පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම ඇවිත් තෙත වී කිලෝව රුපියල් රුපියල් 150-170 මිළකට මිළදී ගන්නවා. එක වී ඇටයක් අපි ආණ්ඩුවට දෙන්නේ නැහැ- ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම
ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුව වී සඳහා මෙතෙක් සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බව පැවසීය. පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම පැමිණ තෙත වී කිලෝව රුපියල් 150-170 අතර මුදලකට මිළදී ගනිමින් සිටින බැවින් පුද්ගලික අංශයට වී දෙනවා මිස තුට්ටු දෙකට වී මිලදී ගන්න බලාගෙන ඉන්නා රජයට ලබා නොදෙන බවත් අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින්,
“මේ වන විට බඳගිරිය හා වලව කලාපයේ ඇතැම් කුඹුරුවල අස්වනු නෙළමින් තිබෙනවා පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම ඇවිත් වැඩි මිලට වී මිලදී ගන්නවා.ගොවියා බලන්නේ තමන්ගේ අස්වැන්න වැඩි මිලකට අලෙවි කර ගන්නයි.මේ දිනවල අස්වනු නෙළන කුඹුරුවල වී පුද්ගලික අංශයෙන් කිලෝව රු.170 බැගින් මිළ්දී ගෙන වේලලා හාල් කිලෝව රුපියල් 290-300 අතර මුදලකට විකුණනවා. ආණ්ඩුවට මේක නවත්තගන්න බැරි එකේ කොහොමද වී වලට සහතික මිලක් දෙන්නේ. මේ අය විපක්ෂයේ ඉන්න කාලේ කියපු එකක්වත් බලයට ආවම කළේ නෑ. දැන් රට පුරාම වී අස්වනු නෙළමින් ඉන්නේ. ඉතින් රජය තවම කල් මරමින් ඉන්නවා වී සඳහා සහතික මිලක් ගන්න. මේ වෙන කොට මාධ්‍ය මගින් අපි දැක්කා රජය වී රුපියල් 130ට පමණ මිළදී ගන්න හදනවා කියලා. අපි වලව ගොවියෝ හැටියට රටට කියනවා ගොවියගේ වී අස්වැන්න තුට්ටු දෙකට ගන්න නම් රජය හදන්නේ. හැබැයි අපි එක වී ඇටයක් රජයට දෙන්නේ නෑ.
ආණ්ඩුවේ ගබඩා වලින් වී ගන්නේ කබලේ දමලා බැද්ද වගේ වේලුවට පස්සේ. ඒ විතරක් නෙමේ ආණ්ඩුවේ ගබඩාවට වී ටික අරගෙන ගිහින් දවස් ගානක් පෝලිමේ ඉඳලා විකුණපු වී වල සල්ලි ටික ගන්නත් තව දවස් ගානක් නිළධාරින්ගේ පස්සේ යන්න ඕනේ.
හැබැයි පුද්ගලික අංශය එහෙම නෑ. ඒ අය කුඹුරටම ඇවිත් තෙත බරෙන්මයි වී මිලදී ගන්නේ. වී කිලෝවක් 150-170 අතර මුදලකට. එතකොට ගොවියට වී වේලන කම්කරු කුලියත් කාලයත් දෙකම ඉතුරුයි.
ලොකු ලාභයකුත් ඇවිත් පුද්ගලික අංශයෙන් අමු වී ටික ගෙනිහින් වේලලා කොටලා වෙළෙඳපොළට දමනවා. ඇයි ආණ්ඩුවට බැරි මේ විදියේ වැඩ පිළිවෙළක් හදන්න. ගොවියා ණය වෙලා මේ කුඹුරු කරලා තියෙන්නේ.
මේවගේ අස්වනු නෙළන කොට ණය කාරයෝ පස්සෙන් වනවා. ඒවා ගෙවන්න ඕනේ.ඒ නිසා ගොවියට වී ටික විකුණන කොට එවෙලේ අතට සල්ලි ලැබෙන්න ඕනේ. ආණ්ඩුව මාධ්‍ය ඉස්සරහ ඉඳගෙන කයිවාරු ගැහුවට එක නිලධාරියෙකුවත් තවම ගොවි බිමකට ඇවිත් මේ ගැන හොයලා බලලා විමසලා නෑ.ගොවියගෙ දුක මේ ආණ්ඩුවටත් අද අමතක වෙලා තියෙනවා.
පසුගිය දින පැවති හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටුවේදීත් මේ වී මිල සම්බන්ධයෙන් සාකච්ජා වුණා.එහිදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා කිව්වේත් ඉදිරියේදී වී සඳහා ස්ථාවර මිලක් නියම කරන්න රජය බලාපොරොත්තුවෙන් ඉන්න බවයි.පුද්ගලික අංශයේ අය වී මිලදීගෙන ඉවර වුණාම රජය වී වලට සහතික මිලක් නියම කරලා වැඩක් නෑ. ආණ්ඩුවෙන් වී ගත්තත් ගන්නේ එක් ගොවියෙකුගෙන් සීමා සහිත වූ කිලෝ ප්‍රමාණයක් විතරයි. ඒවායේ සල්ලි ගන්නත් පෝලිමේ ඉන්න ඕනේ.
ගොවියගේ ඉතුරු වෙන වී ටික පුද්ගලික මෝල් හිමියන්ට දෙන්න වෙන්නෙ. එහෙම බැලුවම වී ටික එක සැරේටම පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයාටම දෙන එක ගොවියට වාසියි. ආණ්ඩුවෙන් වී ගත්තත් ඒවා කොටලා වෙළෙඳ පොළට වවන්න පුද්ගලික අංශයේ සහාය ගන්න වෙනවා.ඒ නිසා අපි රජයට කියනවා වහාම වී සඳහා සහතික මිලක් නියම නොකර මේ වීදියට කල් මරමින් ඉන්නවා නම් අපි රජයට එක් වී ඇටයක්වත් දෙන්නේ නෑ.”
– සූරියවැව නුවන් ජයසේකර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර