඉන්නේ...මොකද අපිට මේකේ නාඩි හොඳට තේරෙනවා. - නාමල් කරුණාරත්න
වී සඳහා අවම මිල නියමිත වේලාවට තීරණය කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දැන් කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අමු තෙත වී පසුගිය දවස් වල රු.140ට ගියා. දැන් ඒක ටික ටික පහලට ඇවිල්ලා තියෙනවා. එතකොට වේලපු වී කිලෝවක් කීයක් වෙනවාද? රු.160ට ආසන්න මිලක් වෙනවා. මේ විකෘතියක්නේ. එහෙම ගියොත් සහල් කිලෝ එකක් කීයක් වෙයිද? රුපියල් 300ක්වත් වෙයි සහල් කිලෝ එකක්. මේ විකෘතිය තමයි ගොයම් කපන කාලයට නිර්මාණය කරන්නේ. මොන තත්ත්වයක් යටතේ වුණත් ගොවි ජනතාව වැඩි මිලකට මේ වෙලාවේ වී විකුණනවා. ඒකට අවස්ථාව අපි දෙන්න ඕනී. අපේ රජය අවම මිල නියම කළොත් මොකක්ද වෙන්නේ? විකෘති තත්ත්වයක් යටතේ පවතින මිල පහලට එනවා. ඒක තුළ ගොවිජනතාවට නැවත අසාධාරණයක් වෙනවා. අපි හිතා මතාම තමයි මේ වි කිලෝ එකේ අවම මිල තවමත් ප්‍රකාශ නොකර ඉන්නේ. මොකද අපිට මේකේ නාඩි හොඳට තේරෙනවා. කල් යල් බලලා අවම මිල අදාල වෙලාවට අපි නියම කරනවා. ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..